වෛද්‍ය උපාධි කඩ වසා දමන්නැයි සහ සම සෞඛ්‍ය උපාධිධාරීන් කුසලතා මත බදවා ගන්නැයි වෛද්‍ය ශිෂ්‍යයෝ ආණ්ඩුවට බල කරති.

රනිල් -කෙහෙළිය ගෙන ආ පුද්ගලික වෛද්‍ය විද්‍යාල මගඩිය වහා නවතනු !රජයේ සම සෞඛ්‍ය උපාධිධාරීන් කුසලතා පදනම මතබදවා ගනු !යැයි ජාතික ජන බලවේග ආණ්ඩුවට බල කර අද (12) සවස 05 ට කොළඹ ලිප්ටන් වට රවුම අසල විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.
ඒම විරෝධතා උදඝෝෂණය කොළඹ වෛද්‍ය පිඨ ශිෂ්‍ය සංගමය මගින් පවත්වන ලදී.
හලාවත රෝහල ලයිසියම් ආයතනයට විකුණ කැබිනට් තිරණය වහා හකුළා ගනු! කොතලාව උපාධි කඩය හරහා වෛද්‍ය උපාධිය විකිණීම නතර කරනු! නිදහස් අධ්‍යාපනය සුරකිමු! සහ රෝගි ජිවිත අනතුරේ යනුවෙන් සටන් පාඨ ලිව් පුවර ඔසවා ගත් වෛද්‍ය ශිෂ්‍යයෝ සටන් පාඨ කියමින් විරෝධතාවයේ නියැලුණහ.
පැයකට වැඩි කාලයත් විරෝධතාවය පැවැතුනු අතර විරෝධතාකරුවන් අවසානයේ පන්දම් පත්තු ආණ්ඩුවට සිය විරෝධ්‍ය පල කළේය.


