ධීවර සංගම් දෙක අතර ගැටුමට කදුළු ගැස් ප්‍රහාරයක්
Sri Lankan police launch tear gas at Tamil fishermen
මුලතිව් ප්‍රදේශයේ ධීවර සංගම් දෙකක් අතර ඇති වීමට ගිය ගැටුම වළක්වන්නට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැර තිබේ.
තහනම් පන්න ක්‍රම භාවිතා කිරීමට එරෙහිවත් ඊට අනුබල දෙන මුලතිව් ධිවර හා ජලජ සම්පත් කාර්යාලයේ නිලධාරීන් ඉවත් කරන ලෙසත් බලකර මුලතිව් දිස්ත්‍රික්ක ධීවර සංගමය ඊයේ (05) එම කාර්යාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට එරෙහිව තවත් ධීවර පිරිසක් ජලජ සම්පත් කාර්යාලය ඉදිරිපිට පැමිණිමට ගත් උත්සහාය ව්‍යාර්ථ කිරීමට පොලිසිය කදුගෑස් එල්ල කර ඇත.

තහනම් පන්න ක්‍රම වලට එරෙහිව සහ එ සඳහා අනුබල දෙන ජලජ සම්පත් කාර්යාලයේ නිලධාරීන්ට ඉවත් කරන්නැයි බලකර, මුලතිව් දිස්ත්‍රික් ධීවර සංගමයේ සමාජිකයින් සහ පවුල් එම කාර්යාලය ඉදිරිපිට වාඩිලාගෙන විරෝධතාවයේ නිරත වි තිබේ.
ඩයිනමයිට් හා ලයිට්කොස් ක්‍රමයට මසුන් මැරීමට ඉඩ ලෙසත් ජලජ සම්පත් කාර්යාලයේ නිලධාරීන්ට එරෙහිව පරික්ෂණ නොකරන ලෙසත් සෙබස්තියන් පිල්ලේ ගුණසීලන් නායකත්වය දෙන ධීවර සංගම් ඉල්ලා සිටි.
(ඡායාරූප සහ වීඩියෝ අනුග්‍රහය – Tamilguardian)









