පොලිසිය පහර දෙද්දී , විරෝධතාකරුවන් ද පොලිසියට පෙරළා පහර ‌දෙති

0
DSC_0552

සටහන සහ ජායාරූප ශාන්ත විජේසුරිය විසිනි

ඉන්දියන් ව්‍යාප්තවාදය සහ අයි .එම් .එෆ් . මර උගුල පරදවමු ! යන මැයෙන් අද (20) සවස (2.30) ට කොටුව දුම්රිය පොල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පෙළපාලිය පොලිසිය ,කැරැළි මර්දන පොලිසිය , විශේෂ කාර්ය බලකාය සහ සන්නද්ධ හමුද්‍ර මැදිහත් වී විසුරුවා හැරීමට ගත් උත්සහයේ දී නොසන්සුන්කාරී වු විරෝධතාකරුවන් පොලිස් බාධක බිදගෙන ඉදිරියට ගමන් කළහ .

පසුව පොලිසිය විරෝධතාකරුවන්ගේ ගමන නැවැත්විම සදහා ජල ප්‍රහාරක රථ සහ කදුළු ගෑස් භාවිතා කර විරෝධතාකරුවන් විසුරුවා හරින ලදී .

මෙම විරෝධතා උද්ඝෝෂණය කැදවා තිබුණේ ජන අරගල ව්‍යාපාර මගින්ය .

පොලිසිය මෙහි දී විරෝධතාකරුවන් 08 දෙනෙක් පමණ අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ .

අද (20) සවස( 2ට) පමණ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස් වු විරෝධතාකරුවන් පැය භාගයකට ආසන්න කාලයක් ඒම ස්ථානයේ රෝධතාවයේ නිරත වු අතර පසු දුම්රිය පොළ ඉදිරිපිට සිට පිටකොටුව බෝගහ දෙසට පෙළපාලියෙන් ගමන් කරද්දී පොලිසිය ඊට බාධා කිරිම නිසා නොසන්සුන්කාරී තත්වයක් ඇති විය . පොලිසිය විරෝධතාකරුවන්ට පහර දෙද්දී ,විරෝධතාකරුවන් ද පෙරළා පොලිසියට පහර දෙන ලදී . විරෝධතාකරුවන් පොලිසිය සමග ගැටෙමින් ඉදිරියට ගමන් කළහ

පොලිසිය බැස්ටියන් මාවත ඉදිරිපිට දී කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විරෝධතාකරවන් විසුරුවා හරියේය .

පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම නිසා පීඩාවට පත් මහජනයා පොලිසියට ඒළිපිටම විරෝධය දැක්වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *