මීගමුවෙන් වැලිකඩට මාරු කළ රැදවියා මරා – නිලධාරීන් මැරූ පලිය ගනී !
මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් සහ එහි රදවා සිටි රැදවියන් අතර ජුලි (06) සහ (07) වන දින වල අති වු ගැටුමට විසඳුමක් වශයෙන් රැදවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවා ඇති බවත් එසේ යවන ලද රැදවියෙකුට එම බන්ධනාගාරයේ නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර ඊයේ (07) ඝාතනය කර ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සුදේස් නන්දිමාල් අප කළ විමසුමකදී පැවසීය.
මෙසේ අමානුෂික ලෙස පහරදී මරා දමා ඇත්තේ අවිෂ්ක නැමත්තෙකි. අවිෂ්ක මීගමුව බන්ධනාගාර ගැටුම මෙහෙවු වා යැයි පොලිසිය පවසන කටුවැල්ලේගම සුරේෂ් නැමත්තාගේ ඥාතියෙකි.
ගැටුමත් සමග මීගමුව බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන්,වැලිකඩ බන්ධනාගාරයට අමතරව අගුණු කොළපැලැස්ස, දුම්බර සහ වටරැක ඇතුළු බන්ධනාගාර වලට මාරු කර යවා තිබිණ.
රැදවියන් විසින් බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙකු පහර (07) මරා දැමීමට පලිගැනීමක් වශයෙන් එම රැදවියා මර දමා මිගමුවෙන් රැගෙන ගිය අනෙකුත් රැදවියන්ට පහර දී ඇත.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නන්දිමාල් එම රැදවියාගේ ඝාතනය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරය භාරව සිටින ප්රධාන ජෙලර්වරයාගෙන් දුරකතනයෙන් විමසු අවස්ථාවේ ඔහු මිය ගොස් ඇත්තේ දිවිනාසාගෙන බව පවසා ඇත.
ඝාතනය කරන ලද රැදවියගේ මෘත දේහය බන්ධනාගාර රෝහලේ තැන්පත් කර තිබේ.
මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාර වලට රැගෙන ගිය රැදවියන් ඝාතනය කිරීමේ බරපතළ අනතුරක් ඇතැයි නන්දිමාල් පවසයි. අවිෂ්ක නැමැති රැදවියාට අමානුෂික ලෙස පහරදී මරා දැමු නිලධාරීන් වහා අත්අඩංගුවට ගන්නැයි ආණ්ඩුවට බල කරන බවත් එසේ නොකළහොත් වැලිකඩ බන්ධනාගාරය වටලන බව පැවසු නන්දිමාල් අද (08) දහවල් 12 වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට පැමිනෙන්නැයි මහජනතාව ඇතුළු සියලුම සංවිධාන වලින් සහ සමාජ ක්රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියේය