මොහොමඩ් ෂරීෆ්ඩීන් මරා දැමුවේ කාගේ අවශ්‍යතාවය මත ද?
සංජිව සමරරත්න නොහොත් ගනේමුල්ල සංජිව ඇතුළු ඝාතන කිපයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි මොහොමඩ් අෂාම් ෂරීෆ්ඩීන්ට එම බන්ධනාගාරයේ නිලධාරීන් පොලු වලින් පහරදී සහ යකඩ කූරු වලින් ඇණ මරා දැමුවේ කොන්ත්‍රාත්තුවකට දැයි බර පතළ සැකයක් මතුව තිබේ.
සිද්ධිය සිදු වී ඇත්තේ ජුලි (06) වනදා රාත්‍රි 10.20 පමන වන අතර පහර කෑමට ලක් ෂරීෆ්ඩීන්ව බන්ධනාගර රෝහලට රැගෙන ගොස් ඇත්තේ එදින රාත්‍රි 12 ටය. පසුදා උදේ 06 වන තුරු පණ තිබු බව දැන ගන්නට ලැබුනු බවත් කොළඹ ජාතික රෝහලට රැගෙන නොගොස් ඔහුව මරා දැමීමට කටයුතු කර ඇතැයි ඥාතියෝ බන්ධනාගාර පරිපාලනයට චෝදනා කරති.
මරණකරුගේ ශරීරයේ පනස් අට පොලක යකඩ කූරු වලින් ඇණ සිදු කරන ලද තුවාල සහ පොලු වලින් පහරදීම නිසා ඇති වු තැලුම් තුවාල තිබෙන බවත් ෂරීෆ්ඩීන් මිය ගොස් ඇත්තේ පහරදීමකින් බව පශ්චාත් මරණ පරික්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරීයා පැවසු බව ඔහුගේ ඥාති සහෝදරියක් මාධ්‍යයට පවසා තිබුණාය.
මැගසින් බන්ධනාගාරයේ ජුලි (06) රාත්‍රි10 ට පමන රැදවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ගැටුමකදී ෂරීෆ්ඩීන්ව මරාදමා ඇත. ඒ දින සවස බන්ධනාගාර නිලධාරීන් පවසන ආකාරයට, මැගසින් වත්තෙන් බන්ධනාගාරය ඇතුළට විසි කරන ලද පාර්සලයක් නිලධාරීයෙකු විසින් අහුලා ගැනීමට එරෙහිව ඊ සෙල් එකේ රඳවා සිටින රැඳවියන්ගෙන් එල්ල වු විරෝධය මෙම ගැටුමට හේතු වී ඇත.
ඊ සෙල් එකේ රඳවා සිටි රැඳවියන් ලොකර් කඩාගෙන නිලධාරීන්ට පහර දෙන්නට පැමින ඇති බවත් පසුව නිලධාරීන් එම තත්වය පාලනය කිරීමට යෑමේ දී ෂරීෆ්ඩීන් මිය ගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පවසයි.
රැඳවියන් සහ බන්ධනාගර නිලධාරීන් අතර නොසන්සුන්තාවයක් ඇති වී ඇති අතර පසු නිලධාරීන් රාත්‍රියේ ඊ සෙල් එක ඇර ෂරීෆ්ඩීන්ව එතැන් සිට බිම දිගේ ඇඳ ගෙන ගොස් කෲර ලෙස යකඩ කූරු වලින් සහ පොලු වලින් පහර දී මරා දැමු බව රැඳවියෝ පවසති.එම රැඳවියෝ සිද්ධිය සමිබන්ධයෙන් ඇසින් දුටු සාක්කිකරුවන් වන අතර ඔවුන් සාක්කි දීමට ඉදිරිපත් වන බව ද දැන ගන්නට ලැබි ඇත.
.සංජිව සමරත්න නොහොත් ගනේමුල්ලේ සංජිව නොහොත් මාකිලන්ගමුවේ සංජිව ඇතුළු තවත් ඝාතන කිපයක් සම්බන්ධයෙන් ෂරීෆ්ඩීන්ට චෝදනා එල්ල වී තිබේ. ඔහු හමුදාවේ විශේෂ කාර්ය බලකායට අනුයුක්තව කටයුතු කර පසුව ඉන් ඉවත් වී ඇත. අධිකරණයෙන් ෂරීෆ්ඩීන්ව ඇප මත මුදා හැර තිබු බව ඔහුගේ ඥාති සහෝදරියක් යුටියුබ් නාලිකාවක් සමඟ පවසා තිබුණාය.
මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබීමට අනුමත සංඛ්‍යාව 499 කි . තොරතුරු පනතෙන් ගත් තොරතුරු අනුව 2025 ඔක්තෝම්බර් වන විට මැගසින් බන්ධනාගාරයේ සිර 38කුත් සැකකරුවන් 2891කුත් වශයෙන් 2929 රඳවා සිට තිබිණ.
ගාල්ල දිසා අපරාධ කොට්ඨාශය මගින් තාරුකා විරාජ රශ්මික ද සිල්වා නොහොත් අල්මේදා අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධ කල්ලියකට අල්මේදාව භාර දී මෙන්ම අනතුරුව ඔහුට වධ දී මරා ගිංගඟට දමා ඇතැයි කරුනු අනාවරනය වෙම්න් පවති. මෙම ගනුදෙනුව සිද්ධ වී ඇත්තේ කෝටි 02 කට බවත් වාර්තාවේ. අල්මේදා රැගෙන එම සඳහා තවත් නිලධාරියෙකු සමඟ යතුරු පැදියෙන් මාවත ගමට ගිය රමේෂ් ලක්ෂාන් නැමති නිලධාරීයා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
පොලිසිය මෙන්ම බන්ධනාගාර නිලධාරීන් ද කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මරණ බවට චෝදනා එල්ල වී තිබේ. ෂරීෆ්ඩීන් මරාදැමුවේ ආණ්ඩුවේ උවමනාටද නැතිනම් ප්‍රතිවිරුධ පාතාල කල්ලි වල අවශ්‍යතාවය මත යන්න බරපතළ සැකයක් පවති.
ආණ්ඩුව විරුද්ධ පක්ෂ දේශපාලඥයන් මෙන්ම ආණ්ඩුව විවේචනය කරන පිරිස් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර පසුව රැඳවියන් අතර සිදු වු ගැටුමකින් මිය ගියා යැයි පැවසීමේ අවදාමනක් ඇතැයි දේශපාලන විචාරකයෝ පවති.