දුෂිත ධනපති ක්‍රමය ආරක්ෂා කරන ගමන් දුෂකයන්ට එරෙහිව වන ජවිපෙ
ශාන්ත විජේසුරිය විසිනි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි පොලිසිය හදුන්වන චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාව අත්අඩංගුවට ගෙන රදවා සිටින ත්‍රස්තවාදය වැළැක්විමේ පනතෙන් ඉවත් කර සමාන්‍ය බන්ධනාගාරයකට යොමු කිරීම සදහා සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ , නීතිඥ රඛිත රාජපක්ෂ සහ වරුෂහැන්දිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය ලක්ෂ 1200 යක අල්ලස් මුදක් ගත්තා යැයි යන චෝදනාව මත අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් ජුලි 03 වනදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නැවත බන්ධනාගාරගත කරන්නැයි මහේස්ත්‍රත්වරයා නියෝග කරන ලදී.
ඔවුන්ට එම මුදල ලබා දී ඇත්තේ නදුන් චින්තකගේ බිරිඳ වන මදුෂිකාය.
නීතිඥ රඛිත රාජපක්ෂ ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂගේ පුත්‍රයාය.
හරක් කටාගේ බිරිඳ වන මදුෂිකා එම අල්ලස් මුදල ඔවුන්ට ලබා දී ඇත්තේ ඩුබායිවල ජිවත් වන කෝණගොඩ නිර්මාන ඉන්ද්‍රජිත් බණ්ඩාර නොහොත් සිංගප්පුරු හර්බිගේ නිවසේදීය. හර්බිගේ නම කරළියට එන්නේ නදුන් චින්තකට සහ පනදුරේ සළිදුට ඩුබායි සිට මැඩගස්කරයට යෑම සදහා ජෙට් යානයක් සපයාදීමේ සිද්ධිය සම්බන්ධයෙනි. නදුන් චින්තක සහ පනදුරේ සළිදු 2023 මාර්තු 07 වනදා මැඩගස්කර ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මේ රටට බාර දෙන ලදී.
චරිත් , රඛිත සහ චතුරංග යන සැකරුවන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නිර්නාමික පැමිනිල්ලකට බව වාර්තාවේ.
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් ජනාධිපතිගේ අතකොළුවක්
අල්ලස් ගත්තා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මෙතෙක් අනුගමනය කළ පිළිවෙත වන්නේ ආදාළ චෝදනාව එල්ල වු පුද්ගලයන් එම කොමිසමට කැදවා කට උත්තර ලබා ගැනීමෙන් හෝ විමර්ශන වලින් අනතුරුව අත්අඩංගුවට ගැනීමය. සහගතයෙන් පෙලෙන පුද්ගලයෙකු ආහාරයක් ලැබුනු විගස එය ඩැහැ ගන්නා සේ ජාජබ /ජවිපෙ ආණ්ඩුව ඔවුන් ගේ නිවාස වලට බලහත්කාරයෙන් කඩා වැදී ඔවුන්ව කුදලාගෙන පැමිනියේය. එදිනම (ජුලි 25) ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ගොස් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවරම් මර්දනය ගැන කතා කරන ගමන් අද (25) උදේ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසීය.
අල්ලස් සිද්ධියත් සමග අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම සහ ජනාධිපතිවරයා අතර ඇති සහසම්බන්ධය එළියට කාන්දු වීමත් සමග එම කොමිසමේ පල්ල ගැලවි ගොස් තිබේ.
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් සැකරුවන්ගේ නිවෙස් වලට බලහත්කාරයෙන් ඇතුල් වෙද්දීම එම සිද්ධිය විශේෂ ප්‍රවෘත්තීයක් ලෙස සිරස විකාශනය කිරීමත් අල්ලස් සිද්ධියට ආදාළ හඩ පට එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමග සමාජ මාධ්‍යයට මුදා හැරීමත් ජනාධිපතිවරය එදිනම පාර්මේන්තුව ඇමතිමත් අතර සැලසුම්සහගත ක්‍රියාන්විතයක් සිදු වී ඇති බව පෙනේයි.
ආණ්ඩුව විරුද්ධවාදීන්ට එරෙහිව මර්දනය දිගේලි කරයි
මෙම චෝදනා එල්ල වී ඇති කිසිදු පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටිමට හෝ ඔවුන් ආරක්ෂා කිරීමට කිසිදු අවශ්‍යතාවයක් අපට නැත. නමුත් ජාජබ/ජවිපෙ ආණ්ඩුව පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කරන මුවාවෙන් ධනපති නීතියමත් නොතකා අත්තනෝමතිකව සහ ප්රජාතන්ත්ර විරෝධී ලෙස ආණ්ඩුව මහජනයාට සහ තමන්ගේ විරුද්ධවාදීන් එරෙහිව මර්දනය දිගේලි කරමින් සිටි.
ජනාධිපති දිසානයකගේ ආණ්ඩුව දියත් කර ඇති මර්දනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග පරිදි කම්කරු -පීඩිත මහජනයා මත මුදාහැර ඇති කප්පාදු වැඩ පිළිවෙලට එරෙහි වන කම්කරු, ගොවි ,ශිෂ්‍ය සහ පීඩිත ජනයා තලා දැමීමේ පෙරහුරුවකි.
ජනාධිපති දිසානායකගේ ආණ්ඩුව බලය ලබා ගැනීම භාවිතා කළ ප්‍රධාන සටන් පාඨය වුයේ හොරු ඇල්ලීමය. දිසානායක ජනාධිපති වීමට පෙර මහජන පුස්තකාලයේ පැවති රැස්වීමකදී රාජපක්ෂලාගේ වංචා දුෂණ අඩංගු ෆයිල් විශාල ප්‍රමානයක් මාධ්‍ය හරහා පෙන්විය. නමුත් දිසානායක ජනාධිපති වී අවුරුදු දෙකහමාකරකට අසන්න කාලයක් ගත වී ඇතත්, රාජපක්ෂ රේජීමයේ එකදු දුෂණ වංචාවකට නඩු දැමීම තියා හෙළි කර ගැනීමට ද සමත් වී නැත.
හොරුන්ගෙත් හොරු කම්බ හොරු
හොරු අල්ලන්ට පැමිනි ජාජබ /ජවිපෙ ආණ්ඩුවට බාල ගල් අගුරු ගෙන්වීම මගින් විශාල මුදලක් වංචා කළා යැයි විදුලි බල ඇමති කුමාර ජයකොඩිට චෝදනා එල්ල වී ඇත. පාර්ලිමේන්තු පඩිය පවා පක්ෂයට පරිත්‍යාග කර මහජනයාගෙන් උදව් උපකාර වලින් ජිවත්වන ඇමති ලාල් කාන්තගේ චංචල හා නිශ්චල දේපල වල වටිනාකම රුපියල් කෝටි 20 ක් පමන වන බව වාර්තා වේ. රාජ්‍ය ණය ගෙවිම සදහා මහ බැංකුව සතුව තිබු ඇමරිකානු ඩොලර් මිලියන 2.5 මුදලක් හැකර්වරයෙකු විසින් ගිල දමා ඇතැයි ආණ්ඩුව පවසයි. තවත් ඇමතිවරු ගණනාවකට දුෂණ චෝදනා එල්ල වී තිබිණ.
සුළු පිරිසක් අතර ප්රාග්ධනය සංකෙන්ද්රනයවිමත් එම නිසාම සමාජයේ බහුතරය වන කම්කරු පන්තිය පැත්තේ දුක්ඛ දුම්මනස්සයන් ගොඩ ගැසීම හෙවත් අසමානතාවය වර්ධනය වීම ධනපති ක්රමයේ අර්බුදයයි. මෙම අර්බුදය ධනපති ක්රමයේ අනිවාර්ය ලක්ෂණයකි. ධනපති ක්‍රමය ඇතුලේ දවසින් දවස එම අර්බුදය උඩු දුවන අතර ධනපති ක්‍රමය පෙරලා දමා කම්කරු පන්තිය රාජ්‍ය බලය ගැනීමෙන් මෙපිට එම අර්බුදයට ධනපති ක්‍රමය ඇතුළේ පේන මානයක විසදුමක් නැත. මෙම ප්රශ්නය විසදා ගැනිමට ධනපතියෝ සමාජ සුභ සාධන ඇතුලු විවිධ ක්‍රම උපායන් අත්හදා බැලුහ. නමුත් දිනෙන් දින අර්බුදය තීව්ර විය. ධනවාදයේ අප ජිවත් වන්නේ ගෝලීය අධිරාජ්‍යවාදී අවධියේය. අධිරාජ්‍යවාදයේ ඉහලම අවධිය ලෙස වි.අයි. ලෙනින් එම අවධිය හැදින්විය.
“අධිපත්‍යය සහ ඒ හා ආශ්රිත සාහසිකත්වය ධනවාදී වර්ධනයේ අලුත්ම( අධිරජ්‍යවාදී ) අවධියට විශේෂ වු සම්බන්ධතාවන්ය. සර්වබලධාරී ආර්ථීක ඒකාධිකාරයන් ඇතිවීම නිසා අනිවාර්යයෙන් ම ඇති විය යුතු වුත් ඇති වුත් ප්‍රතිඵලය මෙය වේ.” ( ධනවාදයේ ඉහළම අවධිය අධිරාජ්‍යවාදය – වි.අයි .ලෙනින්)
ජනතාව හාමතේ නොතැබුවා නම් ඒ ධනවාදය නොවනු ඇත.
“අද සෑම තැනම කර්මාන්තයට වඩා ඉතා දරුණු ලෙස පසුබා සිටින කෘෂිකර්මාය දියුණු කිරිමට ධනවාදයට හැකි නම්, එමෙන් ම පුදුමාකාර වු ශිල්පීය ක්‍රම පිළිබඳ දියුණුව ද නොතකා සෑම තැනකම අඩ හාමතින් හා දුගීබවින් මිරිකෙමින් සිටින ජනතාවගේ ජිවන තත්තවයන් දියුනු කිරීමට ධනවාදයට හැකි නම් ප්‍රාග්ධන අතිරික්තයක් පිළිබඳ ප්‍රශ්නයක් තිබිය නොහැකි බැව් අමුතුවෙන් කිව යුතු නැත. මෙම තර්කය ධනවාදයේ සුළු ධනේශ්වර විවේචකයේ බොහෝ විට ඉදිරිපත් කරති. එහෙත් ධනවාදයට මේවා කළේ නම් එය ධනවාදය නොවනු ඇත .මන්දයත් අසමාන සංවර්ධනය සහ ජනතාව අඩ හාමතේ මට්ටමෙහි ජිවත්වීම යන දෙකම මෙම නිෂ්පාදන ක්රමයේ මුලික හා අනිවාර්ය කරුනු වන නිසාය.ඒවා මේ ක්රමයේ පදනම වන නිසාය.”( ධනවාදයේ ඉහළම අවධිය අධිරජ්‍යවාදය – වි.අයි .ලෙනින්)
ජවිපෙ රට හදන්න අපතයන්ට ආරාධනා කරයි
ජවිපෙ කියන්නේ අප මුහුණ දීගෙන සිටින අර්බුදය ධනවාදයේ අර්බුදයක් නොව 76 වසරක් මෙරට පාලනය කළ අනුප්‍රාප්තික ආණ්ඩු කර වු පාලකයන්ගේ අසමත් කම සහ දුෂණ වංචා නිසා ඇති තතත්වයක බවයි. ධනවාදය නියමයි ,මරුයි එය ගොඩ දැමීය හැක්කේ අවංක ,චරිතවත්, උගත් බුද්ධිමත් සහ විනය ගත මිනිස්සුන්ට සිටින ජවිපෙට පමනක් බව බලය ගැනීමට පෙර ජවිපෙ නායකයෝ පුච්චානම් දෙඩවුහ. ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවුරුදු දෙකකට පස්සේ දක්ෂිණාංශික පක්ෂ වල සිටින දුෂිත ,වංක සහ අවිනීත උගත් බුද්ධිමත් අය රට ගොඩනැගීම සදහා ජාජබ ආණ්ඩුවට එකතු කර ගන්නා බව පවසයි. සිල්වා පණ අදින ධනපති ක්‍රමයට හුස්ම පිඹින පඩත්තරයෙකු ලෙස ක්‍රියා කරන ගමන් කම්කරු -පීඩිත මහජනයා පන්ති අරගලයෙන් පිළි පැන්වීමට කැසකවයි.
ආගමික හා දේශපාලන මායාවන්ගෙන් වසා තිබු සුරා කෑම වෙනුවට විවෘත ලැජ්ජා විරහිත සුරා කැම අදේශ කළේය.
ධනපති ක්රමයේ “ ශ්‍රමය සුරා කෑම” ලොකුම හොරකම බව කාල් මාක්ස් පවසයි. ජවිපෙ හොරකම සහ චංවා දුෂණ නැති කරන බවට කරන පුච්චානම් කතා හුදු වාචාල කතා පමණි . ඓන්ද්‍රියවම ධනපති ක්‍රමය කම්කරුවන්ගේ ශ්‍රමය සුර කන සහ පාරිභෝගිකයන් ගසා කන ක්රමයකි. නමුත් ධනවාදය මුල්‍ය කතිපාත්යධිපත්ය දක්වා (අධිරාජ්‍යවාදය) වර්ධනය විමත් සමග ආගමික සහ දේශපාලන මායාවන්ගෙන් වසා තිබු සුරා කෑම වෙනුවට විවෘත ලැජ්ජා විරහිත සුරා කෑමට යෑමට බල කෙරිණ. අනුර කුමාරලාගේ දුෂණ විරෝධී ව්‍යාපාරයට යා හැකි දේශපාලන දුරක් ඇත. ජවිපෙ ඊනියා දුෂණ විරෝධය තමා විසින් සිය විජ්ජාකාරී බලයෙන් ආරාධන කොට ඇති භුත බලවේගයක් තවදුරටත් මෙල්ල කළ නොහැකි විජිජාකාරයෙකුගේ තත්වයට වැටෙනු ඇත. ධනපති ක්රමයේ පැවැත්ම වෙනුවෙන් ගනු ලබන ඔනෑම ක්‍රියාවක් ධනපති සදාචාරය වේ. සදාකාලික සදාචාරයන් නැතුවා මෙන්ම තත්වයන් අනුව සාදාචාරය වෙනස් වනු ඇත. අනුර කුමාරලාගේ වංචා දුෂණ විරෝධී අරගලය එකාධීකාරි ධනවාදයේ සිට නැවත නිදහස් තරඟයට යෑමට දරණ ප්රයත්නයකි. මෙය අවස්ථාවාදය හැර වෙන කුමක්ද?
ජවිපෙ පෙරමුණ ගැමි ගොවි සහ තරුණ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයකට සිට ධනේශ්වර ව්‍යාපාරයකට පරිවර්තනය වී තිබේ. නරුම සුළු ධනපති දෘෂ්ටිවාදයක මත පදනම් වන ජවිපෙ පසුගාමි සහ කුහක බෞද්ධ සදාචාරවාදයේ ආරක්ෂකයෝ වෙති. සදාචාරවාදී පක්ෂයක් වන ජවිපෙ ආණ්ඩු බලය ගැනීමත් සමග සදාචාරවාදී මිනුම් හිරුට අසු පිනි බිදුවක් සේ ජවිපෙ කාඩරය දිය වන්නට පටන් ගෙන ඇත.
ආණ්ඩුව එක ගලෙන් කුරුල්ලන් දෙදනෙක් බිම දමයි
ආණ්ඩුව එක ගලෙන් කුරුල්ලෝ දෙදනෙක් දඩයම් කිරීමට සැරසෙයි. ආණ්ඩුව අයි.එම් .එෆ්. කප්පාදු වැඩ පිළිවෙල දුෂණ විරෝධය සහ පාතාල මර්දනය පෙරට දමා ගෙන යන අතරම ආණ්ඩුවේ විරුද්ධවාදීන් නිහඩ කිරීමටත් භාෂණයේ ප්රකාශනයේ අයිතියට වැට බැදීමටත් ආණ්ඩුව පාතාල මර්දනය සහ දුෂණ විරෝධය යොදා ගනී.
සමගි ජන බලවේගයේ මැද කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ දුරකතනයට පාතාලයට සම්බ්න්ධ පුද්ගලයෙකු කතා කළා යැයි අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව ඔහුව එම දෙපාර්මේන්තුවට කැදවා කටඋත්තරයක් ලබා ගෙන තිබුණි. එම පුද්ගලයා පාතාල සමාජිකයෙකු නොව මත ඇබැහි වු පුද්ගලයෙකි. ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් යුගීෂ්වර බණ්ඩාර පඩි දෙකාක් ගත්තැයි ඔහුගේ වාහනය පාර මැද නතර කර ,මධ්‍යම අපරාධ කොට්ඨාශය මගින් බණ්ඩාරව අත්අඩංගුවට ගන්නා ලදී.
ආණ්ඩුවේ දුෂණ විරෝධයට මෙන්ම පාතාල මර්දනයට රුකුල් දෙන මාධ්‍යම පාන්තික හැතිකරය තමන්ගේම මිනී වළ කපාගනිමින් සිටි.
ධනවාද විසින් ශුද්ධ වු සැම දෙයක්ම කෙළසා තිබේ.ඒ වැනි තත්වයක් ඇතුළේ රඛිත සහ චරිත් නදුන් චින්තකගෙන් අල්ලස් ගත්තා යැයි කියන සිද්ධිය අහම්බයක් නොවෙයි. සුරා කෑම අහෝසි කිරීමෙන් තොරව අල්ලස් සහ දුෂණ වංචා ඇවර කළ නොහැකිය.