ක්ලීන් ශ්‍රී ලංකා වැඩ අරඹයි
Warning: Undefined array key "file" in /home/eagleeye/public_html/wp-includes/media.php on line 1774
ආර්ථික, දේශපාලන, සමාජීය සහ සංස්කෘතික පරිවර්තනයක් උදෙසා ජනාධිපති අනුර දිසානායකගේ සංකල්පයක් අනුව රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ සටහන සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කර එහි සාමාජිකයන් පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව “ක්ලීන් ශ්‍රී ලංකා” ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ලෙස ජනාධිපති ලේකම්, යුද හමුදාපති, ගුවන් හමුදාපති, නාවික හමුදාපති, වැඩ බලන පොලිස්පති, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු 18 දෙනෙකුගෙන් යුත් පිරිසක් නම් කර සිටී.
මෙම කාර්ය සාධක බලකායේ සභාපති ලෙස ජනාධිපති ලේකම් එන්.එස්.කුමානායකද ලේකම් හා කැඳවුම්කරු ලෙස ජනාධිපති ජෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී.අපෝන්සුද පත්කර ඇත.
සමාජීය, පාරිසරික හා ආචාර ධර්මීය පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණු ඉටුකර ගැනීම සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම, ක්‍රියාත්මක කිරීම මෙන්ම එහි කාර්යන් ඉටු කිරීම පිළිබඳව ප්‍රගතිය කලින් කලට ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමද මෙම කාර්ය සාධක බලකායට පවරා ඇත.
එහි සාමාජිකයින් 18 දෙනා වන්නේ
1. ජනාධිපති ලේකම් එන් එස් කුමානායක
02. යුද හමුදාපති
03. නාවික හමුදාපති
04. ගුවන් හමුදාපති
05. වැඩබලන පොලිස්පති ඩබ්ලිව්.එල්.ඒ සමන් ප්‍රියන්ත
06. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති කුමුදු ලාල් ද සිල්වා
07. අයි. එස්. ජයරත්න
08. ගිහාන් ද සිල්වා
09. සන්ධ්‍යා සල්ගාදු
10. ගාමිණි බටුවිටගේ
11. අනුරුද්ධ ගමගේ
12. දිල්රුක් වනසිංහ
13. දීපාල් සූරීයආරච්චි
14. සිසිර අමරබන්දු
15. ක්‍රිශාන්ත කුරේ
16. ජයතු පෙරේරා
17. රුවන් වීරසූරිය
18. දයාන් කරුණාරත්න

උපුටා ගත්තේ lankatrutha .com වෙබ් අඩවියෙන්ය.