මරා දමන ලද රශ්මික ද සිල්වා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවේ සිටි බව ඇසින් දුටු සාක්කිකරුවෙකු දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දැනුම් දෙයි !

0
DSC_6092

ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ මගින් ජුනි  17 වනදා හේවගේ විගඟ දිනෙත් ජයසිංහව අත්අඩංගුවට ගෙන එම අපරාධ කොට්ඨාසයේ සිර මැදිරියේ රදවා සිටි බවත් එහි දී අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ඔහු රදවා සිටි කුඩුව ඉදිරිපිට රැගෙන විත් පෙන්නු බවත් එම පුද්ගලයා තාරුක විරාජ් රශ්මික ද සිල්වා බවට තමා විසින් හදුනා ගත් බවට ලබා දුන් දිවුරුම් ප්‍රකාශය සිරකරුවන් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා අද (06) බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් ,මෙම අපරාධය සම්බන්ධයෙන් සුදුසු නියෝග  නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේ.

මහේස්ත්‍රාත්වරයා නීතිඥ පෙරේරාගේ ඉල්ලීම සලකා බලමින්, ජුලි 20 වනදාට නඩුව කැදවන ලෙසට නියෝග කළේය.

නීතිඥ පෙරේරා මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුනු පැහැදිලි කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා පොලිසියට විරෝධතාවයක් ඇද්දැයි විමසා සිටි අවස්ථාවේ නඩුව සම්බන්ධයෙන් දැනුවත්  සිටියේ නැතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

දිවුරූම් ප්‍රකාශය ලබා දුන් දිනෙත් ජයසිංහව  ගාල්ල දිසා අපරාධ කොට්ඨාශය මගින් ජුනි 16 වනදා දහවල් 11.30 පමන පන්නිපිටිය මාකුඹුර කුලතුංග මාවත අංක 487/බී පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් අවස්ථාවේ පුද්ගලයන් සතර දෙනෙකුගේ ජායා රූප පෙන්වා ඔවුන් හදුනනවාදැයි  දිනෙත් ජයසිංහ විමසා ඇති බවත් ගාල්ලේ මිනී මැරුම් සිදු කළ යකඩයා කෝ යැයි කියා එම පිරිසේ එක් නිලධාරියෙකු ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.

ජුනි 18 වනදා ඔහුව හෝමාගම අධිකරණයට රැගෙන එනු ලැබු බවත් අධිකරණය ඉදිරිපත් කර  දින හතකට (07) රැදවුම් නියෝග ලබා ගැනීමෙන් පසු නැවතත් ගාල්ල අපරාධ කොට්ඨාසයට රැගෙන ගිය බව ඔහු ප්‍රකාශ කර සිටි.

අපරාධ කොට්ඨාසයේ සිරමැදිරියේ ජුනි 22 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී රාත්‍රි 8.00 ට පමන සිවිල් ඇදුමෙන් සිටි නිලධාරියෙකු  අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ඔහු රදවා සිරමැදිරිය ඉදිරිපිට රැගෙනවිත් එම පුද්ගලයා හදුනනවාදැයි ජයසිංහගෙන් විමසා ඇත.

දැනට මිය ගොස් සිටි තාරුක විරාජ් රශ්මික ද සිල්වා යන අය අවස්ථා දෙකකදී පන්නිපිටිය මාකුඹුර ඔහුගේ නිවසට පැමින ඇති නිසා අපරාධ කොට්ඨාසයේදී ඔහුව පහසුවෙන් හදුනා ගත් බව ජයසිංහ ප්‍රකාශ ඇත.

පසුව ජුනි 24 වන දින අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ බව පවසන දිනෙත් ජයසිංහ ඔහුට රශ්මික ද සිල්වා පෙන්නු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් නැවත දුටුවොත් හදුනා ගැනීමට හැකි බව ප්‍රකාශ කරයි.

මිය ගිය රශ්මික සිල්වා ගාල්ල අපරාධ කොට්ඨාසය තුළ ජුනි 22 හෝ ඊට ආසන්න දිනක දී ඇසින් දුටු  අයෙකු වන බැවින් තමාගේ ජිවිතයට යම් තර්ජනයක් සිදු වෙතැයි යම් බියක් දැනෙන බැවින් ,සාක්කි කරුවෙකුට ලැබෙන ප්‍රමානවත් ආරක්ෂාව අවශ්‍ය ඇති බව ප්‍රකාශ කර සිටිමි යනු වෙන් දිවුරුම් ප්‍රකාශනයේ සදහන් කර ඇත.

දිනෙත් ජයසිංහ විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශනය පහතින් පල වේ.

මරා දමන ලද රශ්මික ද සිල්වා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවේ සිටි බව ඇසින් දුටු සාක්කිකරුවෙකු දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දැනුම් දෙයි !
මරා දමන ලද රශ්මික ද සිල්වා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවේ සිටි බව ඇසින් දුටු සාක්කිකරුවෙකු දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දැනුම් දෙයි !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *