ගිංගඟේ පා වු මළ සිරුර සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරයි !

0
DSC_6092

ගිංගඟේ පාවෙමින් තිබු මෘත දේහය සම්බන්ධයෙන් බද්දේගම මහේස්ත්‍රත් අධිකරණය හමුවේ ගොනු කර ඇති අංක බී 38580 නඩුව අද (03 ) විභාගයට ගත් අවස්ථාවේදී එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගත් ගාල්ල අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ රමේෂ් ලක්ෂාන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබු අතර සැකකරු දින දාහතරකට (14) නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ජුලි 18 වනදා නැවත කැඳවන්නැයි රේජිස්ටාර්ට නියම කළේය.

මරණකරු කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව රැගෙන එම සඳහා ලක්ෂාන් නැමති සැකකරු කුරුණෑගලට ගොස් ඇත.

මෙසේ ගිගඟේ පාවෙමින් තිබියදී පොලිසි මගින් සොයා ගෙන තිබුනේ ගාල්ල අහුන්ගල්ලේ පදිංචිකරුවෙකු වන තාරුකාර විරාජ් රශ්මික ද සිල්වා හෙවත් අල්මේදා නැමැත්තාගේ මෘත ශරීරයයි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ලසන්න විජෙනායක,යසස් විජේසංහ සහ නුවන් ජයවර්ධන යන නීතිඥවරු පෙනී සිටි අතර අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව සැකකරුව අත්අඩංගුවට ගෙන පහර දී හිස් කොළ වලට අස්සන් කරවාගෙන ඇතැයි එම නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාහ කළහ. එහි දී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ මුල් අවස්ථාවේ ඒ බවක් අධිකරණය හමුවේ ප්‍රකාශය කර නැතැයි පැවසීය. සැකකරුට බන්ධනාගාරයේ අවශ්‍ය ආරක්ෂාව තිබේදැයි මහේස්ත්‍රාත්වරය සැකකරුගෙන් විවෘත අධිකරණයේදී විමසු අවස්ථාවේදී සැකකරු ආරක්ෂාවී ඇතැයි කීය‍. අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පෙර අධිකරණ වෛද්‍ය නිලධාරීයා හමුවට ඉදිරිපත් කළ බවත් එහි දී ඒවැනි පහරදීමක් ගැන සැකකරු අධිකරණ වෛද්‍යවරයාට පැවසු බවක් හෝ ඒවැනි දෙයක් වාර්තාවේද සඳහන් නොවන බව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තු වෙනුවෙන් පෙනී නිලධාරීයෙකු අධිකරණය හමුවේ පැවසීය.

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු පාපෝච්චාරනයක් කර රජයේ සාක්කිකරුවෙකු වීමට සිය කැමැත්තෙන් සිටි බව වාර්තා වන අතර පසුව බාහිරීන් පැමිනි බලපෑම් හමුවේ සැකකරු පසුව එම ස්ථාවරය වෙනස් කර ඇත. සංවිධානාත්මක අපරාධකරුවෙකු යැයි පොලිසිය නම් කරන කරන්දෙණියේ සුද්දා , ගාල්ල අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් බේරා ගැනීම සඳහා නීතිඥවරුන්ට මෙන්ම පොලිස් නිලධාරීන් සඳහා විශාල වශයෙන් මුදල් වියපැහැදම් කරන බව ලංකා ස්කයි නිවිස් වෙත වාර්තාවේ.

අල්මේදා අහුන්ගල්ලේ පැටිගේ පාර්ශ්වය වෙනුවෙන් කටයුතු කර ඇති බවත් ඔහු ඝාතනය කර ඇත්තේ පොලිස් පාතාලය සහ සංවිධානාත්මක අපරාධකරුවන් වන කරන්දෙණිය සුද්දා සහ කොස්ගොඩ සුජිගේ පාර්ශවය විසින් බවට තොරතුරු අනාවරණය වී ඇත.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා පෙනී සිටියේය.

බද්දේගම ලංකාදීප වාර්තාකරු නීතිඥ සේනක පෙරේරා සහ අල්මේදාගේ මව අධිකරණය ඉදරිපිට මාධ්‍යයට සිද කළ ප්‍රකාශ විඩියෝ කර රජයේ බුද්ධි නිලධාරීන් හට ලබා දෙන අයුරු දැක ගන්නට ලැබු අතර එහි දී නීතිඥ පෙරේරා මාධ්‍ය සදාචාරය මේක දැයි එම මාධ්‍යවේදීයාගෙන් තදින් ප්‍රශ්න කළේය. විශේෂයෙන් මහජනතාව මාධ්‍යවේදීන් ලෙස හැසිරෙමින් මහජනයාට එරෙහිව කටයුතු කරන මේ වැනි අයගෙන් ආරක්ෂා විය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *