තුසිත හල්ඹලුව ගමන් කළ රථයට වෙඩි තබා වටිනා ලියවිලි රැගෙන යයි

තුසිත හල්ඹලුව ගමන් කළ රථයට වෙඩි තබා වටිනා ලියවිලි රැගෙන යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂක ලෙස කටයතු කළ හා ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඹලුව ගමන් කළ රථය හරස් කළ යතුරු පැදියකින් පැමිනි නාදුනන තුවක්කුකරුවන් දෙදනෙක් , අහසට සහ ඔහු ගමන් කළ රථයට වෙඩි තබා බිය ගන්නවා එම රථයේ තිබු වටිනා ලියවිලි වගයක් රැගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග තහවුරු කළේය.

හල්ඹලුව ගමන් කළ රථයට වෙඩි තබා ඇත්තේ නාරාහේනපිට පෞද්ගලික රෝහල ඉදිරිපිටදීය.

ශල්ඹලුවට වෙඩි තැබිමෙන් කිසිදු හානියක් සිදු වී නැති අතර ඔහු සමග එම වාහනයේ ගමන් කළ නීතිඥවරයෙකුට සුළු තුවාල සිදු වි ඇති බවත් නාරාහේන්පිට පොලිසිය පැවසිය.

හල්ඹලුව පසුගිය දා ජනාධිපති අනුර කුමාර දිසානායකට එරෙහිව අවමන් සහගතව සහ අසත්‍ය කරුණු මාධ්‍ය වෙත ඉදිරිපත් කළා යැයි ඔහු චෝදනා එල්ල විය. හල්ඹලුවට එරෙහිව ජනාධිපතිවරයගේ උපදේස් මත නීතිඥ අකලංක උක්වත්ත අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ පැමිනිල්ලක් දමන ලදි.

ජනාධිපතිවරයාගේ පැමිනිල්ල මත අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේන ඔහුව එම දෙපාර්මේන්තුවට කැදවා කටඋත්තරයක් ද ලබාගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *