ජාජබ ආණ්ඩුවේ මංගල අයවැය මැජික් අයවැයක්

ප්‍රියන්ත සිල්වා විසිනි
2025 වසරේ අයවැය යෝජනා වත්මන් රජයේ මුදල් අමාත්‍යවරයා,අනුර කුමාර දිසානායක ජනපතිවරයා විසින් ඉදිරිපත් කරන ලදි.එය මෙම රජයේ ප්‍රථම අයවැය යෝජනාවලිය වන අතර මෙරට ජනතාව විශේෂ අවධානයකින් බලා සිටි අයවැයක් ලෙස හැඳින් වුවහොත් නිවැරදිය.මෙම අයවැය රටේ සෑම පාර්ශවයක්ම ආවරණය වන ලෙස ඉදිරිපත් කරන ලද අයවැයක් ලෙස රජයේ නියෝජිතයෝ ප්‍රකාශ කරති.එසේ වුවද ,ජන සමාජයේ විවිධාකාර අදහස් උදහස් අයවැය යෝජනා සම්බන්ධයෙන් පැන නැගෙමින් තිබේ.
බොහෝ දෙනෙකු අයවැය ගැන, තම තමන්ගේ දෘෂ්ඨි කෝණයෙන් අදහස් ඉදිරිපත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.’අයවැය ඉදිරිපත් කර ඇත්තේ පවත්නා ආර්ථික පසුබිම පදනම් කරගෙනය’ යන්න යථා ස්භාවය වුවද වත්මන් රජයේ මැතිවරණ ක්‍රියාවලිය තුල ප්‍රකාශ වූයේ ,පවත්නා ක්‍රමය කඩා බිඳ ඉදිරියට යන අයවැයකි.මේ ස්භාවය ප්‍රකාශිත අයවැය යෝජනාවලින් විදාරණය නොවූ බව බොහෝ දෙනෙකුගේ විවේචනයයි.
නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයම ඉදිරියට ගෙන යාමේ වැඩ පිළිවෙලක් මේ තුලින් ප්‍රකට වන බව සමාජයේ සාකච්ඡාවට ලක්ව තිබේ.මෙය තවත් අතකින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවල දිගුවක් ලෙසද ඇතැම්හු අදහස් කරති.
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින් සඳහා සහන ලබාදීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් උද්දාමයෙන් කතා කරති.රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම්,සුභ සාධන සේවා ශක්තිමත් කිරීම් පිළිබඳ ජනතාවගේ ඇති ප්‍රසාදය ගැන ගැටලුවක් නැත.නමුත් මෙම වියදම් ලබාගන්නේ කෙසේද යන්න ප්‍රශ්නගත තත්ත්වයකි. ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් නොමැති වටපිටාවක මෙම ගැටලුකාරිත්වය බරපතල ලෙස ඉස්මතු වේ.
මෙවැනි තත්ත්වයක් යටතේ මෙම වියදම් පියවා ගැනීම සඳහා පාලකයින්ගේ අවධානය වහාම යොමු වන අංශ කීපයකි.දේශීය හා විදේශීය මූලාශ්‍රයන්ගෙන් ණය ලබා ගැනීම මින් ප්‍රමුඛය.එමෙන්ම බදු ප්‍රතිපත්තිය වෙත නැඹුරු විය හැක.එසේත් නැතිනම් මෑත කාලීන ආණ්ඩු විසින් අනුගමනය කළ ප්‍රචලිත ක්‍රමවේදයක් වූ නව මුදල් නිකුත් කිරීම වෙත පිවිසිය යුතුය.
ආර්කය මුහුණ පා සිටින ණය කන්දරාව වෙත ආපසු හැරී බැලීමේදී අප යලි යලිත් එම මර උගුලේ හිරවීම පිළිබඳ සිතා බැලීම අතිශය වැදගත් කරුණකි.නව රජය පසුවන්නේද ,කෙටි කාලයක් තුල විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බවට බලවත් විවේචන එල්ල වී තිබෙන අවස්ථාවකය.නව බදු පැනවීමක් හෝ බදු වැඩි කිරීමක් සිදු කර නොමැතියැ යි අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළද ,රජයේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් වූ ‘වැට් බදු’අවම කිරීම හෝ අහෝසිය ගැන සදහනක් නොවීම ජනතා අප්‍රසාදයට හේතු වී තිබේ.
රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් සිදු වුවද පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම කෙසේ සිදුවේද යන්න ගැන පෞද්ගලික අංශයේ සේවකයෝ විමසිලිමත් වෙති.මේ සම්බන්ධයෙන් ආයෝජකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව සමග එකඟතාවයන් ඇතිකර ගත් බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළද එහි නිශ්චිත තීරණ මොනවාද යන්න ප්‍රකාශ වී නොමැත.රු.24’250 මූලික මාසික වැටුප රු.40’000 දක්වා වැඩි වන්නේ මාස 20 කිනි.පළමු වැටුප් වැඩිවීම මෙම වසරේ අප්‍රේල් මස සිදුවන බවද ප්‍රකාශ කෙරේ.
