හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රිආරචචිව රදවාගෙන ප්‍රශ්න කරන්න අවසර

0
images (81)

ආරක්ෂක අමාත්‍යංශය නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රිආරච්චිව රැදවුම් නියෝග මත දින තිහක (30) කාලයක් වැඩිදුර ප්‍රශ්න කිරීම ලබා දුන් අවසරය මත ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සදහන් කරයි.

කොළඹ අපරාධ කොට්ඨාසය කත්‍රිආරච්චිව අත්අඩංගුවට ලන්නේ ගිනි අවියක් ,අත් බෝම්බයක් ,සහ උණ්ඩ තොගයක් සමගය.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පිළියන්දල , මාම්පේ, වවනවත්ත පාර නිවස ඉකුත් (16) පරීක්ෂාකර විදේශීය රටක නිෂ්පාදිත  අත්බෝම්බයක් , ටි 56 මැගසින් 02 ක්, දශම 22 දරන  උණ්ඩ 103 ක් මිලි මිටර් 7 දශම 2  උන්ඩ 31 ක් , ටි 56  උන්ඩ 221 හා බෝර 16 ස්ටීවන් වර්ගය ගිනි අවියක් පොලිස් බාරයට ගත්තේය.

සැකකාර හිටපු අමාත්‍යවරයාගේ නිවසේ ටි 56 ගිනි අවියක් තිබෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කැස්බෑව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් දෙමහල් නිවස සෝදිසියට ලක් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *