කළුතර මහ නගර සභාවේ බලය විපක්ෂයට

කළුතර මහ නගර සභාව තනි පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට හෝ බලය හිමි වී නැති අතර මුළු මන්ත්‍රී සංඛ්‍යාව වන 31 ජාතික ජන බලවේගයට ලබා ගැනිමට හැකි වි ඇත්තේ මන්ත්‍රී ධුර 12කි. බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි කරගෙන ඇත්තේ විපක්ෂ කණ්ඩායමයි.
ජාතික ජන බලවේගය ලබා ගත් මුළු ජන්ස සංඛ්‍යාව 13.945 කි. එය ප්‍රතිශතයක් ලෙස 39.32 % ක් වන අතර හිමි කර ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 12යි.
සමගි ජන බලවේගය ලබා ගත් මුළු ජන්ද ප්‍රමානය 9290 කි . එය ප්‍රතිශතයක් ලෙස 26.13% ක් වන අතර ලබා ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 08 කි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජන්ද 3562 ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 10.02 % කි. ලබා ගත් මන්ත්‍රීවරු සංඛ්‍යාව 03 යි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 1505 ලබා ගත් එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 4.39 % කි. මන්ත්‍රී ධුර සංඛ්‍යාව 01යි.
ජාතික නිදහස් පෙරමුණ ලබාගත් ජන්ද සංඛ්‍යාව 1417 කි . එය ප්‍රතිශතයක් ලෙස 3.99 % වන අතර ලබා ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 01 යි.
සර්ව ජන පක්ෂය ලබා ගත් ජන්ද සංඛ්‍යාව 574 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 1.61% කි . ලබා ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 01යි.
ස්වාධීන කණ්ඩායම ලබා ගත් ජන්ද සංඛ්‍යාව 857 කි. එය ප්‍රතිශතයක් ලෙස 2.41% කි. මන්ත්‍රී ධුර සංඛ්‍යාව 01යි.
ජන අරගල ව්‍යාපාරය ලබා ගත් ජන්ද ප්‍රමානය 293 කි .මන්ත්‍රී ධුර නැත.
වලංගු ජන්ද සංඛ්‍යාව – 35.548 යි.
ප්‍රතික්ෂේප ජන්ද – 542 යි .
ලැබු ජන්ද සංඛ්‍යාව – 36.090 යි.
ලියා පදිංචි ජන්ද සංඛ්‍යාව -56.280 යි.