ඉන්දිය නාවික හමුදාව ධීවරයන්ට පහරදීම ගැන ආණ්ඩුව ගොළු වෙයි – ධීවරයෝ
ඉන්දියන් නාවික හමුදාව විසින් ලංකාවේ ධීවරයන් පිරිසකට ලංකාවේ මුහුදු තිරය තුළ සිදු කළ අමානුෂික ප්‍රහාරය හෙළා දැක අද (05) පෙරවරුවේ කොළඹ කොල්ලුපිටයේ ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ධීවරයන් පිරිසක් විරෝධතාවයක් නිරතවුහ
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ හලාවත තුඩුවාවේ ධීවරයන් පිරිසකි.
දිනිති දුව බහු ධීවර යාත්‍රාවේ අයිතිකරු සහ එහි සේවය කළ ධීවරයින් ද සදුන් පුතා බහු ධීවර යාත්‍රාවේ ගමන් කළ ධීවරයින් ද එම අමානුෂික ප්‍රහාරයට ලක් ඇත.
මෙම උද්ඝෝෂණයට එකසිය පනහක පමන පිරිසක් සහභාගි වී සිටියහ.
සැටලයිට් දුරකතනය ඉල්ලා පහර දුන් නාවික හමුදා සෙබලුන් පසුව මත්දව්‍ය ඉල්ලා පහර දුන් බවත් තමා ඇතුළු පිරිසට පහර දුන්නේ ලංකාවේ මුහුදු සීමාවේදී බව පහර කෑමට ලක් වු වරණකුලසුරියගේ ජුඩ් සරත් පැවසිය.
විරෝධතාකරුවන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවට බල කර සිටියේ විධිමත් පරික්ෂණයක් කර පහර කෑමට ලක් වු ධීවරයන්ට යුක්තිය ඉටු කරන ලෙසත් ඉන්දියන් නාවික හමුදාව අපේ මුහුදු සීමා උල්ලංඝණය කර අපේ ධීවරයන්ට පහරදීම සම්බන්ධයෙන් කටයුතු නොකර නිහඩ පිළිවෙතක් අනුමනය කිරීම ගැනත් ධීවරයෝ ආණ්ඩුවට දොස් පැවැරුහ.
විරෝධතාකරුවන් උද්ඝෝෂණයෙන් පසු ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට සන්දේශයක් භාරදීමට සුදානමක් තිබුන ද මහ කොමසාරිස් කාර්යාලය පැත්තෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම ගැන විරෝධතාකරුවන් කෝපයෙන් පසු වුහ.
පහර කෑමට ලක් ධීවරයන් තිදෙනෙක් උද්ඝෝෂකයන් ඉදිරිපිට රෝද පුටු වල ඉදගෙන සිටි අතර අපේ වාර්තාකරු සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් තොරතුරු විමසද්දී ,දැන් කී දෙනෙක් ඇවිිිිල්ලා අපෙන් විස්තර ගත්තා ද වැඩක් නැහැ . අපට සාධාරණයක් වෙන්නේ නැතැයි දිනිති දුව සහ සදුන් පුතා යන බහු ධීවර යාත්‍රා දෙකේ අයිතිතරු වන වරණකුසුරියගේ සුරංග නිශාන්ත තොරතුරු දීම ප්‍රතික්ෂේප කරමින් අපේ වාර්තාකරුට පවසා ඇත. මාධ්‍යවේදීන් හැටියට අපිට කළ හැක්කේ පහරදීම සහ ආණ්ඩුව සම්බන්ධයෙන් කටයුතු කරන ඇකාරය පිළිබද මේ කම්කරු -පීඩිත මහජනයා දැනුවත් කිරීම පමනයි. ආණ්ඩුවට බලපෑම් දාල මේ ප්රශ්නය තනිව ජය ගන්න බැහැ. ධීවර ක්ෂත්රයේ, වෘත්තීය සමිති ක්ෂත්රයේ වගේම ආර්ථික සමාජීය සහ දේශපාලන ක්ෂත්ර වල පීඩාවට පත් ජනයාගේ සන්ධානයකි් පමනයි ජයග්රහනයක් අත්පත් කර ගත හැක්කේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරලා අවුරුදු දාහතක් වෙනවා අපට තවමත් යුක්තිය ඉෂ්ට වෙලා නැහැ. ජ.විපෙ /ජාජබ ආණ්ඩුව ඇතුළු ධනපති ආණ්ඩු වලින් යුක්තිය ඉල්ලා සිටිම හරියට එළුවාගේ දෙපරන්ද අස්සේ ඇති ඇට දෙක වැටෙන යැමක් යැයි අපේ වාර්තාකරු ඔහුට පෙන්වා දී තිබේ.


පහර කෑමට ලක් වු ජුඩ් සරත් ,සුරංග නිශාන්ත සහ තිවංක යන ධීවරයන්





ඉන්දිය නාවික සෙබළුන් ධීවරයන් අමානුෂික ලෙස පහර දී ඇති අයුරු.

ඉන්දිය නාවික හමුදාව ධීවරයන්ට පහර දුන්නේ ලංකාවේ මුහුදු සීමාවේදී බවට සාක්කි.