කම්කරු -පීඩිත මහජනයා තලා පෙළන මර්දන අණ පනත් වහා හකුළා ගනු!

0
WhatsApp Image 2026-01-31 at 14.04.15 (2)

ජවිපෙ /ජාජබ ආණ්ඩුව මගින් ගෙන එමට නියමිත ධනපති රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ පනත වහා හකුළා ගන්නැයි ආණ්ඩුවට බල කර අද (31) සවස කොළඹ අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ. එම විරෝධතා උද්ඝෝෂණය ඊයේ (30) ආරම්භ වු අතර හෙටත් ( පෙබරවාරි 01) පැවැත්වීමට නියමිතය.

ජවිපෙ / ජාජබ ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසී කරන බවට මහජනයාට පොරෝන්දු වු අතර ආණ්ඩුව එම පනත අහෝසි කරන මුවාවෙන් ඊට වඩා දරුණු පනතක් ධනපති රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීම (PSTA) නමින් පනත් කෙටුම් පතක් ගෙන එමට පිඹුරුපත් සකසමින් සිටි.

එම විරෝධතා උද්ඝෝෂණය ජන අරගල ව්‍යාපාරය ,බහු ජන සංවිධාන, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන මගින් කර තිබුණි. එම අවස්ථාවට සැලකිය යුතු පිරිසක් සහභාගි වී සිටියහ.

1988-89යේ එවකට පැවති ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ධනපති ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් 60,000 කට ආසන්න පිරිසක් ටයර් සෑය වල සහ ගංගා වල පා කර හරින ලද්දේ ත්‍රස්තවාදය වැළක්විමේ පනත උපයෝගී කරගෙනය.

අද මෙරට බලය හොඹවන්නේ ජවිපෙ විසිනි. කම්කරු -පීඩිත මහජනයාගේ එකදු ප්‍රශ්නයක් විසදීමට අපොහොසත් ජනාධිපති දිසානයකගේ ආණ්ඩුවට මහජනයා මර්දනය කිරීම හැර වෙනත් විකල්පයක් නැත.

කම්කරු -පීඩිත මහජනයා තලා පෙළන මර්දන අණ පනත් වහා හකුළා ගනු!
කම්කරු -පීඩිත මහජනයා තලා පෙළන මර්දන අණ පනත් වහා හකුළා ගනු!
කම්කරු -පීඩිත මහජනයා තලා පෙළන මර්දන අණ පනත් වහා හකුළා ගනු!
කම්කරු -පීඩිත මහජනයා තලා පෙළන මර්දන අණ පනත් වහා හකුළා ගනු!
කම්කරු -පීඩිත මහජනයා තලා පෙළන මර්දන අණ පනත් වහා හකුළා ගනු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *