ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද පල්ලෙන් බේරෙයි !

0
DSC_4486

කොළඹ කොල්ලුපිටියේ මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහනයක යෙදුනු එම සභාවේ මානව හිමිකම් නිලධාරිනියගේ වැඩ තහනම් කළ බව මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හා හිටපු විනිසුරු එල් .ටී.බී. දෙහිදෙනිය ලියුමකින් ඇයට දන්වා යවා ඇත.

මෙසේ වැඩ තහනමකට ලක්ව ඇත්තේ අයන්ති ශිරෝමිණිය.

වැඩ තහනම් කළ බව එම ලිපියේ සදහන්ව ඇතත්, එම තහනම කළේ කවදා සිට යන්න සදහන් කර නැත.

ජනවාරි (10) පැවැත්වෙන සත්‍යග්‍රහනයට මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධාන වලට 2026 පෙබරවාරි 6වනදා ලියුමක් යවා සහයෝගය ඉල්ලුවා යැයි ඇයගේ වැඩ තහනම් කර තිබේ.

ඔබ විසින් මගේ සමාංකය හා 2026 පෙබරවාරි 09 දා දිනැති ලිපිය මගින් සිදු කළ දැනුම්දීම ද නොසලකා හැර තවදුරටත් විනය විරෝධී ආකාරයෙන් කටයුතු කරමින්, කොමිෂන් සභාවේ සමාන්‍ය කටයුතු වලට අවහිර වන පරිදි හා මහජනයා අතර කොමිෂන් සභාව අපහසුතාවයට පත් වන අයුරින් ක්‍රියා කිරීමට කටයුතු කිරීම නිසා ආයතන සංග්‍රහයේ XL-vlll පරිච්ජේදයේ 31-1 31-5 වගන්ති වල විධිවිධින  ප්‍රකාරව රාජකාරී වැඩ තහනම් කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව මගින් තිරණය කර ඇති බව මෙයින් දැනුම් දෙන බව එම ලිපියේ සදහන් වේ. වැඩ තහනම් කළ කාලය තුළ මානව හිමිකම් කොමිෂන් සභාවේ පරිශ්‍රයට ඇතුල් විය හැක්කේ කොමිෂන් සභාව කරන කැදවුමකදී පමනක් යන වැඩිදුරටත් එම ලිපියේ සදහන් කර තිබේ.

ශිරෝමිණි සත්‍යග්‍රහනයට සහයෝගය ඉල්ලා යවන මානව හිමිකම් සංවිධාන වලට යවන ලද ලිපියේ මාවන හිමිකම් කොමිෂන් සභාව සම්බන්ධයෙන් සදහන් කර ඇති කරුණු අසත්‍ය හා පදනම් විරහිත බව මානව හමිකම් කොමිෂන් සභාවට නිරික්ෂණය වී ඇතැයි ඇයට 2026 පෙබරවාරි 09 යවන ලද ලිපියේ සදහන් වේ.

ශිරෝමිණි විසින් මානව හිමික්ම කොමිෂන් සභාවට එල්ල කරන වංචා දුෂණ සහ අක්‍රමිකතා සහ හොර අහඹුවන්ට හා හිතවතුන්ට තනතුරු ලබා දීමේදී අධ්‍යාපන සුදුසු කම් වෙනුවට හිතවත් කම් සහ ව එම ලිංගික කාරණ මුල් කරගෙන උසස් විම් ලබා දෙන බවට කරන චෝදනාව පිළිබදව එම කොමිෂන් සභාවේ සභාපතිවරයා කියන්නේ එවැනි දේයක් නිරික්ෂණය වී නැති බවයි.  ඔහු ඇය කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන්නේ නැතුවා පමනක් නොව අනියමින් එහි සත්‍යතාවයක් ඇති බව පිළිගනී. සභාපතිවරයාට නිරික්ෂණයට හසු නොවු කාරනා තිබිය හැකිය. මන්ද සභාපතිවරයාට ද බරපතළ චෝදනා එල්ල වී ඇති තත්වයන් යටතේය.

සභාපතිවරයා  විසින් ශිරෝමිණි දුෂණ වංචා සහ අක්‍රමිකතා ප්‍රතික්ෂේප කළ ද මානව හිමිකම් කොමිෂන් සභාවේ සේවක සංගමය රැකියාව අහිමි වීමට නියමිත බැවින්  සත්‍යග්‍රහනය අත හරින්නැයි යවන ලද ලිපියේ මෙසේ සදහන් කර ඇත.

2026 පෙබරවාරි 10 දා සිදු කිරීමට නියමිත සත්‍යග්‍රහනය සහාය දැක්විම සදහා කරනු ලබන ඉල්ලීමයි යනුවෙන් ශිර්ෂ පාඨය නම් කර තිබේ. එසේ සදහන් කර  තිබුන ද ලියුමේ අන්තර්ගතය වන්නේ සත්‍යග්‍රහනය නතර කර සාකච්ජා මාර්ගයට පිවිසෙන ලෙස කරන ඉල්ලීමකි.

ඔබගේ සහ මානව හිමිකම් සභාවේ කාර්ය මණ්ඩලයේ සේවකයන් වෙත සිදු වන අනීතික ක්‍රියා සම්බන්ධයෙන් ඔබ විසින් සිදු කරන කටයුතු සේවක සංගමය අගය කරනු ලැබේ.  සභාපතිවරයාගේ නිරික්ෂණයට හසු වී නැතැයි කියන අනීතික ක්‍රියා සේවක සංගමය පිළිගනී.

ඔබට එරෙහිව වින්‍යානුකුල පියවර ගැනීමට පාලන අධිකාරීය කටයුතු කරන බව හෙළිදව් වී ඇත. ඒ නිසා 2026 පෙබරවාරි 10 වෙනිදා පැවත්වීමට නියමිත සත්‍යග්‍රහනය නතර කර දමන ලෙසට ඉල්ලමි යනුවෙන් එම ලිපියේ වැඩිදුරටත් සදහන් වෙයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද පල්ලෙන් බේරෙයි !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *