කොට්ටාවේදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි

කොට්ටාවේදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි

කෙට්ටාව මාලපල්ල ප්‍රදේශයේ අද (08) සිදු කළ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

වෙඩි තැබිමෙන් මිය ලොස් ඇත්තේ අවුරුදු 43 ක් වයසැති ඇඹිලිපිටියේ කුඩුගොඩ ආර හයේ කනුව හික්කඩුව ගෙදර පදිංචි අලගවත්ත ඩබල්ගේ ජගත් නැමැත්තාය.

වෙඩි වැදී මිය පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිනි පුද්ගලයෙකු එම වෙඩි තැබිම සිදු කර පළාගොස් ඇතැයි හෝමාගම පොලිසිය මගින් සිදු කළ විමර්ශන වලින් අනාවරණය කරගෙන ඇත.

එම වෙඩි තැබීම සිදු කර ඇත්තේ 9mm ස්ව්‍යං ක්‍රීය ගිනි අවියකින් බව‌ෙ පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *