ධනපති ක්‍රමයට මතට සහ පාතාලයට ගොදුරු වුවන් වැනසීම හැර රැක ගැනීමට ක්‍රමයක් නැත !

0
DSC_4339

විෂ මත් තුඩු වසංගතයට හා පාතාලයට තරුණ දු පුතුන් ගොදුරු කරන සමාජ ක්‍රමයට එරෙහිව සටන් කරන්නේ කෙසේද? යන මැයෙන් අත්පත්‍රිකාවක් අද (20) කොටුව දුම්රිය පොල ඉදිරිපිට කම්කරු -පීඩිත මහජනතාව අතට පත් කරන ලදී.

එම අත්පත්‍රිකාව බෙදාහරින ලද්දේ කොළඹ ක්‍රියාකාරී කමිටුව මගින්ය.

මෙම අත්පත්‍රිකාව කොළඹ මැගසින්, සී.ආර්. පී. සහ වැලිකඩ බන්ධනාගර ඉදිරිපිට ද කොළඹ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ඉදිරිපිට ද පේරාදෙනිය විශ්ව විද්‍යාලය සහ පල්ලෙකැලේ එළිමහන් සිරකදවුර ඉදිරිපිිට මාතර විශ්ව විද්‍යාලය ඉදිරිපිට ද පිළියන්දල ප්‍රදේශයේ ද කොළඹ ක්‍රියාකාරී කමිටුවේ සහෝදරවරුවන් මැදිහත් වී සිසුන් සහ මහජනයා අතර පත්‍රිකා බෙදා හැරියහ.

ධනපති ක්‍රමයට මතට සහ පාතාලයට ගොදුරු වුවන් වැනසීම හැර රැක ගැනීමට ක්‍රමයක් නැත !

මිලියන ගනණින් තරුන ජිවිත බිලි ගනිමින්, අන්තරායකාරී මත්ද්‍රව්‍ය (කුඩු) ජාලයක් සමස්ත පෘථීවි ගෝලය වෙලා ගෙන ඇත. එය මිනිස් ඝාතන ඇතුළු අපරාධ ජාලයකින් වෙලි පවති. ඊට එරෙහිව අඩ සිය වසකට වැඩි කාලයක් එක්සත් ජනපදය හා සෙසු රටවල් දියත් කළ ව්‍යාපාරය මුලුමනින්ම අසාර්ථක වී ඇති අතර ,එම ප්‍රයත්න, පන්ති ප්‍රතිඝතකතා මර්දනයේ උපකරණ පමනක් බව හෙළිදරව වී ඇත.මෙයින් ඉස්මතු කෙරෙන්නේ මෙම ව්‍යවසනයෙන් තරුණ ජිවිත රැක ගැනීම සදහා අව්‍යාජ මහජන සංවිධානයක් අවශ්‍යතාවයයි.

2022 වසරේදී ලොව මිලියන 292 ක් දෙනා විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත. එය පෙර වසරට වඩා සීයයට 20 ක වැඩි විමකි. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද කාර්යාලයේ 2025 වාර්තාවට අනුව 2023 දී ලෝකයේ මිලියන 316 ක් මත්ලෝලියෝ වුහ. මෙය සමස්ත ජනගහනයෙන් ආසන්න වශයෙන් සීයයට 3.7 කි.

අන්තරායදායක මත්ලෝලිත්වය ශ්‍රි ලංකාව අලලා වේගයෙන් පැතිරෙමින් පවති . ආර්ථීක සමාජියීය ප්‍රශ්න වලට පිළිතරු සොයාගත නොහැකිව මංමුලා වු තරුණ තරුණියෝ ,දුප්පත්කම ,විරැකියාව ,අනාගත අනාක්ෂිත බව සහ සමාජ අසමානතාවය නිසා ඇති වන අධික ආතතිය ,කාන්සාව හා මානසික අවපීඩනය සමනය කර සතුටුට ලගා කර ගැනීමට මත් ද්‍රව්‍ය වල පිහිට පතති .

ධනපති ක්‍රමයට මතට සහ පාතාලයට ගොදුරු වුවන් වැනසීම හැර රැක ගැනීමට ක්‍රමයක් නැත !

2023 නොවැම්බර් 25 මත් ද්‍රව්‍ය නිවාරණ අංශයේ සහකාර පොලිස් අධිකාරී අශෝක ධර්මසේන කළ අනාවරනය අනුව , වසරේ නොවැම්බර් 2024 නෙවැම්බර් 24 දක්වා වු මාස 11 තුළ තහනම් මත් ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට පත් 219,089 අතරින් 5671 පාසැල් යන හෝ එම වයසේ අවුරුදු 21 අඩු පිරිමි ළමුන් 93 කි. මුල් දින 24 තුළ අල්ලා ගනු ලැබු 27,591 ට විශ්ව විද්‍යාල සිසුන් 07 ක් සහ අවුරුදු 21 අඩු ළමුන් 42 ක් ඇතුළත් බව එම අත්පත්‍රිකාව මගින් හෙළි කරයි.

යුක්තිය සහ ඉවත් වෙනු යනුවෙන් ආරම්භ කළ ඊනියා මෙහෙයුම්, මත් ද්‍රව්‍ය තුරන් කරන මුවාවෙන් මහජනයා මත දැඩි මර්දනය මුදා හළේය. සමස්ත බන්ධනාගාර පද්ධතියට දැරිය හැකි ද්‍රරිධතාවය 12.000 වන නමුත් මේ වන විට 38.505 සිරකරුවන් සහ රැදවියන් පිරිසක් රදවා සිටිති. පොලිසිය මත් ද්‍රව්‍ය අතින් දමා මතට ඇබ්බැහි වු තරුණ තරුණියන් අල්ලා , බන්ධනාගාරගත කරති. 1000ක් දැමීය හැකි බන්ධනාගාර වලට තුන් හරදාහක් දමනු ලැබේ. මිනිස්සුන්ට තියා සතුන්ට පවා ජිවත් විය නොහැකි, වහල් කදවුරු වලට තරුණයන් ගාල් කරති. මතට ඇබ්බැහි වු තරුණ තරුණියන් මේ වැනි ඉරනමක් අත්කර දීම හැර ධනපති ක්‍රමයට වෙනත් විසදුමක් නොමැත.

ධනපති ක්‍රමයට මතට සහ පාතාලයට ගොදුරු වුවන් වැනසීම හැර රැක ගැනීමට ක්‍රමයක් නැත !

මැගසින් සහ සී.ආර්.පී. බන්ධනාගාර ඉදිරිපිට පත්‍රිකා බෙදමින් මහජනයා සමග අදහස් හුවමාරු කර ගන්නා අයුරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *