මීගමුව බන්ධනාගාර ගැටුමෙන් රැදවියන් දෙදනෙකු මිය ගොස් එක් රැදවියෙකුගේ තත්වය බරපතළයි!
මීගමුව බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් දෙපිරිසක් අතර අද (05) සවස ඇතිවු ගැටුමෙන් රැදවියන් දෙදනෙකු මිය ගොස් ඇති බවත් එම ගැටුමෙන් තුවාල ලැබු පිරිසක් රෝහල් ගත කර බවත් එක් රැදියෙකුගේ තත්වය බරපතළ බව වාර්තාවේ.
මත්ද්‍රව්‍ය පාවා දීමේ සිද්ධියක් මත එම ගැටුම හට ගෙන ඇති අතර රැදවියන් පිරිසක් එම බන්ධනාගාරයේ වහලය මත නැගීම විරෝධය පාද්දී, එම වහලය කඩා වැටි තවත් පිරිසක් තුවාල ලබා රෝගත ඇතැයි ද වාර්තාවේ.
පිරිමි රැදවියන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමේදී එක් පාර්හ්වශ්වයකට සහයෝගය දක්වා කාන්තා බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් එම බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවයක පල කර ඇත.
බන්ධනාගාරයේ දෙපිරිසක් අතර ඇති ගැටුමත් සමග බන්ධනාගාර පාලනාධිකාරී එම ගැටුම පාලනය කිරීම සදහා පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ සෙබලුන් කැදවා තිබිණ .
මෙම ගැටුම සැලවිමත් සමග රැදවියන්ගේ ඥාතීන් බන්ධනාගාරය ඉදිරිපිටට රැස් වන්නට පටන් ගෙන ඇති අතර රැදවියන්ගේ තොරතුරු විමසා ආරක්ෂක අංශ සමග නොසන්සුන්කාරී තත්වයක් උද්ගත වී තිබුණි.
මිගමුව බන්ධනාගාරයේ රැදවිය හැක්කේ රැදවියන් 600ක් වුවත් 2200 ක් රදවා සිටි. කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැදවිය හැක්කේ 420 ක් වුවත් 3200 ක් රදවා සිටි. ගාල්ල බන්ධනාගාරයේ රැවිය හැක්කේ රැදවියන් 600 වුවත් 3000කට ආසන්න පිරිසක් රදවා ඇත. ඊනියා ඉවත්වනු සහ යුක්තිය මෙහෙයුම ධනපති ක්‍රමය මගින් වල්මත් කරන ලද තරුණයන් වනසා දැමීම සදහා ආරම්භ කළ මෙහෙයුම් වන අතර සිරකරුවෝද මනුෂ්‍යයෝ වෙති යැයි ලොකු අකුරෙන් මැගසින් බන්ධනාගාර තාප්පයේ ලිය තැබුව ද අනුප්‍රාප්තික ආණ්ඩු මෙන්ම ජාජබ /ජවිපෙ ආණ්ඩුව ඔවුන්ට සලකන්නේ තිරසුන්ට මෙනි.