මානව සංහතිය විනාශය කරා රැගෙන යන අධිරාජවාදී යුද්ධයට එරෙහිව පෙළ ගැසෙමු!

0
Nagasaki

ශාන්ත විජේසුරිය විසිනි.

ඇමරිකා එක්සත් ජනපදයේ නාවුක හමුදා විසින් ඉරාන් අයිරිස් නෞකාවට 2026 මාර්තු 04 වනදා එල්ල කළ ටෝපිඩෝ ( සබ් මැරීන්) ප්‍රහාරය සමුලඝාතනයක් මෙන්ම බියගුලු ප්‍රහාරයකි.

ලොකයේ බලවත්ම හමුදා බලයේ සබ් මැරීනයක් , හුදකලාව ගමාන්තය පිළිබද අවිනිශ්ත තත්වයේ පසු හා යුදමය කටයුත්තක නොයෙදුනු ඉරාන් නෞකාවට කිසිදු අනතුරු ඇගවිමකින් තොරව සහ යටත් වන්නැයි දැනුම් නොදි හොර රහසේ පැමින එල්ල කළ ප්‍රහාරයෙන් එහි කාර්ය මණ්ඩලයේ සේවය කළ 148 දෙනෙකු මුහුදු පතුලේ ගිල්වා දැමීය. තිස් (32) දෙදනෙකු ශ්‍රි ලංකා නාවික හමුදාව මගින් බේරාගෙන තිබිණි.

මෙම ටෝපිඩෝ ප්‍රහාරය ඉරාන් නෞකාවට එල්ල කරන්නේ ශ්‍රී ලංකාවට අයත්  මුහුදු වෙළද කලාපය ඇතුළතය.

මානව සංහතිය විනාශය කරා රැගෙන යන අධිරාජවාදී යුද්ධයට එරෙහිව පෙළ ගැසෙමු!

ඉරාන් අයිරිස් නෞකාව ඉන්දියන් රජයේ ආරාධනාවක් අනුව 2026 ජාත්‍යන්තර නාවික බලඇණි සමාලෝචනයකට සහ විසාකාපට්නම් වරායේ පැවති බහු ජාතික අභ්‍යාසයට සහභාගි වී තිබේ. එම අභ්‍යාසයට ජාතීන් 74 දෙනෙකු සහභාගි වී සිටියහ. ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රි ලංකාව ද ඊට සහභාගි විය. මෙම බහු ජාතික අභ්‍යාසය සදහා ඉරාන අයිරිස් නෞකා තුනක් පැමින තිබේ.

විසාකාපට්ටම් හි පැවති අභ්‍යාසය අවසානයේ එහි රදවා ගන්නැයි ඉන්දියන් බලධාරින්ගෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විමෙන් අනතුරුව ඉරාන් අයිරිස් නෞකාව ලංකාවේ ගාලු වාරයට දෙසට ගමන් ආරම්භ කර තිබේ. ඉන්දියාව පවසන්නේ ඒ වැනි ඉල්ලීමක් නොකළ බවයි. ඉන්දියාව ඉරාන අයිරිස් ඩෙනා නෞකාව මුහුදු පතුලේ ගිල්ලවා දැමීම සදහා සහාය පල කර ඇති බවත් ඇමරිකාව ඉරානයට පහරදීම සදහා ඉන්දියන් වරායවල් භාවිතා කරන බව ඇමරිකන් හමුදාවේ හිටපු කර්නල් ඩග්ලස් මැග්රල් පවසන බව ඇමරිකාවේ එන්. නිව්ස් සයිට් නාලිකාව වාර්තා කර ඇත. ඉන්දයන් බලධාරීන් එම කර්නල්වරයාගේ ප්‍රකාශය අසත්‍ය පතුරවා හැරීමක් යැයි ප්‍රතික්ෂේප කරති.

මානව සංහතිය විනාශය කරා රැගෙන යන අධිරාජවාදී යුද්ධයට එරෙහිව පෙළ ගැසෙමු!

ගල්ෆ් කාලාපයේ පැවති යුධ තත්වය හේතුවෙන් ඉරානයට ලගා විය නොහැකි නිසා ගාලු වාරයට පැමිනීමට ශ්‍රී ලංකා රජයෙන් අවසර ඉල්ලා තිබේ.  ශ්‍රී ලංකා රජය අයිරිස් ඩෙනා නෙ‍ෟකාව පැය 11කට ආසන්න කාලයක්  ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්මේන්තුවෙන් අවසර ලැබෙන තෙක් එම නෞකාව රස්තියාදු කර ඇති අතර එම කාලය තුළ කිසිදු අනතුරු ඇගවීමකින් තොරව හොර රහසේ පැමිනි සබ්මැරීන් ප්‍රහාරයකින් අයිරිස් ඩෙනා නෞකාව මුහුදේ ගිල්වා දමන ලදී. ජාත්‍යන්තර සම්මුතීන් අමුඅමුවේ උල්ලංඝණය කරමින්, නෞකයින්ට ද අගෞවරයක් ගෙන දෙන මෙම මිලේච්ජ සහ බියගුලු ප්‍රහාරය හෙළා දැකිය යුතුය.

ටෝපිඩෝ ප්‍රහාරයෙන් පසු  එම නෙ‍ෟකාවේ සිටි නාවිකයන්180 දෙනා අතරින් 32 දෙනෙකුගේ ජිවිත බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය. ලංකා රාජ්‍ය පැය 11ක් අපි මුහුදේ රස්තියාදු නොකර ගාලු වාරායට පිවිසෙන්න අවසර දුන්නා නම් මේ වැනි විපතක් නොවන බවත් ලංකා රජය ඊට වගකිව යුතු බව දිවි බේරා ගත් ඉරාන නැවියෙකු මාධ්‍යවේදියෙකු සමග පවසා ඇත.

ප්‍රහාරය සිදු දින රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවා ජනාධිපති දිසානායක තම ආණ්ඩුව “රටේ ගෞරවය ආරක්ෂා කරන” ආකාරයෙන් ක්‍රියා කර ඇති බවත් තමන් “ඉක්මන් තීරණයක්” නොගත් බව පැවසු ඔහු  “මෙය යුද්ධයක එක් පාර්ශවයකට අයත් නාවික යාත්‍රාවක් වීම” සහ “අපි මධ්‍යස්ථ රාජ්‍යයක්” වීම සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවත් පෙන්වාදුන්නේය.

ආදාළ තානාපති කාර්යාල සමග සාකච්ජා පැවැත්වු බව පිළිගත් ජනාධිපති දිසානායක එවා මොනවාදැයි හෙළි කළේ නැත. පාර්ශ්ව අතර ඇති කරගත් ගිවිසුම් සහ අවබෝධයන්ට යටත්ව ශ්‍රී ලංකාව නෞකාවේ කාර්ය මණ්ඩලය යාත්‍රාව භාර ගැනීමට එකග වි ඇති බව ප්‍රකාශ කළ නමුත් පාර්ශව අතර එකග වු දැ සහ ගිවිසුම් වල අඩංගු දැ හෙ‍ළි කළේ නැත.

ජනාධිපති දිසානායකගේ මැදහත්විම නියම රාජ්‍යතාන්ත්‍රිකයෙකු ක්‍රියාවක් මෙන්ම මධ්‍යස්ථ රටක මානුෂීය මෙහෙයුමක් ලෙස හුවා දැක්වීමට සමහර විපක්ෂ දේශපාලනඥයන් මෙන්ම ස්වරණවාහිනීයේ ලාල් මාවලගේ වැනි මාධ්‍යවේදීන් දිසානායකගේ පරිනතභාවය සහ සංයමය ගැන වර්ණා ක‍ළහ .

ජනාධිපති දිසානායකගේ ඊනියා ස්වාධීනත්වයේ පල්ල ගැලවි ගියේ අයිරිස් ඩෙනා නෞකාව සමග ඉන්දියන් නාවික අභ්‍යාසයට පැමිනි අයිරිස් බුෂෙහර් සැපයුම් නෞකාව කොළඹ වරායට රැකවරණ ලබා ගැනීමට පැමිනි අතර ශ්‍රී ලංකා රජය මුලදී අවසර ලබා දී පසුව ප්‍රතික්ෂේප කළේ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්මේන්තුවේ අවසරය අනිවාර්ය බැවිනි. ඒ පමනක් නොව නෞකා දෙකේ නාවිකයන් නැවත ඉරාන රජයට බාර නොදෙන ලෙසට දිසානායකගේ ආණ්ඩුවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්මේන්තුව නිකුත් කළ අභ්‍යන්තර කේබල් පණිවිඩයක් මගින් නියෝග කර ඇත.

අයිරිස් ඩෙනා සහ අයිරිස් බුෂෙහර් නෞකා වල නාවික සෙබළුන් ශ්‍රී ලංකා නාවික හමුදා මගින් සිරභාරයට ගෙන වැලිසර නාවික කදවුරේ දරවා සිටින බව වාර්තා වන අතර ඔවුන්ගේ සියලුම අයිතිවාසිකම් අහිමි කර තිබේ. විශේෂයෙන්ම මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීම මුළුමනින්ම අවුරා ඇති අතර යුද්ධය අවසන් වනතෙක් ලංකා ආණ්ඩුව ඉරාන නාවිකයන් මෙහි රදවා  තබා ගත යුතුය.

ජනාධිපති දිසානායකගේ අපි මධ්‍යස්ථ රාජයක් යන කෙප්පය  මාර්තු 07 වනදා රොයිටර් පුවතේ පල කරන ලද වාර්තාවකින් හෙළි කළ අතර දෙවන නෞකාව ගැනීම සම්බන්ධයෙන් සිදු කළ රාජ්‍යතාන්ත්‍රික බලපෑම් සහ කොන්දේසී හෙළි කෙරිණ.

පහතින් පල වන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ එකි සම්බන්ධතා හෙළි කරමින් පල වු ලිපියේ රොයිටර් පුවත් සේවයෙන් උපුටා ගත් කොටසයි.

මාර්තු 6 දිනැති එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කේබල් පනිවිඩයකට අනුව, කොලඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ භාරකාර ජේන් හොවෙල්, ආන්ඩුව අයිරිස් බුෂෙහර් නෞකාවේ කාර්ය මන්ඩලය හෝ අයිරිස් ඩෙනා නෞකාවෙන් බේරාගත් නාවිකයින් 32 දෙනා හෝ ඉරානයට ආපසු නොයැවිය යුතු බව අවධාරනය කලේ ය.

නවදිල්ලියේ පිහිටි ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා සාකච්ඡාවලට සම්බන්ධ වූ බව ද කේබලයෙන් දැක්වේ. කේබලයට අනුව, හොවෙල් ඊශ්‍රායල තානාපතිවරයාට පැවසුවේ නාවිකයින් ඉරානයට ආපසු ගෙන්වා ගැනීමේ කිසිදු සැලැස්මක් නොමැති බවයි – ජනාධිපති දිසානායක එකඟ වූ බව එයින් පෙන්නුම් කෙරේ.

තම ප්‍රචාරනය සඳහා රැඳවියන් යොදා ගැනීමට ඉරානය දරන උත්සාහයන් අවම කල යුතු ය” යන්න ගිවිසුම්වලට ඇතුලත් විය. වෙනත් වචන වලින් කිවහොත්, ඉරාන නාවිකයින්ගේ කට බඳිනු ඇත, එයින් අදහස් කරන්නේ ඔවුන් නිරන්තර නිරීක්ෂනය යටතේ රඳවා තබන බවයි. කේබලයේ සඳහන් කර ඇති පරිදි, අයිරිස් බුෂෙහර් නෞකාව “ගැටුම පවතින කාලය සඳහා ශ්‍රී ලංකා අත්අඩංගුවේ පවතිනු ඇත.”

පලායාම” සඳහා නාවිකයන් දිරිමත් කිරීම – වෙනත් වචන වලින් කිවහොත්, ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල ආක්‍රමනශීලී යුද්ධය සඳහා ප්‍රචාරක මෙවලම් බවට නාවිකයන් පත්කර ගැනීම සඳහා – කාර්ය මන්ඩලය සමඟ කිසියම් කතාබහක් සිදු වී ඇත්දැයි ඊශ්‍රායල නියෝජිතයා හොවෙල්ගෙන් විමසීය. තමා, ඊශ්‍රායල තානාපති කාර්යාලය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කල නමුත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුනු බව රොයිටර් වාර්තාකරු වාර්තා කලේ ය.

ශ්‍රී ලංකාවේ මුහුදු සිමාවේ ඇමරිකන් නාවිකයන් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරය ගැන ජනාධිපති අනුර      දිසානායක විචේචනය ක‌ළේ හෝ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදයට විරෝධය පල කළේ නැත. ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපති දිසානායක මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරමින් , අපි කිසිදු රාජ්‍යයක් කෙරෙහි පක්ෂග්‍රාහී ආකාරයෙන් ක්‍රියා නොකරමු , කිසිදු රාජ්‍යයකට යටත් නොවෙමු යනුවෙන් පුහු වීරත්වයක් මවා පෙන්වීමේ උත්සහයක නිරතවිය.

කිසිදු රජයකට යටත් නොවෙමු යැයි පුරසාරම් දොඩවන දිසානායකට අයිරිස් ඩෙනා නෞකාවට ප්‍රහාරය එල්ල කළ ඇමරිකා එක්සත් ජනපදයේ නම කියන්න තරම්වත් කොන්දක් නැති නිවටයෙකි.වෙනිසුලාවේ ජනාධිපති නිකොලොස් මදුරෝ පැහැරගෙන යද්දී සහ ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව ගෙන යන ජන සංහාරක යුද්ධයේ දී දිසානායක ආණ්ඩුව

අධිරාජ්‍ය විරෝධී පුහු ඝෝෂා කරමින් සහ වාචාල කතා කියමින් 1971 විසිදාහකුත් 1988-89 හැටදාහකුත් තරුණ, තරුණියන් මිය පරලෝව යැවිමේ  ධනපති කොන්ත්‍රාත්තුව  භාරව සිටියේ ජනතා විමුක්ති පෙරමුණයි. ජවිපෙ අද ව්‍යාජ වාම සළුපිළි උනා දමා ජාත‍්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු කප්පාදු වැඩ පිළිවෙල ක්‍රියාවට දමමින් කම්කරු -පිඩිත මහජනයා වළපල්ලට ඇද දැමීමේ කොන්ත්‍රාත්තුවට කර ගසා ඇත.

ඉන්දියවේ අගමැති නරේන්ද්‍ර මුඩිගේ ආණ්ඩුව මෙන්ම ශ්‍රී ලංකාවේ ජනාධිපති දිසානායකගේ ආණ්ඩුව ඉරානයට අයත් අයිරිස් ඩෙනා නෞකාව ගිල්වා දැම්මේ ක්‍රියාන්විතයේ සෘජු පාර්ශ්වකරුවන් ලෙස ක්‍රියා කොට ඇත. අපි ස්වාධීන රටක් , අපි කිසිදු රාජ්‍යයකට යටත් නොවෙමු වැනි වාචාල කතා වලින් එම පාවාදීම වසා ගැනීමට තැත් කරයි.

එක්සත් ජනපදය මේ වන විට ටිලියන 39 ක් ණය ගැතියෙකු වන අතර ඇමරිකාවේ අයවැය පරතරය ටිලියන එකහමාරක් දක්වා වර්ධනය වී තිබේ. වෙළද ශේෂ හිගය ටිලියන දෙකකි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ බලවතා ලෙස කරලියට පැමිනි ඇමරිකා එක්සත් ජනපදයේ අද වන විට බලය ගිලිහෙමින් පවති. බලය ගිලිහිම හමුවේ වියරු වැටි ඇති ජනාධිපති ට්‍රම්ප් ෆැසිස්ට් උම්මත්තයෙකු ලෙස හැසිරෙයි. ඔහු මුලින් වෙනත් රටවලින් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ වලට අධික තීරු බදු ගසා අනෙකුත් රටවල් යට කර ගැනීමට ප්‍රයත්නයක නිරත විය . පසුව ඇමරිකාවේ ජිවත් වන සංක්‍රමණිකයන් එම රටේ ආර්ථික අර්බුදයට සහ විරැකියාවට තර්ජනයක් කියා ඔවුන් අල්ලා බලහත්කරයෙන් පිටමං කරති.

ඊශ්‍රායල සියෝන්වාදීන් අධිරාජ්‍යවාදීන්ගේ පිටු බලය ඇතිව පලස්තීනයට කඩා වැදී, පලස්තීන වැසියන් අවුරුදු 59 ක සිට වාහලුන් ලෙස තබා ගැනීමේ ප්‍රයත්නය යුද්ධයක් දක්වා දිග්ගැස්සීන.  පලස්තීන හමාස් සංවිධානය 2023 ඔක්තෝම්බර් 07 වනදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය දඩමීමා කරගෙන පලස්තීන ජනයාට එරෙහිව සමුල ඝාතක යුද්ධයක් ආරම්භ කෙරිණ. ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව සංහාරක යුද්ධය ආරම්භ කළේ ඇමරිකාවේ පිටු බලය ඇතිවය. පලස්තීනයට එරෙහිව  ගෙන යන යුද්ධයේ ඉලක්කය වුයේ ඉරානයයි.  ඊශ්‍රායලය පලස්තීන ජනයාට එරෙහිව සමුල ඝාතක යුද්ධය පටන්ගෙන අවුරුදු තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත්,පලස්තීනය මුළුමනින්ම අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය අසමත් වී ඇත.

 ඇමරිකාව සහ ඊශ්‍රායලය පෙබරවාරි 28 දින ඉරානයේ ළමුන් 170 ක් ඝාතන කර ඇරඹුණු යුද්ධයට අදට දින 18 ක් ගත වී තිබේ. එදින එල්ල කළ ප්‍රහාර වලින් ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කාමේනි සහ ඉරාන හමුදාවේ ඉහල පෙලේ නායකයින් 40 දෙනෙකු පමන මිය ගිය බව මාධ්‍ය වාර්තා කර තිබුණි. එම ප්‍රහාරය එක්සත් ජනපද ව‍්‍යවස්‍‍ථාවට මෙන් ජාත්‍යන්තර නීති වලට ද පටහැනිය. ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධයේ පදනමේ ඇත්තේ ඉරානයේ තෙල් සහ ගෑස් මංකොල්ල කෑ‍මය.

ඇමරිකාව ඉරානයට පහර දීමට පෙර වෙනිසුලා ජනාධිපති නිකොලොස් මදුරෝ පැහැරගෙන එක්සත් ජනපදයට රැගෙන ආවේය. මදුරේ පැහැර ගැනීම සිහි ගන්වන්නේ නැවත ට්‍රම්ප් තන්ත්‍රය යටත් විජිතකරණයට ආපසු ගමන් කිරීමකි. ඉරානයෙන් පසු පසු කියුබාව පහර දෙන බව ට්‍රම්ප් පවසයි. ඔහුට නීතියක් හෝ සම්මුතීන් නැත. ඇමරිකානු ධනකුවේරයන්ගේ අවශ්‍යතා මත ලෝකය නැවත බෙදා ගැනීමේ යුද්ධයකට ට්‍රම්ප් මුලපුරා ඇත. ඇමරිකාවේ ආර්ථිකය කඩා වැටීමත් ලෝක පරිමාන බලය ගිලිහිමත් චිනය නැගී සිටිමත් මේ යුද්ධය පදනම වී තිබේ. ට්‍රම්ප් වියරුවෙන් ලෝක මානව සංස්කෘතිය විනාශ කරමින් මානව වර්ගය ව්‍යවසනයකට ඇද දමමින් සිටි මේ යුද්ධය වහා නතර කිරීමට සැම රටකම කම්කරු පන්තියේ නායකත්වයෙන් යුධ විරෝධී ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුය.

ජායා රූප අන්තර්ජාලයෙන් ගන්නා ලදි‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *