ජාජබ /ජවිපෙ ආණ්ඩුව ඊශ්‍රායෙලය පිනවීමට මොහොමඩ් සුහායිල් හිරේ දමයි ! මර්දනකාරී ත්‍රස්ත පනතෙන් රදවා සිටින සුහායිල් වහා නිදහස් කරනු!

ශාන්ත විජේසුරිය විසිනි.
සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඊශ්‍රායල් කොඩියක් පාගාගෙන සිටින විඩියෝවක් තරුණයෙකු ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ හුවමාරු කළා යැයි දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදි පනත යටතේ මාස 09 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම තරුණයා එම පනත යටතේ අපරාධයක් කර නොමැති බව විමර්ශන වලදි අනාවරන වි ඇති බැවින්, ඔහුව ඇප මත මුද්රහරින්නැයි එම පොලිසියේ ස්ථානාධිපති අනුරාධ හේරත් කළ ඉල්ලීම අතීරේක මහේස්ත්‍රාත් හේමාලි හල්පන්දෙණිය ප්රතික්ෂෛ්ප කර ඇත.
සැකකරු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇති බවට සාක්කි තමන් සතුව ඇතැයි පොලිසිය මින් පෙර අධිකරණයට කරනු වාර්තා කර ඇති බවත් මාස 09 කට පසු සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂී නැතැයි පවසන්නේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරයා දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයගෙන් විමසා සිටියා..
තමන් විසින් නිදොස් කොට නිදහස් කළ තරුණයා නැවත අත්අඩංගුවට ගත්තේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් විමසා ඇති අතර දෙහිවල අල්විස් ප්‍රදේශයට නැවත පැමින සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා ඇත.
සුහායිල් ගුවන් කාර්ය මණ්ඩල පාඨමාලාවක් හදාරමින් සිටි අතර නැවතීමට කාමරයක් සෙවීම සදහා 2024 ඔක්තෝම්බර් 23 වනදා සවස අල්විස් ප්‍රදේශයට යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් පසුව හැදුනුම්පත ඉල්ලා සුහායිල් ලග එය නොතිබුන නිසා ඔහුව සැකකපිට අත්අඩංගුවටගෙන දෙහිවල පොලිසියට රැගෙන ගොස් තිබිණ. ඔක්තෝම්බර් 26 වනදා හැදුනුම්පතක් නැතැයි දෙහිවල පොලිසිය සුහායිල්ව ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් ඇති බවත් පසුව ඔහුගේ පියාවන මොහොමඩ් රිෆයි (43) නීතිඥයෙකු මාර්ගගයෙන් පුතාගේ හැදුනුම්පත මහේස්ත්‍රාත් හල්පන්දෙණිය හමුවට ඉදිරිපත් කර ඇති බවත් තරුණ ළමයි හැදුනුම්පත් නැතැයි මෙසේ අත්අඩංගුවට ගෙන හිරිහැර කරන්න එපා යැයි මහේස්ත්‍රාත්වරිය පොලිසියට බැණවැදි සුහායිල්ව නිදොස් කොට නිදහස් කරන්නැයි නියෝග කර කෙරිණ. අධිකරණය නිදොස් කොට නිදහස් කළ ඔහු තාත්තා සහ මාමා සමග රාත්‍රි 10 පමන මාවනැල්ලේ නිවසට යද්දී, දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් සුහායිල්ගෙන් කටඋත්තරයක් ගැනීමට අවශ්‍ය යැයි කියා ඔහුගේ දෙමව්පියන්ගේ සහ ඥාතීන්ගේ විරෝධය මැද බලහත්කාරයෙන් රැගෙනවිත් ඇත.
ලියුම්කරු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වු මොහොමඩ් කාදර් මොහොමඩ් සුහායිල්ගේ පියා වන මොහොමඩ් රිෆයි සොයා මාවනැල්ලට ගියෙමු. අපි එහි යන විටත් ඔහු උදයේ ආහාරය ගැනීම සදහා අපනශාලාවක් වෙත ගොස් සිටියේය. පසුව රිෆයි පැමින අපව ඔහු සේවය කරන සාප්පුව වෙත අපව රැගෙන ගියේය. ඔහු සිද්ධිය දිග හරිමින් අප සමග මෙසේ පැවසීය.

මොහොමඩ් සුහායිල්ගේ පියා මොහොමඩ් රිෆයි
මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. පවුලේ වැඩිමලා දුව එයා බැදලා ගියා . සුහායි කියන්නේ දෙවැනියා. තව පුතෙක් ඉන්නවා. එයා සමාන්‍ය පෙළ කළා. මම වැඩකරන්නේ රෙදි කඩයක මාවනැල්ලේ . දවසකට රුපියල් 2000 ක වැටුපක් තමයි ලැබෙන්නේ. ඒකෙන් අපි ජිවත්වන ගමන් පුතාට ඉගන ගන්න විදයම් කරන්නත් ඔ්නේ.
සුහායිල් කියන්නේ මගේ ලොකු පුතා. ඔහු සමාන්‍ය පෙළ දක්වා ඉගන ගත්තා. පස්සේ ගුවන් කාර්ය මණ්ඩල පාඨමාලාවක් කරන්න බැදුණා. පාඨමාලාව කරන්න කොළඹ නවතින්න වෙනවා. ඒ නිසා පුතා 2024 ඔක්තෝම්බර් 23 වනදා දෙහිවල වලට ගිහිල්ලා තියෙනවා කාමරයක් හොයන්න. දෙහිවල අල්විස් ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු පුතාගෙන් අහලා තියෙනවා කොහේද? යන්නේ කියලා. පුතා කියලා තියෙනවා කාමරයක් හොයන්න යනවා කියලා. පස්සේ පුතාගෙන් හැදුනුම්පත ඉල්ලලා තියේනවා . පුතා ගාව හැදුනුම්පත තිබිලා නැහැ. පුතාව දෙහිවල පොලිසියට අරගෙන ගිහිල්ලා එදිනම සවස 4ට පොලිස් නිලධාරියෙකු දුරකතනයෙන් මට කතා කරලා කිවිවා පුතා පොලිසියේ පුතාගේ හැදුනුම්පතත් අරගෙන එන්න කියලා. පස්සේ මම පුතාගේ හැදුනුම්පත වට්ස්ඇප් කරලා යැව්වා. පුතාගේ හැදුනුම්පත දිලා බිරිදගේ මල්ලිිව දෙහිවල පොලිසියට යැව්වා. දෙහිවල ස්ථානාධිපති පුතාව නිදහස් කරන්නම් කිව්වාට නිදහස් කළේ නැහැ. ඔක්තෝම්බර් 24 සවස පුතාව ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කළා. අපේ නීතිඥතුමා හැදුනුම්පත ඉදිරිපත් කළාට පස්සේ ළමයින්ට හැදුනුම්පත නැහැ කියලා හිරිහැර කරන්න එපා කියලා පුතාව නිදොස් කොට නිදහස් කරලා මහේස්ත්රාත්තුමීය පොලිසියට දොස් පැවරුවා.
පුතාට කන්න අරන් දිලා මමයි මස්සිනයි එදිනම රාත්‍රි 07 ට කොළඹින් මානැල්ල බස් එකට නැග්ගා. රාත්‍රි 10 වෙන කොට ගෙදරට ආවා. අපි ගෙදරට එනකොට මාවනැල්ල පොලිසියේ රාළහාමි කෙකෙක් අපේ ගෙදරට ඇවිල්ලා හිටියා. මම ඇහුව්වා ඇයි කියලා . ඊට පස්සේ කිවිවා පුතාගෙන් කට උත්තරයක් ගන්න තියේනවා කියලා . මම ඇහුව්වා උසාවියෙන් නිදොස් කොට නිදහස් කළ දරුවාගෙන් ඇයි කටඋත්තර ගන්නේ කියලා. මම ඊට විරුද්ධ වුණා. පස්සේ ඒ රාළහාමි කිව්වා අපි මාවනැල්ලට ගිහිල්ලා කටඋත්රයක් දෙමු කියලා. මම එකග වුනේ නැහැ. පස්සේ මාවනැල්ල රාළහාමි දෙහිවල ස්ථානාධිපතිතුමා දුරකතනයෙන් කතා කළා. පස්සේ ස්ථානාධිපතිතුමා සමග නිලධාරීන් පස් දෙනෙක් ආවා . මම ඇහුව්ව ඇයි ඔයා ආවේ කියලා . මුකුත් නැහැ පුතාගෙන් කටඋත්තරයක් අරගෙන හෙට උදේ 06 එවන්නම් කිව්වා. ඒහෙම දෙන්න බැහැ නිදහස් වෙලා දැන් තමයි ගෙදර ආවේ කියලා මම කිව්වා. දෙහිවල ස්ථාධිපතිතුමා කිව්වා මාවනැල්ල පොලිසියට ගිහිල්ලා ස්ථානාධිපතිතුමා හමුවෙමු කියලා යෝජනා කළා . පොලිසියට ගිහිල්ලා කටඋත්තරයක් දෙන්න කියා . මම බැහැ කිව්වා. ජිප් එක නතර කරලා තිබුනේ පහල, ඒතැනට අපිව එක්කරගෙන ගියා. ඒතැනට ගියාට පස්සේ මාවනැල්ලට නොවෙයි දෙහිවලට යන්න සුදානම් වුණා. මම පුතාව අරගෙන යන්න දෙන්න බැහැ කිව්වා. පස්සේ මම ජිප් එක ඉස්සරහාට පැන කිව්වා පුතාව අරගෙන යන්න දෙන්නේ නැහැ කියලා. දෙහිවල ස්ථාාධිපතිතුමා මාවනැල්ල ස්ථානාධිපතිතුමාට කතා කළා. පස්සේ දෙහිවල ස්ථානාධිපතිතුමා මට ඔහුගේ දුරකතනය දීලා කිව්වා මාවනැල්ල ස්ථානාධිපතිතුමා කතා කරනවා කියලා .මාවනැල්ල ස්ථානාධිපතිතුමා මට කතා කරලා කිව්වා බය වෙන්න එපා පුතාව යවන්න කටඋත්තරයක් අරගෙන හෙට උදේ එවයි කියලා. පස්සේ පුතාව දෙහිවල ස්ථානාධිපතිතුමා ජිප් එකේ දාගෙන අරගෙන ගියා. පස්සේ මේ ගැන පැමිනිල්ලක් දාන්න මම බිරිද පොඩි පුතා සහ මස්සිනා මාවනැල්ල පොලිසියට ගියා. පැමිනිල්ල භාර ගත්තේ නැහැ.
ඔක්තෝම්බර් 25 වනදා උදේ මමයි බිරිදයි දෙහිවල පොලිසියට ගියා. 25 පුතාව දෙනවා කිව්වා දුන්නේ නැහැ .26ත් දුන්නේ නැහැ. අපි දෙන්නා පොලිසියේ නතර වෙලා හිටියා. ඹක්තෝම්බර් 27 උදේ පුතාව දෙනවා කිව්වා දුන්නේ නැහැ. 27 වෙනිදා දවල් 11ට විතර වැඩ බලන මහේස්ත්රාත්වරයෙකු ලගට දැම්මා. දවස් පහකට මැගසින් බන්ධනාගාරයට දැම්මා. දවස් පහකින් පස්සේ මහේස්ත්‍රාත් හේමාලි හල්පන්දෙණිය මහත්මිය හමුවට ඉදිරිපත් කළා
මම මෙයාව නිදහස් කළා මෙයා නැවත අත්අඩංගුවට පත් වුනේ කෙසේදැයි මහේස්ත්රාත්තුමීය පොලිසියෙන් ප්‍රශ්න කළා. ඔක්තෝමබර් 25 වෙනිදා මෙයා නැවත දෙහිවලට ඇවිල්ලා ඉන්න කොට අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.
පුතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්තයා පොලිසිය කියන්නේ බොරු . මොහුව අත්අඩංගුවට ගත්තේ ඔබතුමිය නිදහස් කළ දවසේ පොලිසිය මාවනැල්ලට ගිහිල්ලා .කටඋත්තරයක් අරගෙන නිදහස් කරනවා කියලා තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ගෙදර ඉදලා අත්අඩංගුවට ගත්තා කියලා ඔප්පු කරන්න අපි සීසීටිවි කැමරා දත්ත තියෙනවා කියලා නීතිඥ මහත්තයා මහේස්ත්රාත්තුමියට පැවසුවා.
මෙයාගේ දුරකතනයේ ඊශ්‍රායෙල් කොඩියක් පාගාගෙන ඉන්න විඩියෝවක් තියේනවා. ඒ නිසි තමයි සැකකරුව අත්අඩංගුවට ගත්තේ කියලා පොලිසිය මහේස්ත්රාත්තුමීය කරුනු කිව්වා. පස්සේ මහේස්ත්රාත්තුමීය පුතාගේ දුරකතනය ඉල්ලා සිටියා. පරික්ෂා කිරීීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට දුන්නා කිව්වා. මගේ අනුමැතියක් නැතිව කොහොමද දුරකතනය අපරාධ පරික්ෂන දෙපාර්මේන්තුවට දුන්නේ කොහොමදැයි මහේස්ත්රාත්තුමීය පොලිසියෙන් ප්‍රශ්න කර සිටියා.
බී වාර්තාවේ චෝදනාව සදහන් කරලා තියෙන්නේ ඊශ්‍රායෙල් කොඩියක් පාගාගෙන සිටින විඩියෝවක් පුතාගේ දුරකතනයේ තිබුනා කියලා. ත්‍රස්තවාදී පනත යටතේ තමා පුතාව රිමාන්ඩ් කරලා තියෙන්නේ. අහිසංක ළමයින්ට මේ වගේ අපරාධ කරන්න ඒපා. මේවා හෙණ ගහණ වැඩ කියලා අපේ නීතිඥ මහත්තයා පොලිසිය දොස් පැවරුවා.
මහේස්ත්රාත්තුමීය කිව්වා ඇයට ඇප දේනන බැහැ .නීතිපති උපදෙස් සදහා යවන්න කියලා. පොලිසිය නීතිපතිට උපදේස ගන්න යවලා තියෙන්නේ මාස 06ක් පහුවෙලා 2025 අප්‍රේල් මාසයේ. අපි මේවා කොහොමද කරන්නේ කියලා දන්නේ නැහැ. මාස 08 කට පස්සේ තමා අන්තර්ජාලයේ දැකලා මෝදර මුජිප් ජේරාජ් මහත්තයා හමු වුණේ. ඒ මහත්තයා මානව හිමිකම් ක්‍රියාධරයෙක් . ඔහු තමයි අපිට උදව් කළේ. ඒ මහත්යාගෙන් ගෙන් තමයා පුතාගේ සිද්ධිය රටම දැන ගත්තේ.
මේ මාසේ 11 වෙනිදා උසාවි තිබුණා. දෙහිවල ස්ථානාධිපතිතුමා කියනවා සුහායිල් කිසිම වරදක් කරලා නැහැ.මෙයාට බෙල් දෙන්න කියලා. මහේස්ත්රාත්තුමීය ඇහුව්වා මාස 09 ක් ගියාට පස්සේ වැරදි නැහැ කියන්නේ. ඇයි එහෙම කළේ කියලා ස්ථානාධිපතිතුමාගෙන් මහේස්ත්රාත්තුමීය ප්‍රශ්න කළා. මට ඇප හෝ නිදහස් කරන්න බලයක් නැහැ. නීතිපති උපදෙස් අරගෙන එන්න කියලා නියෝග කළා.
මම වැඩ කරන කඩේ මුදලා මට ගොඩක් උදව් කළා .මම නිසා සමහර දවස් වලට කඩේ වහනවා . ගමන් වියදම් දෙන්නෙත් මුදලාලි. . මානව හිමිකම් කොමිසමට මේ ගැන පැමිනිල්ලක් දැම්මා. පුතාගේ නඩු කටයුතු සදහා අපට තිබෙන එකම ගේත් උගස්කරලා සල්ලි ගත්තා
