හෝමුස් සමුද්‍ර සන්දිය හරහා ගමන් කළ ඉරාන භාණ්ඩ වැවකට ඇමරිකාව පහර දෙයි.

0
articles2FXDwZF3bzNOgIc3O7PZgk

ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එක්සත් ජනපද නාවික හමුදාව මගින් වෙඩි තබා අත්අඩංගුවට ගෙන ඇත.

එම නෞකාව ඇමරිකන් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්දිය හරහා ගමන් කරමින් සිටියදීය.

මේ සම්බන්ධව සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ එම නෞකාවට නතර කරන ලෙස අනතුරු අඟවා තිබූ නමුත් ඊට ප්‍රතිචාර නොදැක්වීමෙන් පසු අමෙරිකානු නාවික හමුදාව විසින් නෞකාව අල්ලා ගනු ලැබූ බවය.

අඩි 900කට ආසන්න දිගකින් යුත් මෙම නෞකාව ඉරාන ධජය සහිත TOUSKA නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බවත් එය සිය නාවික අවහිරය පසුකර යාමට උත්සාහ කළ බැවින් එය සිය භාරයට ගත් බව ට්‍රම්ප්ගේ එම සටහනේ සඳහන්ව තිබුණි.

එහිදී අදාළ නෞකාවට නවත්වන ලෙස අනතුරු ඇඟවීමක් සිදුකළ නමුත් ඔවුන් එම අනතුරු ඇඟවීම නොතකා ඔවුන් යාත්‍රා කිරීමෙන් අනතුරුව එම නෞකාවේ එන්ජින් කාමරයට ප්‍රහාරයක් එල්ල කර එය නැවැත්වූ බවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ වැඩිදුරටත් සදහන්ව ඇත.

ඉරානයට අයත් භාණ්ඩ නෞකාව අල්ලා ගැනීම සන්නද්ධ මුහුදු කොග්ග කෑමේ ක්‍රියාවක් ලෙස ඉරානය හෙළා දකින අතර පළි ගන්නා බව ශපථ කරයි.

එක්සත් ජනපදයේ ජනා‍දිපති ඩොනල් ට්‍රම්ප් ඉරානය සමග පකිස්ථානයේ ඉස්ලාම්බාද් හි පැවැත්වෙන සාකච්ජාව සදහා කණ්ඩායමක් යවන බව නිවේදනය කර පැය කීපයකට පසුව ඉරාන භාණ්ඩ නැවට එම ප්‍රහාරය එල්ල කර ඇත.

හෝමුස් සමුද්‍ර සන්දිය අවහිර කිර‍ීම එක්සත් ජනපදය නතර නොළොහොත් ඉරානය සාකච්ජා සදහා සහභාගි නොවන බව ඉරානය පවසයි.

අල් ජාසීරා ඇසුරින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *