හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක බේරෙන විධියට සාක්කි දෙන්නැයි රණවකගේ ගෝලයෙකු සාක්කිකරුවෙකුට තර්ජනය කරයි !
අමාත්‍ය පාඨලි චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂිකරුවෙකුට බලපෑම් කළා යැයි කැස්බෑවේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සුනිමල් ජනරංජන පෙරේරා නැමැත්තාව පොලිසිය මගින් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට යව බව වාර්තාවේ.
වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරීයට දමන ලද පැමිනිල්ලක් මත පෙරේරා අත්අඩංගුවට ලැනිමට නියමියත. පැමිනිල්ල දමා ඇත්තේ හිටපු අමාත්‍ය රණවක ලග අවුරුදු විස්සකට අධික කාලයක් සමිපතමයෙකු ලෙස කටයුතු කළ හර්ෂ බණ්ඩාර නැමැත්තා විසිනි.
බණ්ඩාරගේ ප්‍රෙම්වතියකව සිටි කොරියන් කාන්තාව අමාත්‍යවරයා ඉල්ලා නොදුන්නැයි ඔහු බණ්ඩාරව අංගොඩ මානසික රෝහලට බලහත්කාරයෙන් ඇතුළත් කරන ලදි.
පෙබවාරි 12 වෙනිදාට අධිකරණයට ගිහිල්ලා රණවකව බේරෙන විධියට සාක්ෂි දෙන්නැයි ඔහු දිගින් දිගටම කතා කර බලපෑම් කළ නිසා බණ්ඩාර වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරීයට පැමිනිලි කිරීමෙන් අනතුරුව එම අධිකාරීය මගින් පෙරේරාව අද (12) අත්අඩංගුවට ගෙන තිබේ.
සුනිමල් පෙරේරා හිටපු අමාත්‍ය රණවකගේ සමීපතමයෙකු වන අතර ඔහු හෙළ උරුමයෙන් සහ සියළ උරුමයෙන් ජන්දය ඉල්ලා තිබේ. එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිසාලේකම්වරයා ද වේ.
හිටපු අමාත්‍යවරයා අපරික්ෂාකාරී ලෙස රිය පදවමින් 2016 පෙබරවාරි 28 වනදා වැලිකඩ රාජගිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරකට ලක් කර පළා ගොස් ඔහු වෙනුවට අමාත්‍යවරයාගේ රියදුරු ඉදිරිපත් කිරීමත් සාක්ෂි වසන් කිරීමට එරෙහිව නිතිපතිවරයා විසින් රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන ලදී.
අමාත්‍යවරයා පදවාගෙන ගිය ඩබ්ලිව් .පි.කේ .7545 ජිප් රථයේ රියදුරු ලෙස ඔහුගේ රියදුරු වන දිලුම් තුසිත කුමාරව ඉදිරිපත් කර තිබුණි. අමාත්‍යවරයා වැලිකඩ පොලිසියේ එවකට පොලිස් අධිකාරි ලෙස කටයුතු කළ සුදත් අස්මඩලගේ සහායෙන් අනතුරු සිදු වු දිනයේම එම අනතුරුට ආදාළ සීසීටීවී කැමරා දර්ශන මකා දමා තිබුණි.
මෙම නඩුවේ විත්තිකරුවන් වන්නේ හිටපු අමාත්‍ය රණවක , හිටපු පොලිස් අධිකාරී සුදත් අස්මඩල සහ දිලුම් තුසිත කුමාර යන අය වෙති.
මෙම රිය අනතුරු වන අවස්ථාවේ හර්ෂ බණ්ඩාර ,කොරියන් කාන්තාවක් සහ රණවකගේ ගෝලයෙකු වන අල්විස් සමග සිට ඇත්තේ බෙල්ලන්විල උදානයේය.
රණවක අල්විස්ට කතා කර සිද්ධිය පවසා ඇත. පසු බණ්ඩාර රණවකට කතා කර විජේරාම නිල නිවසට ගොස් තිබේ. කොස්වත්ත ප්‍රදේශයේ සිට රණවකගේ රියදුරු ගෙන්වාගෙන බොරැල්ල පොලිසියට බාර දී ඇත්තේ බණ්ඩාර විසිනි.
අද ( 12) මෙම නඩු කැද වු අවස්ථාවේ මාහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි බණ්ඩාරව මුදා හරින බවත් අධිකරණය මගින් කැදවන දිනට පැමින සාක්කි දෙන්නැයි ඔහුට නියම කර ඇත.
රිය අනතුර වන අවස්ථාවේ සංදිප් සමග යතුරු පැදියේ පිටුපස වාඩි වි ගෙන ගිය මනුල් හිම්සුක සාක්කි දුන් අතර සාක්කි මෙහෙවන ලද්දේ නියෝජ්‍ය සෙලිස්ටර් ජනරාල් යොහාන් අබේවික්‍රම විසිනි.
හර්ෂ බණ්ඩාර යන අය විසින් ඔහුට බලපෑම් කළා යැයි වින්දියන් සහ සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරීවයට පැමිනිල්ලක් කර ඇද්දැයි සොයා බැලීම සදහා එම අයතනයේ විනදිතයන්ගේ සහ සාක්කිකරුවන්ගේ ආරක්ෂාව භාර සිටින අංශයට දුරකනයෙන් කතා කළ අවස්ථාවේ අධ්‍යක්ෂවරියගේ අවසරයකින් තොරව තොරතුරු ලබා දිය නොකළහැකි බව පැවසිය.
ජායා රූපය අන්තර් ජාලයෙන් උපුටා ගත්තකි.