සම සෞඛ්‍ය උපාධිධාරීන් කුසලතා පදනම මත බදවා ගනු!

සම සෞඛ්‍ය උපාධිධාරීන් කුසලතාවය මත බදවා ගනු! උපාධී කඩ අහෝසී කරනු! යනුවෙන් ආණ්ඩුවට බල කර අද (21) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන ලදී.
එම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කරන ලද්දේ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින්ය.එම අවස්ථාවට ඒකාබද්ධ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය , ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සහ පරිපුරක සෞඛ්‍ය ඒකාබද්ධ මණ්ඩලයේ කැදවුම්කරු රවි කුමුදේෂ් ඇතුළු නායකයෝ සහ සමාජිකයෝ සහභාගි වී සිටියහ
පුනරුද ආණ්ඩුව සුපුරුදු ආණ්ඩු පාරෙම යයි, නිසි බදවා ගැනීමේ පටිපාටියක් සකසනු! සහ සම සෞඛ්‍ය උපාධිය විකිණීම නවතනු! යන සටන් පාඨ සහිත පුවරු ඔසවා ගත් විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් පැකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වුහ.





