Skip to content
September 14, 2026
  • Home
  • පුවත් විශේෂාංග
  • ව්‍යාපාර පුවත්
  • ක්‍රීඩා
  • දේශපාලන
  • විදෙස්
  • වෙනත්
  • වීඩියෝ
  • About-Us
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube

lankaskynews

Sri lanka no 1 news provider

Primary Menu

lankaskynews

  • Home
  • පුවත් විශේෂාංග
  • ව්‍යාපාර පුවත්
  • ක්‍රීඩා
  • දේශපාලන
  • විදෙස්
  • වෙනත්
  • වීඩියෝ
  • About-Us
  • විදේශ
  • World

ලෙහ්මන්ගේ ට්විටර් ගිණුම තහනම් කිරීම ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ බංකොලොත්කම එලිමහනට

skynews October 5, 2022 0
Twitter locks account of Will Lehman, rank-and-file candidate for UAW president, in act of censorship

Twitter locks account of Will Lehman, rank-and-file candidate for UAW president, in act of censorship

ඇමරිකාවේ එක්සත් මෝටර් කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) සභාපති ධූරාපේක්ෂක හා සාමාන්‍ය මෝටර් රථ කම්කරුවෙක් වන විල් ලෙහ්මන්ගේ ට්විටර් ගිණුමට එම සමාගම විසින් පනවනු ලැබ තිබූ තහනමට විරුද්ධව කොළඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) සිට ගනී.

තහනම පනවා තිබුනේ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව හා කවර රීතියක් උල්ලංඝනය කර ඇත්තේද යන්න පවා නොදක්වමිනි.

පැහැදිලිවම, මෙම තහනම ලෙහ්මන්ට ලැබෙන පුලුල් සහයෝගයෙන් භීතියට පත්ව සිටින බඩජාරී වෘත්තීය සමිති නිලධරයේ හා කම්කරුවන් සූරාකන සමාගම් හිමියන්ගේ අවශ්‍යතාවය පරිදි සිදුවූවක් බවට සැකයක් නැත.

තහනමට එරෙහිව වර්ධනය වූ මහජන විරෝධය මධ්‍යයේ පැය විසි හතරක් ගතවන්නට පෙර තමන්ගේ ‘දෝශයක්’ බව පවසමින් තහනම අවලංගු කරනු ලැබ ඇතත්ළ, තම ක්‍රියාව ගැන කිසිදු වග කිවයුතු ප්‍රකාශයක් ට්විටර් සමාගම විසින් සිදු කර නැත. ගිනුම තහනමට ගනු ලැබුවේ කවර රීතියක් කඩකිරීමක් පිළිබඳව, කවරෙකුගෙන් ලැබුනු තොරතුරක් මතද යන්න ට්විටර් සමාගම හෙලිදරව් කළ යුතු ය.

ලෙහ්මන්, ‘සමාගම්වල උප දෙපාර්තමේන්තුවක්’ ලෙස තමන් විසින් නිවැරදිව නම් කරනු ලැබූ යූඒඩබ්ලිව් යාන්ත්‍රණය අහෝසි කිරීමේ හා සාමාන්‍ය කම්කරුවන් වෙතට බලය මාරු කිරීමේ ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කර යි.

මැතිවරණය තුල එකම සමාජවාදී අපේක්ෂකයා ඔහුය.

ලෙහ්මන්ගේ අරගලය සම්බන්ධයෙන් ආරම්භයේ සිටම අප අවධානයෙන් සිට ඇත.

ඔහු පෙනී සිටින්නේ ගෝලීය වශයෙන් අවශ්‍ය සම්පත් සහ ධනය නිර්මාණය කරන බහුතරයක් වන කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි.

ඇමරිකානු ජනතාවගෙන් කිසිදු විමසීමක් නොකර බයිඩන් ආණ්ඩුව බිලියන ගණනින් මහජන මුදල් යුද්ධයට වැය කරයි. දැන් යුක්‍රේනයේ, රුසියාවේ හා ගෝලීය කම්කරු පීඩිත ජනයාගේ වියදමින් අධිරාජ්‍යවාදී මූල්‍ය ආධිපත්‍යයේ අවශ්‍යතා සදහා ඇමරිකාව යුක්‍රේනය තුල යුද වදී.

අනික් පසින්, එක්සත් ජනපදය යුද වදින්නේ එරට මානව සම්පත් යොදවා විවෘත යුද්ධයක් ගෙන යාම මගින් රට තුල ඇති විය හැකි අර්බුදය හා පන්ති අරගලය මග හැර යාමට ය.

වෘත්තිය සමිති මූල්‍ය ප්‍රාග්ධනයේ සියලු අවශ්‍යතා වෙනුවෙන් කම්කරු පන්තිය බිලි දීමට සෑම අතින් ම වැඩ කර ඇත.

පුළුල්වන සමාජ අසමානතාවයේ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා ලොව සෑම රටකම පාලක පන්ති මේ අයුරින් කම්කරු, පීඩිත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් අහෝසි කරයි.

ලෙහ්මන්ගේ ට්විටර් ගිණුම තහනම් කිරීම ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ බංකොලොත්කම එලිමහනට

ලොවපුරා මාධ්‍ය ආයතන මහජනයාට විරුද්ධ මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් ගැනීම, මෙම ආයතන ධනේශ්වර ග්‍රහණයෙන් මුදවා කම්කරු මහජනතාවගේ අධිකාරිය යටතට ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.

දියුනු ධනපති රටවල මෙන් ම, පසුගාමී රටක් වන අප ජීවත් වෙන ශ්‍රී ලංකාවේ පාලක පන්තිය හා ඔවුන්ගේ මාධ්‍ය ආයතන මහජනයා තලා දැමීම හා විකල්ප අදහස් මැඩීම සඳහා රාජ්‍ය මර්දන යාන්ත්‍රනය මුවහත් කරමින් සිටී.

මෙය සිදු වන්නේ වෘත්තිය සමිතිවල පූර්න අනුග්‍රහයෙනි. පසු ගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා අවසන් වී නොමැති දශලක්ෂ ගනන් මහජනයා සහභාගී වූ අරගලයට හිටුපු අගමැති මහින්ද රාජපක්ෂගේ මැර කල්ලිය එල්ල කල ප්‍රහාරයට එරෙහිව වරාය, සෞඛ්‍ය සහ අනෙකුත් ක්ෂේත්‍රවල කම්කරුවෝ වහා මැදිහත් වී රාජපක්ෂට අගමැති ධූරය හැර යන්නට කටයුතු සැලසූහ.

පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද පලවා හැරුණි. ඉනික්බිති ඇමරිකානු ගැති කුප්‍රකට දේශපාලනඥයකු වන රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පිහිටු වූයේ අරගලය මගහැර, මහා වැඩවර්ජන දෙකක් පාවා දෙමින් කටයුතු කළ වෘත්තීය සමිති වල සහයෝගයෙනි.

ශ්‍රී ලංකාවේ කම්කරුවන් හා ගොවි ජනතාව ඇතුළු පීඩිත මහජනයා, ලෙහ්මන්ගේ හා ඇමරිකානු කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලයට බද්ධ කිරීම සඳහා අප ක්‍රියාකාරී කමිටුව කටයුතු කරනු ඇත.

ලෝක යුද්ධය නතර කරනු සදහා ද, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සදහා ද මෙම ජාත්‍යන්තර එකමුතුව දිගටම පවත්වා ගැනීමට ද කොලඹ ක්‍රියාකාරී කමිටුව අධිෂ්ඨානශීලී ව ක්‍රියාකරනු ඇත.

කොළඹ ක්‍රියාකාරී කමිටුව

John Deere Harvester worker voices support for UAW presidential candidate Will Lehman

Post navigation

Previous: හේග් නුවර මහජන සභාව, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන, රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා කරයි
Next: ධීවර සංගම් දෙක අතර ගැටුමට කදුළු ගැස් ප්‍රහාරයක්

More Stories

download
  • විදේශ

පැය 24 ක් තුළ NRWA කාර්ය මණ්ඩල සමාජිකයින් 14 දෙනෙක් ඝාතනය කරයි

skynews October 28, 2023 0
images (6)
  • විදේශ

පලස්තීන කම්කරු -පීඩිත මහජනයාට එරෙහි ‌ඊශ්‍රායල් ගොඩබිම් මෙහෙයුම් අරඹයි

skynews October 28, 2023 0
AP23293531199828-1697821827
  • විදේශ

ගාසා හි අල් අහ්ලි අරාබි රෝහල පුපුරවා හැරීම ඊශ්‍රායල වැඩක් ද?

skynews October 21, 2023 0

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

Bogdan
  • Politics

බොග්ඩාන් සයුරොටියුක් නිදහස් කරනු! ඔහුට පැනවූ වසර 15 ක සිර දඬුවම අහෝසි කරනු!

skynews September 10, 2026 0
Sub-title
  • Arts

1970 දශකයේ ලෝක විරෝධතාකල්ප ගී ධාරාවේ නන්දා මාලනියගේ භූමිකාව – 2 (අවසාන)කොටස

skynews September 10, 2026 0
83db92f548147a8a0b6086a80c7ddff1da69e703
  • Politics

ආන්ඩුව අධිකරනයට බලපාන විසි දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට තල්ලු කරයි

skynews September 6, 2026 0
DSC_6535
  • News

පාර්.මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නැයි නියෝග කරයි

skynews September 4, 2026 0
DSC_6506
  • News

අධිකරණයට අත තියලා දිනපු එකෙක් නෑ ඉඳලා

skynews September 3, 2026 0

Categories

ARt Arts Business Climate Court orders economic crisis Education foreign news Fundamental rights Health invitigation News Newsbeat Politics Science Sports Stories Travelling Uncategorized Video World ක්‍රීඩා තාක්ෂණික දේශපාලන පුවත් විශේෂාංග ව්‍යාපාර විදේශ විශේෂාංග ලිපි වෙනත් සංචාරක සයුරෙන් එතෙරෙ
  • Home
  • ක්‍රීඩා පුවත්
  • දේශපාලන පිටිය
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © All rights reserved Lanka Sky News . | CoverNews by AF themes.