බ්‍රවුන්ස් සමාගම දුප්පතුන්ගේ ඉඩම් කොල්ලකයි !
බ්‍රවුන්ස් සමාගම විසින් කොළඹ දහය (10) දෙවානම්පියතිස්ස මාවතේ පිහිට් 43/5සින්නක්කර ඔප්පු අංත 5216 ඉඩමේ පිහිටි නිවස කඩා තාර අතුරා බලහත්කාරයෙන් අල්ලා ගෙන ඇතැයි එම ඉඩමේ අයිතිකරුවෙකු වන කේ.වී.ඩි.තිලකසිරි එම සමාගමට චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් මරදාන පෙලිසියට අංක එම් .සී.ආර්. 1449/2015 යටතේ දමන ලද පැමිනිල්ල විභාග නොකර එම සමාගම අවශ්‍ය පරිදි කටයුතු කරන බවට පැමිනිලිකරු චෝදනා කරයි.
එම පැමිනිල්ල විභාගයට නොගෙන එකපාර්ශ්වික මරදාන පොලිසිය කටයුතු කිරීම ගැන ජාතික පාලිස් කොමිසමට 16.03.2016 පැමිනිල්ලක් කර ඇති අතර ඒ අනුව පොලිස් කොමිසම 17.03.2016 දින පැමිනිලිකරු කැදවා විමර්ශනයක් සිදු කර , එදිනම අධිකරණයේ නඩුවක් පවරන්නැයි මරදාන පොලිසියට උපදෙස් දෙන ලදී.
පැමිනිලිකරුට පිය උරුමයෙන් උරුම වු නිවස සහ ඉඩමේ නොබෙදු තුනෙන් දෙකාක් (3/2) කොටසක් ඔහුගේ සහෝදරයා වන කංකානම් විදානගේ දොන් විජේසිරි සහ සහෝදරිය වන කංකානම් විදානගේ දොන් සීතා යන අයට හිමි වන අතර තුනෙන් එකාක් හිමි වන්නේ කංකානම් විදානලාගේ තිලකසිරිටය. විජේසිරි සහ සීතා යන අය විසින් එම ඉඩම නජිමා මොහොමඩ් ගඩාෆි නැමති කාන්තාවට බදු පදනම මත ලබාදී ඇත. බ්‍රන්ස්සමාගම දෙවානම්පියතිස්ස මවතේ අංක43/5 ඉඩම මිල දී ගන්නා අවස්ථාවේ එම ඉඩමේ පදිංචි වී සිට ඇත්තේ මෙහොමඩ් ගඩාෆි නැමති කාන්තාවයි. බ්‍රවුන්ස් සමාගම මිල දී ගත් නිවස සහිත ඉඩමෙන් තුනෙන් එකක කොටසක් (3/1) තිලකසිරි යන අයට අයිති බව එම විකුණුම්කරයේ (අංක 601) ද සදහන් වේ.
මරදාන පොලිසය මේ සම්බන්ධයෙන් අංක 10869/16 යටතේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ ද බ්‍රවුන්ස් සමාගගමේ අධ්‍යක්ෂකවරු වන ඉෂාර චින්තක නානයක්කාර , ,හර්බට් පෝෂිත ජානක සිල්වා , කල්ප උපේක්ෂා අමරසිංහ ,වඩුතන්ත්‍රි දර්ශන කපිල ජයවර්ධන සහ තිස්ස කුමාර බණ්ඩාරනායක යන අධ්‍යක්ෂක මණ්ඩලය එම නඩුවේ වගඋත්තකරුවන් නොකර එම මෙහෙයුම් කළමනාකරුට එරෙහිව පොලිසිය නඩු පැවරීම නිසා අධිකරණය නඩුව නිශ්ප්‍රභා කර වගඋත්තකරුවන් නිදොස් කොට නිදහස් කරන ලදී.
අධිකරණය මගින් නඩුව විසි කරන ලද්දේ , පොලිසිය ආදළ නිවසේ විකුනුම්කරයේ අංක 601 අධිකරණයට ඉදිරි පත් කර පැමිනිලිකරුගේ අයිතිය තහවුරු නොකිරීම, සැබෑ වගඋත්තකරුවන් වන අධ්‍යක්ෂක මණ්ඩලයට නඩු පවරනවා වෙනුවට බ්‍රවුන්ස් සමාගමේ මෙහෙයුම් කළමනාකරුව වගඋත්තකරු කිරීම සහ නිවස කැඩු බව අධිකරණය හමුවේ පිළිගත් නජිමා ගඩාෆිට චෝදනා පත්‍රයක් ගොනු නොකිරීම හේතු වෙනි.
කොළඹ නාගරික කොමසාරිස්වරයා අංක 601 විකුණුම්කරය අනුව අංක 43/5 දෙවානම්පියතිස්ස මාවතේ දේපලේ හිමිකරු කංකානම් විදානලාගේ දොන් තිලකසිරි බව ඔහුට ලිපියකින් දන්වා ඇත. නාගරික තක්සේරු දෙපාර්තමේන්තුව මගින් ද නොබෙදු ඉඩමේ තුනෙන් එකාක් (3/1) තිලකසිරිට අයත් බව පිළිගෙන තිබේ. කොළඹ නගර සැලසුම් අංශ මගින් ද මෙම ඉඩමේ ස්ථාන පරික්ෂණයේදී ගොඩනැගිල්ල ඉවත් කර තාර දමා බ්‍රවුන්ස සමාගම දොන් තිලකසිරිට අයත් දේපල අත්පත් කර ගෙන ඇති බව තහවුරු කර තිබේ.
මෙම ඉඩමේ නිවසට හානි කර අන්‍යර්ථයක් සිදු කළා යැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පනවා තිබු අංක 10869/16 නඩුවේ තීන්දුවේ මෙසේ සඳහන් වේ.
පැ.සා 01 සහ පැ.සා.02 චුදිතයින්ට එරෙහිව පෞද්ගලික ගණයෙහිලා මෙම නඩුව පවරා ඇති අතර ඔවුන් කිසිදු අන්තර්කාරී ක්‍රියාවකට කිසිදු සම්බන්ධයක් දැක් වු බවට මෙම අධිකරණය ඉදිරිපත් සාක්කි සහිතව ඉදිරිපත්ව නැත. ඒ අනුව පැ .සා 01 ක සහ පැ.සා.02 ක චුදිතයින් නිදොස් කොට නිදහස් කර ඇත.
පෙත්සම්කරු වන තිලකසිරි විසින් නඩු අංක එච්.සී.ආර්.ඒ.107/23 යටතේ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම් පතක් ගොනු කරමින් චුදිතයින්ට නොතිසී නිකුත් කරන ලෙසටත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් විසින් 2021 07.28. දෙන තීන්දුව ප්‍රතිශෝධනය කර ඉවත් කරන ලෙසටත් සාවද්‍ය සාක්කි ලබාදුන් පැ.සා 08 දඩුවම් කර දෙවානම්පියතිස්ස මාවතේ අංක 43/5 නිවස සාදාදීමට නියෝත කරන ලෙසටත් බ්‍රන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂක ඉෂාර චින්තක නානයක්කාර ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය කුලිය වශයෙන් ලක්ෂ හාරදාහසක් මුදලක් ලබාදීමට නියෝග කරන ලෙසටත් ඉල්ලා ඇත.
පෙත්සම්කරු විසින් එම නඩුවේ චුදිතයන් ලෙස ඒ.ජී.ඒ. චුලරත්න මහින්ද නානයක්කාර සහ ඩෙස්මන් ඩයස් (නියෝජ්‍ය අධ්‍යක්ෂක) යන අය නම් ඇත.
අධිකරණයේ පැවති නඩුවකින් පසු චුදිතයින් නිදොස් කොට නිදහස් කර අවුරුදු දෙකකට පසු ඒ සම්බන්ධයෙන් ප්‍රතිශෝධනයක් ඉදිරිපත් කිරීමෙන් අධි ප්‍රමානයක් සිදු වීම නිශ්ප්‍රභා විමට හේතුවක් බවත් අසත්‍ය සාක්කි ලබාදීම සහ වන්දි සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් හැකියාවක් නොමැති බවත්මහේස්ත්‍රාත් අධිකරණයේ අදාළ තීන්දුවේ කිසිදු අවස්ථාවක යම් සක්කිරුවෙකු අසත්‍ය සාක්කි ලබා දුන් බවට නිගමනයක් කර නොමැත. චුදිතයින්ට එරෙහිව නොතීසි නිකුත් කිරීමකින් තොරව නඩුව නිෂ්ප්‍රභා කර ඇත.
මෙම නඩුව පැමිනිල්ල මෙහෙවා ඇත්තේ මරදාන පොලිසිය මගින්ය. පොලිසිය පැමිනිල්ල මෙහෙවා ඇත්තේ බ්‍රන්ස් සමාගමට වාසි වන අන්දමටය. දෙවානම්පියතිස්ස මාවතේ ඉඩමේ සින්නක්කර ඔප්පුවේ සහ විකුණුම්කරයේ මුල් පිටපතක් ඉදිරිපත් කර තිලකසිරිගේ අයිතිය අධිකරණය හමුවේ තහවුරු කිරීම පොලිසිය හිතාමතා පැහැර තිබේ.
මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ හමුවේ විභාග වු නඩු දෙකේදීම පැමිනිකරු වන තිලකසිරිට එම ඉඩමට හිමිකම් කීමට අයිතියක් නැතැයි කියා නැත.
අපට එරෙහිව ගොනු කළ එක නඩුවක් විසි කළා අනෙක් නඩුව නිෂ්ප්‍රභා කළා . තිලකසිරි මහතා දෙනවානම්පියතිස්ස 43/5 ලිපිනය අයත් ඉඩමට අයිතියක් තියෙනවා නම් නීතියෙන් කටයුතු කරන්න යැයි බ්‍රවුන්ස් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂක මහින්ද නානයක්කාර අප දුරකතනයෙන් කළ විසුමකදී පැවසීය.