මේ අතර ගොවි ජන ක්ෂේත්‍රයෙන්ද විවේචනාත්මක ප්‍රකාශනයන් පැන නැගේ.කෘෂි නිෂ්පාදනවල නිෂ්පාදන පිරිවැය අවම වන්නේ නම් ලාභදායී නිෂ්පාදනයක් හා පාරිභෝගිකයින්ට සහනදායි මිලක් ලබාගැනීමේ හැකියාවක් තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.ඒ අනුව නිෂ්පාදන පිරිවැය සඳහා ඇති බදු අඩුවීම සහ ඉන්දන, පොහොරවලට සහනාධාර ක්‍රමයක් ඔවුන්ගේ යෝජනා අතර පවතී.
මෙවැනි යෝජනාවල ඇති ඵලදායීතාවය ගැන ධීවර ප්‍රජාවද අදහස් ඉදිරිපත් කරති.ඔවුන්ගේ කර්මාන්තය සම්බන්ධයෙන් ඇති නිෂ්පාදන පිරිවැය ගැන ඔවුහු මැසිවිලි නගති.මේ අනුව සමස්ත ප්‍රජාවගේම අවශ්‍යතාවයන් වෙත විසඳුම් ලැබෙන යෝජනා අයවැයෙන් ඉදිරිපත් වුනාද යන්න විවේචනාත්මකය.
රාජ්‍ය සේවකයින්ට මෙතෙක් ලැබෙන දීමනා හා ක්‍රමිකව සිදුවන වැටුප් වැඩිවීම් පිළිබඳව උද්‍යෝගිමත් තත්වයන් නිරූපණය වෙමින් පවතී.ඒ අනුව මූලික වැටුප වැඩිවීම යටතේ ඔවුන්ගේ අතිකාල දීමනා,සංයුක්ත දීමනා ඇතුලු වෙනත් ගෙවීම් ඉහල යාම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින්ගේ ඇත්තේ සුභවාදී දැක්මකි.ඔවුන්ගේ මහත් අභිරුචියට හේතු වී ඇති මෙම එළි දැක්වීම් රනිල් වික්‍රමසිංහගේ යෝජනාවලම මග හැරුණු අවශේෂ බව ඔවුන් නොදන්නවා විය හැක.එසේ වුවද ,මෙම රජය බලයට ගෙන ඒමට ක්‍රියා කළේ රාජ්‍ය සේවකයින් පමණද යන විවේචනය වැඩ කරන ජන කොටස් අතරින් මේ වන විට මතු වෙමින් තිබේ.
අත්‍යවශ්‍ය ආහාර හා දෛනික අවශ්‍යතා සඳහා අවශ්‍ය ද්‍රව්‍යවල මිල පහල නොයාම සම්බන්ධයෙන් ස්වයං රැකියා නියුක්තිකයින්, දෛනික වැටුප්ලාභීන් හා සාමාන්‍ය ජනතාව බලවත් ආර්ථික අපහසුතාවයන් රාශියකට පොදුවේ මුහුණ දෙති.වඩු කාර්මික හා වෙනත් සුලු කර්මාන්ත කරුවන්ගේ තත්ත්වය ද මෙයයි.එම ක්ෂේත්‍රවල නිෂ්පාදන වියදම් සහ නිමැවුම්වල වෙළඳපල තත්ත්වයන් පිළිබඳ බලවත් ගැටලුකර ස්වභාවයන් පවතී.
මේ අතර සීඝ්‍ර වර්ධනයක පවතින ගෝලීය ප්‍රාග්ධනයේ දැවැන්ත අභියෝගයට ලෝක ජනතාව මුහුණ දී සිටිති.ලාංකේය කම්කරු පංතියද මෙහිම කොටස්කරුවෝ වෙති.මෙහි පවත්නා පසුබෑමේ ලක්ෂණය වන්නේ වෘත්තීය සමිති හරහා සංවිධිත වූ කම්කරු ව්‍යාපාරයද කම්කරු පංතියේ දේශපාලන මතවාදයෙන් ඈත් ව සිටීමයි.
මේ අභියෝග සමග බද්ධවන,මහා පරිමාණ ප්‍රාග්ධනය සමග ඇති සටන තියුණු මුහුණුවරක් ගෙන ඇත.මේ සමග ඍජුවම ගැටෙන කම්කරු පංතියට මෙහි තීරක කාර්යය කොටසක් සිදු කිරීමට නියමිතය.දැනට මතු වී තිබෙන සුභවාදී ආකර්ෂණයන් තාවකාලික ආරූඪ කිරීම් පමණි.මෙහි සුවිශේෂී බලපෑමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාන්විත මගින් සිදු කෙරේ.වත්මන් ආණ්ඩුව මෙම ක්‍රියාන්විතයන් සමග පූර්ණ වශයෙන් බැඳී සිටී.මේ නිසා මෙම ප්‍රතිචාරයන්ට මුහුණ දීමේ දේශපාලන සවිඥානය වෙතට කම්කරු පංතිය පිවිසීම අනිවාර්ය සාධකය වී තිබේ.ඒ සඳහා එක්සත් දේශපාලනික එකඟතාවයක් ඇති කර ගැනීමේ අවස්ථාව මග හැරිය නොහැකි ලෙස මතු වී ඇත.