ජාජබ /ජවිපෙ ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බන්ධනාගාර මැරයෝ රැදවියන් මරා දමති ! අත පය කඩති !

0
WhatsApp Image 2026-07-08 at 02.30.24

මිගමුව බන්ධනාගාර ගැටුමෙන් දෙදනෙකු මිය ගොස් තිස්පහක (35) ට තුවාල සිදු කළ ජුලි (05 )  වනදා  එහි රදවා සිටි විදේශීය සැකකරුවන් සමහර තානාපති කාර්යාල මැදිහත් වී වෙනත් බන්ධනාගාර වලට මාරු කර යවා ඇත. මේවැනි ගැටුමක් වන බවට මීගමුව බන්ධනාගාර පරිපාලන දැන ගෙන සිටි බව සමාජ මාධ්‍ය වාර්තා තිබුණි . අප මෙහි සත්‍යවය දැන ගැනීම සදහා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට දුරකතනයෙන් කතා කළ ද ඔහුව සම්බන්ධ කර ගැනීමට නෙහැකි විය.

තානාපති කාර්යාල මගින් මීගමුව බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවන් ඉවත් කිරීමට කටයුතු කළා නම් ගැටුමට මැදි වු බන්ධනාගාර නිලධාරීන් සහාය දැක් වු කණ්ඩායම හෝ අනෙකුත් රැදවියන් එම බන්ධනාගාරයෙන් ඉවත් කර ගැනීමට පියවර නොගත්තේ මන්ද?

මෙම ගැටුම බන්ධනාගාර පරිපාලනයේ ඉහල නිලධාරීන් සහ ආණ්ඩුව දැනුවත් සිදු වු බවට දේශපාලන විචාරකයෝ චෝදනා කරති.

සර් නියපෙත්තෙන් කඩන්න තිබු දේ , සර් අපට නියෝගයක් දුන්නේ නැහැ . අපි මොකක් ද කරන්න ඔින සර් . ඒ වෙඩි තියපු නිලධාරියා බේර දෙන්න සර්. යනුවෙන් බන්ද පොලිසියේ නිලධාරීන් ඇමතිවරයා හමුවේ දුක කියමින් හඬා වැටෙනවා. නියෝගයක් නොදුන් බව එම නිලධාරීන් කරන ප්‍රකාශ වලින් තහවුරු වේ. මෙම ගැටුම ආණ්ඩුව දැනුවත්ව සිදු වු බවට නියෝග නොදීමෙන් සැකය වඩාත් තහවුරු වේ.

රැදවියන්ගේ නොසන්සුන්තාවය මැඩිමට වැලිකඩින් ගෙන්වන ලද නිලධාරීන් මීගමුව බන්ධනාගාරයට ඇතුල් වී රැදවියන්ට අමානුෂික ලෙස පහර දුන් බව රැදවියෝ පවසති. පසු රැදවියන් ද ජිවිත ආරක්ෂාව සදහා ප්‍රති ප්‍රහාර එල්ල කළ කර ඇත.  එම මෙහෙයුමට වැලිකඩින් බන්දේ පොලිස් නිලධාරීන් 10 ක පමන පිරිසක් කැදවා තිබිණ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා විදේශීකයන් මෙන්ම ආගමන විගමන සහ ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා විදේශීය සැකකරුවන් රදවා තබන්නේ මීගමුව බන්ධනාගාරයේය.

.මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකු සහ රැදවියන් 20 දෙනෙකු මිය ගොස් ඇතැයි නිල ආරංචි මාර්ග සදහන් කරන්නේ මිය ගිය රැදවියන් සංඛ්‍යාවක් 25 ක් පමන වන අතර තුවාල සිදු සංඛ්‍යාව සීයක (100) ඉක්මවා ඇති බවයි.

ගැටුම අවසන් කිරීම සදහා මීගමුව බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් බුස්ස ,අගුණකොළපැලස්ස , වටරැක සහ වැලිකඩ ගෙන යන බන්දනාගාර වලට රැගෙන යන ලදී . බුස්ස ,වැලිකඩ සහ අගුණකොළපැලස්ස බන්ධනාගාර වලට රැගෙන ගිය රැදවියන් තිදෙනෙකුට අමානුෂික පහර දි ඝාතනය කර තිබිණ . එම රැදවියන් මරා දමා ඇත්තේ නිලධාරින් මරා දැමීමට පලි ගැනීමක් වශයෙනි. එම බන්ධනාගාර වලට රැගෙන යන අනෙකුත් රැදවියන්ගේ කකුල් අත පය කඩා දමා ඇතැයි ද වාර්තා වේ. රජයේ සහ මහේස්ත්‍රාත්වරයෙකු රැකවරණ සිටින සිරකරුවන්ට එරෙහිව බන්ධනාගාර නිලධාරීන් පහරදීම් සිදු කරන්නේ ආණ්ඩුවේ අනුග්‍රහය ඇතුවය.

මීගමුවේ සිට බුස්ස බන්ධනාගාරයට රැගෙන යන ලද මෙම කැරැල්ලේ මහා මොළකරු ලෙස ආණ්ඩුව හදුන්වන කටුවැල්ලගම සුරේෂ්ට සිදු වුයේ කුමකක්ද යන්න ඔහුගේ ඥාතීන් පවා නොදන්නා අතර සුරේෂ්ව මරා දමා හෝ අමානුෂික ලෙස පහර දී කොන්ද කඩා ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම ගැටුමේ ආසන්න හේතුව මත්ද්‍රව්‍ය වෙළදුන් සහ නිලධාරීන්ගේ ඔත්තුකරුවන් අතර ප්‍රශ්නයක් ලෙස හුවා දැක්වීමට ආණ්ඩුවට පක්ෂ මාධ්‍ය්‍ය උත්සහ කළ ද සිරකරුවන් මුහුණ දෙන වෛෂික කාරණා ඊට වඩා බරපතළය. මීගමුව බන්ධනාගාරයේ රැදවියන් තබා ගත හැකි ධාරිතාව 600 ක් වුවත් රදවා තබා සිටින සංඛ්‍යාව 2200 කි. ඩෙංගු නිසා පීඩිා විදින පිරිසට නිසි ප්‍රතිකාර තියා පෙනඩොල් පෙත්තක්වත් නොලැබෙන බව මීගමුව බන්ධනාගාරයේ වහල උඩ නැගී විරෝධතාවයේ නිරත වු කාන්තාවක් ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *