නමවන ජනාධිපතිවරයා තෝරා ගැනිමේ ජන්ද විසීම් ඇරඹේ

0
DSC_1603

නම වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනිමේ ජන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ට ආරම්භ විය .

දිවයින පුරා පිහිටුවා ඇති ජන්ද මධ්‍යස්ථානය 13,421 කදී ජන්ද විමසීම් සිදු කරන අතර අද සවස 4.00ට දක්වා ජන්දය ප්‍රකාශ කිරීමට අවසර ඇත.

ජන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා ඇත්තේ ජන්දදායකයින් 17,140354 දෙනෙකු පමණි .

ජනාධිපති අපෙක්ෂකයින් 39 දෙනෙක් ජන්දය සදහා ඉදිරිපත් වී සිටින අතර එක් අපෙක්ෂකයෙකු වන මෙහොමඩ් ඉල්ලියාස් මිය ගියේය.

කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ආසනයේ බටකැත්තර දකුණ ග්‍රාම සේවා කොට්ටාසයේ සාරභුමි නිවාස සංකීරණයේ නාලන්දාරාම සහ ඇල්ලස් වත්ත ක්‍රීඩා පිටිය යන ජන්ද මධ්‍යස්ථාන දෙකේ අද පෙරවරු 7.00 ට ජන්ද විමසීම් ආරම්භ කළේය. නාලන්දාරාම ජන්ද මධ්‍යස්ථානයේ 3400 ජන්දදායකයින් පිරිසක් ජන්දය දැමීම සදහා සුදුසුකම් බලා ඇති අතර ඇල්ලස් වත්ත ජන්ද මධ්‍යස්ථානයේ 2400 ක ජන්දායකයින් පිරිසක් ජන්දය දැමීමට සුදුසුකම් බලා ඇත.

මෙම ජන්ද මධ්‍යස්ථාන දෙකේ ජන්දදායකයින් ඉතා උනන්දුවෙන් සහ සාමකාමීව ජන්දය දැමීම සිදු කරන බව පෙනේ.

නමවන ජනාධිපතිවරයා තෝරා ගැනිමේ ජන්ද විසීම් ඇරඹේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *