ආණ්ඩුවට එරෙහිව ජන ප්‍රතිවිරෝධය පාරට
බඩු මිල උහුලන්න බැරි තරමටම වැඩි වෙලා,ජිවත් වෙන්න අමාරුයි ජන ප්‍රතිවිරෝධය නමින් ජන අරගල ව්‍යාපාරය අද (03) සවස විරෝධතා පා ගමනක් සහ පිටකොටුව ලංගම බස් රථ නැවතුම් පොල ඉදිරිපිට රැස්විමක් ද පවත්වන ලදී.
පාගමන බොරැල්ලේ කැම්බැල්පිටිය ඉදිරිපිටින් ආරම්භ කර ළමා වාට්ටුව හරහා බොරුල්ල මංසන්දියේන් දකුණට හැරී මරදාන හරහා සටන් පාඨ ලියන ලද පුවරු ඔසවාගෙන , සටන් කියමින් විරෝධතාකරුවෝ පිටකොටුව දක්වා පාගමින් පැමිනියහ.
විරෝධතාකරුවෝ පිටතොටුව බස් නැවතුම් පොල ඉදිරිපිට වේදිකාවක් තනා රැස්විමක් පවත්වන ලදී.
මෙම විරෝධතා පාගමනට දෙදහකට (2000) පමන පිරිසක් සහභාගි වී සිටියහ.
ආහාර වල බදු ඉවත් කරන්න !
සෞඛ්‍ය උපකරණ සෞඛ්‍ය සේවාවල බදු ඉවත් කරන්න !
පාසල් උපරකරණ පොත් පත්වල බදු ඉවත් කරන්න!
ජිවන වියදම දරන්න බෑ විසඳුම් දෙන්න!
පොදු ප්‍රවාහනයට ,භාණ්ඩ ප්‍රවාහනයට ,නිෂ්පාදන සඳහා ඉන්ධන සහනාධාරයක් දෙන්න ! යනුවෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා බෙදා හරින ලද පත්‍රිකාවේ එම ඉල්ලීම් සඳහන්ව තිබුණි.












