ආණ්ඩුව හාම්පුතුන්ට සේවක අර්ථ සාධක අරමුදල භාරදීමට කැසකවයි

0
DSC_6788

ජාජබ /ජවිපෙ ආණ්ඩුව සේවක අර්ථ සාධක අරමුදල ත්‍රෛපාර්ශවි මණ්ඩලයකට නතුකිරීමට එරෙහිව රාජය , අර්ධ රාජය අංශ  වල , පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති වල නායකයින් සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයින් අද (28)  පෙරුවරුවේ  ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපති අනුර කුමාරට පෙත්සමක් බාරදෙන ලදී.

වෘත්තීය සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ චිත්තන් පලම් ගාඩන්ස් හි  පිහිට් ශ්‍රී ලංකා ගුරු සංගම් කාර්යාලයේ සිට පා ගමනින් ගොස් ජනාධිපති ලේකම් එම පෙත්සම බාර දුන්හ.

මෙම අවස්ථාවට වෘත්තීය සමිති සමාජිකයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාධරයින් 50 පමන පරිසක් සහභාගි වී සිටියහ.

පහතින් පල වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකට භාර දෙන වෘත්තීය සමිති සහ සිවිල් ක්‍රියාකාරකයින්ගේ අත්සන් සහිතව භාරදුන් පෙත්සම සමඟ භාර දුන් ලිපියේ කොටසකි.

”මහා බැංකුව යටතේ පාලනය වු සේවක අර්ථ සාධක අරමුදල කොම්පැණි අයිතිකරුවන් ඇතුළු ත්‍රෛපාර්ශවික මණ්ඩලයකට පැවරීමට එරෙහිව එම පෙත්සම භාර දෙන ලදී.,නොබෝදා පැවති සාකච්ජාවකදී නියෝජ්‍ය මුදල් ඇමති ආචාර්ය අනිල් ජයන්ත පෙන්වාදුන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරනය නිසා EPF රුපියල් බිලියන 600ක පාඩුවක් සිදුවන බවයි .අප ගනනය කිරීම් වලට අනුවමෙම අගය රු. බිලියන 634.4 ක් වන අතර එය අලාබයේ නාමික අගය පමනකි. අහිමි වන ප්‍රති ආයෝජනය සලකා බැලීමේදී EPF  අරමුදලට වන පාඩුව අති දැවැන්තය. එම අගය රු.බිලියන 1711 ක්වන අතර එය අරමුදලට 2023 -2038 කාලය තුළ හිමවීමට නියමිත දළ ආදායම 48% ක් තරම් වු දැවැන්ත පාඩුවකි. ( මේ ගනනය කිරීම් සහඒ අනුව යෝජිත විකල්ප විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සමිත් සම්මේලනය අනුමත කර , ශ්‍රේෂ්ඨාකරනයට 2024 වසරේ දිවුරුම් ප්‍රකාහයක්දෙන ලදී) මෙම මහා මංකොල්ලය හරහාද සුදවුයේබැංකු පද්ධතිය ආරක්ෂා කරගැනීමේ මුලාවෙන් මහා පරිමාන ආයෝජකයින් සහ වානිජ බැංකු සතු බැදුම්කර වල ඉහල පොලිය පවත්වාගෙන යාම සහ පසු කාලීනව මෙම බැදුම්කර වල ලාභය අති දැවන්තය ලෙස ඉහල දමා ගැනිමයි . දැන් මෙවැනි මංකොල්ලයත්‍රෛපාර්ශවික කමිටුවක වෙිශයෙන් නැවත හිස ඔසවා ඇත. ,,

වෘත්තීය සමිති නායකයින් සහ සිවිිල් නියෝජිතයෝ පෙත්සමට අත්සන් කරන අයුරු දැක් වේ.

පෙත්සම භාරදීම සඳහා සහභාගිවු පිරිස් ඉහත ජායාරූප දැක්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *