සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා සහ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් මරා දමන බවට තර්ජනය කරයි !

0
Senaka-Sudesh

සිරකාරයන්ගේ ප්‍රශ්න උන් බලා ගනී, උඹලා කලබලවෙන්න එපා යැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ‌ සේනක‌ පෙරේරා සහ කැදවුම්කරු සුදේශ් නන්දිමාල් වැඩිය දැඟලුවොත් අඩි හයක් යට යවන බවට දේශප්‍රේම් ආරක්ෂක අංශය යැයි කියා ගන්නා සංවිධානයකින් මගින් මරණීය තර්ජන එල්ල කර ඇත.

මෙසේ තර්ජනය කර ඇත්තේ ලියාපදිංචි තැපැලෙන් එවන ලද ලියුම් මාර්ගයෙනි.

උඹලා ජිනිවා ගිහිල්ලා රට පාවා දෙන්න ලැජ්ජ නැද්ද? කුඩුකාරයන්ගේ සල්ලි අරගෙන බන්ධනාගර නිලධාරීන් පාවාදෙන එක උඹලා නතර කරේ නැත්නම් අඩි හයක් යට යවන බව එම ලිපියෙන් වැඩිදුරටත් තර්ජනය කර තිබේ.

මීගමුව බන්ධනාගාරයේ රැදවියන් විසිදෙනෙකු (22) අමානුෂික ලෙස මරා දැමිමට එරෙහිව ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටිමත් ගිංගඟේ පා වු තාරුකා විරාජ් රශ්මික ද සිල්වාගේ අභිරාහස් ඝාතනයේ අපරාධකරුවන් කොටු කරගැනීමට කටයුතු කිරීමත් මෙම තර්ජනයට ආසන්න හේතුව වී ඇත.

මීගමුව බන්ධනාගාරයෙන් රැදවියන් අතර හට ගත් ගැටුම මහර,මැගසීන්,කුරුවිට, සහ පල්ලන්සේන යන බන්ධනාගාර දක්වා පැතිර ගොස් තිබේ. ආණ්ඩුවට බන්ධනාගාර රැදවියන් මුහුණ දෙන රුදුරු කොන්දේසී වෙනස් කිරීමට මොනයම් හැකියාවක් නැති තත්වයන් අතුළේ එම ගැටුම් ක්‍රමන්ත්‍රණයක් යැයි කියා ඇඟ බේරා ගැනීමේ ව්‍යායාමයක නිරතව සිටි. එම ක්‍රමන්ත්‍රණයට හසු වී සිටින බංකොලොත් මධ්‍යම පාන්තිකයන් සහ සමරහර සංවිධාන ආණ්ඩුවේ කුමන්ත්‍රණ කතාව දැන් දැන් මතුරන්නට පටන් ගෙන ඇත.

මීගමුව බන්ධනාගාරය ගැටුම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඊට විරුද්ධ වුවන් අතර හට ගත් ගැටුමක් යැයි ආණ්ඩුව පැවසුවත් මීගමුව බන්ධනාගරය තුළ මත්ද්‍රව්‍ය තියා දුම් කොළ කෑල්ලක් සොයා ගත නොහැකි බව එම බන්ධනාගාරයේ සිට නිදහස් වු චරිත සමරසිංහ නැමති රැදවියා යුටියුබ් නාලිකාවක් පැවති සම්මුඛ සාකච්ජාවකදී පවසයි. ගැටුමට හේතුව බන්ධනාගාර නිලධාරීන්ගේ ගිරව් ලෙස කටයුතු කළ කාමර පාටිලාට එරෙහිව පැනනැගි කැරැල්ලක් බව ඔහු අවධාරණයකරයි. තදබදය ,ආහාර ,සනීපාරක්ෂක පහසුකම් නොමැති කම, වාට්ටු කැඩීම සහ නිලධාරීන් මුර්ග ලෙස සිදු කරන පහරදීම් එම කැරැල්ල මෝදු කළ වෛෂික කරුණු බව සමරසිංහ පවසයි. ජුලි 05 වනදා රාත්‍රියේ මීගමුව බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වී නිවා දමා තිබු ගින්න යළි සක්‍රීය වුනේ බන්ධ පොලිසීය බන්ධනාගාරයට ඇතුල් වී රැදවියන් වාට්ටු වලට ඇතුල් කිරීමට ගත් උත්සහයත් සමඟ බව ඔහු පවසයි.

මෙම ගැටුමත් සමඟ මීගමුව බන්ධනාගාරයේ හත්සීයක (700) පමන පිරිසක් වෙනත් බන්ධනාගාර වලට රැගෙන යන ලදී. සමරසිංහ රැගෙන ගොස් ඇත්තේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයටය. ඔවුන් බස් රථ වලින් ගොස් එහි බහින අවස්ථාවේ රබර් පටි සහ පොලු රැගත් නිලධාරීන් පනහක (50) පමන පිරිසක් රැදවියන් බුදි කර පිට පහර දුන් බවත් පහර දෙන අතර වාරේ රැදවියන්ගේ තුවාල වලට නිලධාරීන් ලුණු වතුර දැමු බව සමරසිංහ පවසයි.

මෙම සත්‍ය සමාජ ගත වෙන එක නතර කරන්න ආණ්ඩුවටත් බන්ධනාගාර ඇතුළු ආරක්ෂක අංශ වල අවශ්‍යතාවයකී .ඒ වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ මාධ්‍යවේදීන් නිහඩ කිරීම හැර ධනපති පාලකයින්ට වෙනත් විකල්පයක් නැත. මහජනයාගේ කිසිදු සමාජ ආර්ථික ප්‍රශ්නයක් විසදීමට ධනපති ජාජබ/ජවිපෙ ආණ්ඩු අසමත් විමත් සමඟ තල්ලු වෙන්නේ එකාධිපති රාජයක් කරාය.

ධනපති ආණ්ඩුවේ සහ ආණ්ඩු ආරක්ෂා කරන සුනඛයන්ගේ නිවට, බියගුලු මරණිය තර්ජන පරාජය කළ හැක්කේ කම්කරු-පීඩිත මහජනයා ධනපති පාලකයන්ට එරෙහිව බලමුළු ගැන්වීමෙන් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed