කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් දෙදනෙකු මරා දමයි – තවත් රැඳවියන් පිරිසක් රෝහල් ගත කරයි !
කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් දෙදෙනෙකු මිය ගොස් 15 දෙනෙකු පමන පිරිසක් රෝහල් ගත කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි .
එම ගැටුමට හේතුව දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන්තාවයක් බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.
දෙපිරිස අතර ඇති නොසන්සුන්තාවය මැඩ පැවැත්වීම සදහා නිලධාරීන් කඳුළු ගෑස් භාවිතා කර ඇත.
මෙම නොසන්සුන්තාවය ඊයේ (05) රාත්රියේ ඇති වී ඇති අතර පසුව නිලධාරීන් මැදහත් වී එය පාලනය කර ඇති බවත් අද (06) උදේ එය නැවත එම ගැටුම වී ඇත.
රැදවියන් බන්ධනාගාර රෝහලට අලාභානි කර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

