මාධ්‍යවේදීන්ට රජයේ හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහි වෙමු !

මාධ්‍යවේදීන්ට රජයේ හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහි වෙමු ! ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති ප්‍රෝඩාව පරදවමු! යන සටන් පාඨ යටතේ අද (27) පෙරවරු 11 ට පොල්හෙන්ගොඩ මාධ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.
එම විරෝධතා උද්ඝෝෂණය ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීගේ සංගමය සහ මාධය ක්‍රියාකාරී කමිටුව යන සංවිධාන මගින් සංවිධානය කරන ලදි.
ලංකා ස්කයි නිවිස් වෙබ් අඩවියේ කර්තෘ සහ ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන් සංගමයේ විධායක සභික මාධ්‍යවේදී ශාන්ත විජේසුරියට ආණ්ඩුවේ කැබිනට් තීරණ දැනුම්දී සදහා සෑම සතියකම අගහරුවාදා රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ පැවත්වෙන මාධ්‍ය සාකච්ජාවට රජය මගින් මාධ්‍යවේදීන් හට නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පත නැතැයි එම මාධ්‍ය සාකච්ජාවට සහභාගි වීමට ඉඩ නොදිම එම උද්ඝොෂණයට පැන නැගීමට හේතු වී ඇත.
ජනතාවනි , මාධ්‍ය මර්දනයට එරෙහි වෙමු ! ජනමාධ්‍යවේදීන්ට රජයේ හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහි වෙමු ! සහ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ප්‍රෝඩාව පරදවමු ! යන සටන් පාඨ ලියු පුවරු ඔසවාගෙන

ආණ්ඩුවේ -හැදුනුම්පත
මාධ්‍යයට -නැතිව බැරිලු
ඇමති එක්ක – ප්‍රශ්න කිරීම්
ලැයිසොන් – තිබුනොතින්ලු
එපා එපා – අපට එපා
ඔය ලැයිසොන් – අපට එපා
මාධ්‍යම – හීලෑ කරන
හැදුනුම්පත – ගන්න එපා
හකුළා ගනිව් – තොපෙ ලැයිසොන්
ආණ්ඩුවෙන් 0 දෙන ලැයිසොන්
මාධ්‍යයට -මොකටද බොල
දොස්තරලා – දෙන ලැයිසොන් පැයකට ආසන්න කාලයක් විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නිරත වුහ.




