ගාසා හි අල් අහ්ලි අරාබි රෝහල පුපුරවා හැරීම ඊශ්‍රායල වැඩක් ද?

.ඊශ්‍රායල් හමුදා ගාසා තීරයේ අල් අහ්ලි අරාබි රෝහලට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සහ රැදි සිටි 450 ක් පමණ පිරිසක් මිය ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

ඊශ්‍රායප හමුදාව විසින් වටලනු ලැබු ගසා තීරයේ අල් අහ්ලි අරාබි රෝහලට එල්ල කළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පලස්තීන අධිකාරීය ඊශ්‍රායල් නෙතන්යානු ආණ්ඩුවට චෝදනා කළහ .

පලස්තීන අධිකාරීයේ එම චෝදනාව නෙතන්යානු ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ අතර පලස්තීනය තුළ ක්‍රියාත්මක ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කරන ලද රෝකට්ටුවක් වැරැදිමකින් රෝහල මතට පතිත විම නිසා සිදු වු පිපිරීමක් බව ඊශ්‍රායලය පවසයි .

අල් අහ්ලි අරාබි රෝහල පුපුරා යෑමෙන් මිය ගිය අයගේ මෘත දේහය ලසා තීරයේ ෂිෆා රෝහල ඉදිරිපස ‌ගොඩ ගසා ඇති අයුරු.( photo -Khaled -AP)

එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ද අල් අහ්ලි ආරාබි රෝහලට එල්ල කළ ප්‍රහාරයේ වගකිම මුළුමනින්ම පලස්තීන සටන්කාමීන් මත පටවා ඇත.

අල් අහ්ලි රෝහලට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අරාබි රාජයන් ඊශ්‍රාලයට චෝදනා කරයි .

ඊශ්‍රායලය සහ ගසා තීරය අතර යුද ගැටුම් උත්සන්නව තිබියදී , අල් අහ්ලි රෝහල පුපරව යැමේ විනාශකාරී සිදු වීම සමිබන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරික්ෂණයක් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා ඇත.

රෝහලට එල්ල කළ ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයින් 470 කට වැඩි පිරිසක් මිය ‌ගොස් ඇතැයි ඒ රට සෞඛ්‍ය අමාත්‍යංශය පවසා ඇත. පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය එම ප්‍රහාරයෙන් මිය ගිය ගණන ගැන හිතාමතා පුම්බා ඉදිරිපත් කර ඇතැයි පෙන්වා දෙන අතර එක්සත් ජනපද බුද්ධි අංශ වලට අනුව මිය ගිය ගණන 100 සිට 300 ක් වන බව තක්සේරු කර ඇත.

රෝහල පුපුරා යෑමට දින කිපයකට පෙර ඊශ්‍රායලය විසින්ගා ගොඩබිම් ප්‍රහාරයකට සුදානම් වන නිසා තීරයේ උතුරේ සිටින පලස්තීනුවන් 1.1 කට දකුණ කොටසට ඉවත්ව යන ලෙස නියෝග කර තිබුණි .

ගසා තීරයේ ඇග්ලිකන් පල්ලියක පවත්වගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානයකට ද ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ලකර ඇති අතර එහි දී කිපදෙනෙකු මිය ගොස් තිබිණ . අල් අහ්ලි අරාබි රෝහල පුපුරා යෑමට පෙර එයින් ඉවත්ව යන ලෙසට ඊශ්‍රායලය විසින් අනතුරු ඇගවිම් නිකුත් කර තිබි ඇත.

පුපුරා ගිය ස්ථානයට සාක්ෂි එකතු කිරීම සදහා එහි යෑමට උත්සහ කළ ද එම ප්‍රදේශයට අඛණ්ඩව එල්ල වන ප්‍රහාර හමුවේ රෝහල වෙත ලගා විය නොහැකි බව අල් ජාසීරා අයතනය පවසයි

තොරුතුරු සහ ජායාරූප අල් ජාසීරා ඇසුරින් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *