සම සෞඛ්‍ය උපාධිධාරීන් කුසලතා පදනම මත බදවා ගන්නැයි අන්තරය පෙළපාලි යයි

සම සෞඛ්‍ය උපාධිධාරීන් කුසලතා පදනම මත වහා බදවා ගන්නැයි ආණ්ඩුවට බල කර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව අද (27) සවස 4 ට කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත් වු අතර පසුව පොලිස් නියෝග නොතකා විරෝධතාකරුවන් පෙළපාලියෙන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කළ අතර පසුව ලොටස් පාරේ ලෝක සමුද්‍රා විහාරය ඉදිරිපිට දී පොලිසිිය පෙළපාලිකරුවන් නතර කරන ලදී.
විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් පැයකට ආසන්න විරෝධතාවය නියැලුනහ.
සිසුන් තම ප්‍රශ්නය සාකච්ජා කිරීම සදහා ජනාධිපතිවරයා මුණ ගැසීමට ඉල්ලා සිටියද පසුව පොලිසිය ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහල නිලධාරියෙකු සමග සාකචිජාවක් විරෝධතාකරුවන් හට ලබාදුන් අතර එම සාකච්ජාව සදහා සිසුන් පස් දෙනෙතු සහභාගි වු අතර සාකච්ජාවෙන් පසුව එම සාකච්ජාව අසාර්ථක බව සාකච්ජාවට සහභාගි වු සිසුන් නියෝජිතයන් පැමින අනෙකුත් සිසුන්ට දැනුම් දුන්හ.
පසුව සිසු නායකයින් පෙලපාලිකරුවන් විසුරුවා හැරියහ.









