මීගමු බන්ධනාගාර ගැටුමෙන් නිලධාරීන් 07 ක් සහ රැදවියන් 19ක් මිය ගොස් – සීයකට වැඩි පිරිසක් රෝහල් ගත කරලා
මීගමුව බන්ධනාගාරයේ ඇති වු ගැටුමෙන් මිය ගිය ගණන විසිහය (26) දක්වා ඉහල ගොස් ඇතැයි අධිකරණ ඇමති හර්ෂ නානයක්කාර පවසයි. නමුත් බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරන අකාරයට තිස්දෙනෙකු පමන පිරසක් (30) මිය ගොස් ඇති බවයි.
ඇමතිවරයා පවසන ආකාරයට නිලධාරීන් හතකුත් (07) රැදවියන් 19 ත් ගැටුමෙන් මිය ගොස් ඇත.
මිය පිරිස අතර ජේලර්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙකු සහ නියාමකවරුන් පස් දෙනෙක් එම පිරිසට අයත් වේ.
එම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 23 ක් සහ රැදවියන් 54 දෙනෙකු තුවාල ලබා රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් බන්ධනාගාරයේ සවිකර තිබු සිසීටිවි කැමරා පද්ධතිය සහ බෝඩ් ස්කෑනර් යන්ත්‍ර ද රැදවියන් විසින් විනාශ කර දමා ඇතැයි ඇමතිවරයා මාධ්‍යයට පැවසිය.
බර පතළ තුවාල ලැබු රැදවියන් 18 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ගැටුමට මුල් වු රැදවියන් වැලිකඩ සහ අගුණුකොළපැලස්ස බන්ධනාගාර වලට මාරු කර යැවීමට පියවර ගත් බව දඇමතිවරය එහි දී වැඩිදුරටත් පැවසීය.