පිළියන්ද පොලිස් මැරයන් ධර්ම චක්‍ර ක්‍රමයයොදා ගෙන වධදුන්නා යැයි තරුණයෙකු රෝහල් ගත වෙයි

පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ධර්ම චක්‍ර ක්‍රමය භාවිතා කොට වධහිංසා පමුනුවා වම් බාහුව පිහියකින් කපා ,පහර දුන්නා යැයි තරුණයෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට පෙරේදා (04) සවස ඇතුල් වී නේවාසිකව ප්‍රතිකාර ගනී .

පිළියන්දල පොලිසිය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන වධහිංසා පමුනුවා ඇත්තේ , ලහිරු විකුම් දේවප්‍රිය නැමැති තරුණයාව වන අතර ඔහුගේ වයස අවුරුදු 29 කි . දේවප්‍රිය උසස් පෙළ සමත් අවිවාහකයෙකි . ඔහු කලින් මත්දව්‍ය වලට ඇබ්බැහි වී සිටි තරුණයෙකි.

ධර්ම චක්‍ර ක්‍රමය යනු හිටපු ජනාධිපති පේමදාසගේ කුලී හමුදා 1988-89 යේ තරුණයන්ට වධ දිම සදහා යොදාගත් වධක ක්‍රමයකි . ඇදුම් ගලවා අත් දෙක දණ හිසට තබා බැද , බඩ මැදින් ‌පොල්ලක් යවා ,එම පොල්ල මේස දෙකාක් හෝ පුටු දෙකක ඇන්ද මත රදවා සිදු කරන පහර දීම ධර්ම වක්‍ර වධක ක්‍රමය වේ . මෙසේ බඩ මැදින් පොල්ලක් දැමු පසු වධ බන්ධනයට ලක්වන පුද්ගලයාව බෝලයක් මෙන් කරකවා පහරදිය හැකිය . 1988 වර්ෂයේ මෙම ඉරිඅවුවෙන් තබා වධ දුන් සමහරක් තරුණයන් ගේ ගුද මර්ගයේ කටුකම්බි යැවු අවස්ථා ද අසන්නට ලැබිණ .

ඔහු නො ; 321/2 ක මිරිස් වත්ත පිළියන්දල ලිපිනයේ පදිංචිකරුවෙකු වන අතර යතුරු පැදියක් සොරාකම් කළා යැයි සිද්ධියක් සම්බන්ධයෙන් දේවප්‍රියව අත්අඩංගුවට ගෙන ඇත.

පිළියන්දල පෙලිසියට අනුයුක්තව සේවය කරන ප්‍රසන්න සහ රත්නායක යන නිලධාරීන් මාර්තු 25 දහවල් දේවප්‍රියව මිරිස් වත්ත පිළියන්දල නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන පසුව බටකැත්තර සාරභුමී නිවාා සංකීරණයට රැගෙන ගොස් පිහියකින් වම් බාහුව කපා පහර දුන් බව ඔහු රෝහලේ දී අප සමග පැවසීය .

දේවප්‍රියගේ පිට පුරා හොස් බටයකින් පහර දුන් පහරවල් දකින්නට ලැබෙන අතර ඔහුගේ මුත්‍රාශයට සහ ඉලඇට ප්‍රදේශයට පපයින් පහර දීම නිසා දේවප්‍රිය ඉතා අපහසුවෙන් සිටින බව අපට දකින්නට ලැබිණ . අප යන විටත් වෛද්‍යවරු දේවප්‍රිය පිරික්ෂා කරමින් සිටියහ .

දේවප්‍රියව පිළියන්දල පොලිසිය මගින් මාර්තු 25 අත්අඩංගුවට ගෙන දින 04 ක්ද පොලිසියේ රදවාගෙන මංචු වලින් ,එල්ලා පහර දී ඇත. පිළියන්ද පොලිසිය තරුණයෙකු රදවාගෙන මෙසේ අමානුෂික ලෙස පහර දෙන බව දැනගත් , සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන අතර පසුව ජුලි 27 වනදා මානව හිමිකම් කොමිසම් සභාවේ නිලධාරීන් පිළියන්දල පොලිසියට පැමිණ පරික්ෂා කරද්දී . ඒවැනි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තේ නැතැයි පවසා ඇත.

”මානව හිමිකම් නිලධාරීන් එන කොට මා රදවගෙන හිටියේ අපරාධ අංශයේ . මානව හිමකම් ආවා කියපු ගමන් මාව එතැන තිබුණ මේසයක් යටට එබුවා . පස්සේ මාව පොලිසියේ පිටි පස්ස දොරෙන් ත්‍රිරෝද රථයක දාගෙන එළියට අරගෙන ගියා . මානව හිමිකම් නිලධාරීන් ගියාට පස්සේ තමා මාව නැවත පොලිසියට අරගෙන ආවේ . මානව හිමිකම් ගියා කියලා අම්මාට අම්මා මතක් කරලා බැන්නා . නැවත අත්අඩංගුවට ගන්නා සෑම වාරයක් පසාම අයිස් බිස්නස් කළා කියලා හයිකෝට් නඩු දමන බවට ප්‍රසන්න නැමැති කොස්තාපල්වරයා තමන්ට තර්ජනය කළ බව” දේවප්‍රිය අප සමග පැවසීය .

දේවප්‍රියගේ වම් බාහුව පිහියකින් කපා අමානුෂික ලෙස පහර දී ඇත්තේ ප්‍රසන්න නැමති කොස්තාපල්වරයා විසිනි .

දේවප්‍රියව මාර්තු 29 වෙනිදා කැස්බෑව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන අතර පසු අප්‍රේල් 03 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය . පිළියන්දල පොලිසිය ඔහුව කැස්බැව ‌අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ අත්අඩංගුවේ සිටියදී වරෙන්තු වු නඩුවක් සම්බන්ධයෙනි . අප්‍රේල් 03 වෙනිදා වරෙන්තු නඩුවට ඇප නියම කරන ලදි .‍

යතුරු පැදියක් සොරකම් කළ යැයි කියන නඩුව අප්‍රේල් 04 වනදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැද වු අතර පසුව එම නඩුවට ද ඇප නියම කරන ලදි . ඇප මත නිදහස් වු දේවප්‍රිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදසි අනතුරු අංශයට ඇතුලත් වු ඔහුව වෛද්‍ය පරික්ෂාවකිිින් පසු වාට්ටු අංක 27 ඇතුළත් කරන ලදී .

ඔහු සොරා ගත්තා යැයි කියන යතුරු පැදිය ඔහුට දී ඇත්තේ මිත්‍රයෙකි . එම මිත්‍රයා දේවප්‍රියට යතුරු පැදිය දී විදේශ ගත වි ඇත. පොලිසිය එම යතුරු පැදියට අතරව දේවප්‍රියගේ අම්මා අරන් දුන් සී. ඩි. ඉසෙඩ්. 6365 අංකය දරණ යතුරු පැදිය ද අත්අඩංගුවට ගෙන තිබෙි . ඊට අමතරව ඔහුගේ නිවසේ තිබු අධ්‍යාපන සහතික සහ තවත් ලියවිලි රැසක් පොලිසිය භාරයට ගත් බව දේවප්‍රියගේ මව වන එන් .එල් .ඩි.කාන්ති අප සමග පැවසුවාය .

පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති අත්තන ගමගේ පලයන් බැල්ලී කියා තමන්ව එළවා ගත් බවත් මගේ ප්‍රශ්නයට සවධානව ඇහුකම් දී පැමිණිල්ල ලියා ගැනීමට කටයුතු කළේ ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහ පමණක් බවත් ඇය වැඩිදුරටත් අප සමග කීවාය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *