ගන්දර තවත් ඝාතනයක් ! පාතාලය ගිනි ගනී! මහජනයාගේ ආරක්ෂාව අනතුරේ

0
WhatsApp Image 2026-02-21 at 15.42.35

මාතර ගන්දර සුපිරි වෙළද සැලක් ඉදිරිපිට දී සිරිල් හෙන්දාවිතාරණ හෙවත් ඩිලයිට්ව නාදුනන තුවක්කුවරුවන් විසින් අද (21) දහවල් වෙඩි තබා ඝාතනය කර ඇත.

ඩිලයිට් ඝාතනය කර ඇත්තේ ශේයාන් සත්සර හෙවත් දෙහිබාලේගේ ගෝලයන්  විසින් බවට සැක කරති. මිට පෙර අවස්ථා දෙකක දී දෙහිබාලේ ගෝලයෝ විසින් ඩිලයිට් ඝාතනය කිරීමට උත්සහ කළහ. දෙහිබාලේගේ ගෝලයෝ ඔහුට අයත් අපනශාලාවට ගොස් වෙඩි තැබුව ද ඩිලයිටව ඝාතනය කිරීමට නොහැකි විය. පසුව ටිපර් රථයකින් ඔහු ගමන් කළ ත්‍රිරෝද රථය යට කර මරා දැමීමට උත්සහ කර තිබේ. දෙහි බාලේ ගෝලයෝ ඩිලයිට් අපනශාලාවට ගොස් වෙඩි තැබු අවස්ථාවෙ එය ඔහු විසින්ම වෙඩි තබා ගත්තක් යැයි එවක ගන්දර පොලිසියේ හිටපු දේශබන්දු සේනාරත්න විසින් යට ගසා ඇත.

ගන්දර තවත් ඝාතනයක් ! පාතාලය ගිනි ගනී! මහජනයාගේ ආරක්ෂාව අනතුරේ

ශේයාන් සත්සර හෙවත් දෙහි බාලේ

ඩිලයිට් උණාකූරවේ ශාන්තගේ පාර්ශ්වය නියෝජනය කරන්නෙකි.

ඩිලයිට් ගන්දර ප්‍රදේශයේ ප්‍රසිද්ධ චන්ඩියෙකි. දෙහිබාලේ ප්‍රසිද්ධ වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු මෙන් මත් ද්‍රව්‍ය බෝට්ටු වගින් ප්‍රවාහනය කරන්නෙකු වශයෙනි. දෙහි බාලේට වඩා ඩිලයිට් ගන්දර ප්‍රදේශයේ බලයක්  සහ චන්ඩියෙකු වශයෙන් පිළිගැනීමක් තිබුන නිසා ඔහුව ඝාතනය කිරීමේ අනිවාර්ය අවශතාවයක් දෙහිබලේට තිබුණි.

පසුගිය දා සිනී මෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතා කර තුන් දෙනෙක් මිය අතර එම මිය අය භාවිතා කළ මත් ද්‍රව්‍ය උණාකූරුවේ ශාන්තට අයත් එවා බවත් එම පුද්ගලයන් මිය ගිය නිවසේ මත් ද්‍රව්‍ය කිලෝ 800 තිබි ඇති අතර  එම මත් ද්‍රව්‍ය තොගය ‍භාර සිට ඇත්තේ ඩිලයිටි බව වාර්තාවේ.

ඩිලයිට් දෙවුන්දර ගල් ගෙදර පවුල සමග ඉතා සමිපව කටයුතු කර ඇත. පසුව ඩිලයිට් විසින් ජුග්ගයා ලාල්ව මරා දැමිමත් සමග නයි මුගටන් බවට පත් විය. පසුව ජුග්ගා ලාල්ගේ පාර්ශ්වය ඩිලයිට්ගේ පවුලේ පස් දෙනෙක් වැන් රථයක් ඇතුළ මරා දමන ලදී.  එම ඝාතනය සම්බන්ධයෙන් කුඩු චමල් සහ රෝෂාන් ඇතුළු පස් දෙනෙකුට මරණ දණ්ඩනය නියම වු අතර පසු ඇෆිල් කිරීමෙන් අනතුරව ඔවුන් නිදොස් කොට නිදහස් කෙරිණ.

ජුග්ගා ලාල්ගේ ලෙකු පුතා කුඩු රෝෂාන් සහ දමිත් පසුව දෙහි බාලේගේ පාතාල කල්ලියට එකතු වී ඇත‍. ඩිලයිට් ඝාතනය සදහා දෙහි බාලේට ඔවුන් උදව් කර ඇති බවත් වාර්තාවේ.

දෙහි බලේ උණාකූරුවේ ශාන්ත සමග මත් ද්‍රව්‍ය ආරවුලක් හේතුවෙන් වෛරයක් කාරයන් බවට පත් ඇත. පසුව දෙහි බාලේ කරන්දෙනිය සුදාගේ පාර්ශවය සමග කටයුතු කරන බවට අප වෙත තොරතුරු ලැබි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *