ගිංගඟේ පාවෙමින් තිබු මෘත දේහය සම්බන්ධයෙන් බද්දේගම මහේස්ත්‍රත් අධිකරණය හමුවේ ගොනු කර ඇති අංක බී 38580 නඩුව අද (03 ) විභාගයට ගත් අවස්ථාවේදී එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගත් ගාල්ල අපරාධ කොට්ඨාශයට අනුයුක්තව කටයුතු කළ රමේෂ් ලක්ෂාන් අධිකරණය හමුවට ඉදිරිපත් තර තිබු අතර සැකකරු දින දාහතරකට (14) රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි නියෝග මහේස්ත්‍රාත්වරයා නඩුව ජුලි 18 වනදා නැවත කැඳවන්නැයි නියම කළේය.

මෙසේ ගිගඟේ පාවෙමින් තිබියදී පොලිසි මගින් සොයා ගෙන තිබුනේ ගාල්ල අහුන්ගල්ලේ පදිංචිකරුවෙකු වන තාරුකාර විරාජ් රශ්මික ද සිල්වා හෙවත් අල්මේදා නැමැත්තාගේ මෘත ශරීරයයි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ලසන්න විජෙනායක,යසස් විජේසංහ සහ නුවන් ජයවර්ධන යන නීතිඥවරු පෙනී සිටි අතර අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව සැකකරුව අත්අඩංගුවට ගෙන පහර දී හිස් කොළ වලට අස්සන් කරවාගෙන ඇතැයි එම නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාහ කළහ. එහි දී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ මුල් අවස්ථාවේ සැකකරු ඒ බව අධිකරණයට ප්‍රකාශය කර නැතැයි පැවසීය. සැකකරුට බන්ධනාගාරයේ අවශ්‍ය ආරක්ෂාව ඇද්දැයි මහේස්ත්‍රාත්වරය සැකකරුගෙන් විවෘත අධිකරණයේදී විමසු අවස්ථාවේදී සැකකරු ආරක්ෂාවී ඇතැයි කීය‍. අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පෙර අධිකරණ වෛද්‍ය නිලධාරීීයා හමුවට ඉදිරිපත් කළ බවත් එහි දී පහර දීමක් සිදු වු වා්තාවේ සදහන් නොවන

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු පාපෝච්චාරනයක් කර රජයේ සාක්කිකරුවෙකු වීමට සිය කැමතෙන් ඉදිරිපත් සිටි අතර පසුව බාහිරීන් පැමිනි බලපෑම් හමුවේ සැකකරු එම ස්ථාවරය වෙනස් කර ඇතැයි වාර්තාවේ. සංවිධානිත්මක අපරාධකරුවෙකු යැයි පොලිසිය නම් කරන කරන්දෙනියේ සුද්දා ගාල්ල අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් බේරා ගැනීම සඳහා නීතිඥවරුන්ට මෙන්ම අනිකුත් කටයුතු සඳහා විශාල වශයෙන් මුදල් වියපැහැදම් කරන බවත් ලංකා ස්කයි නිවිස් වෙත වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *