ඇමති නලින් ද ජයතිස්ස නංගි පෙන්නා අක්කා දෙන්න හදයි

ඇමති නලින් ද ජයතිස්ස නංගි පෙන්නා අක්කා දෙන්න හදයි

ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින් ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද (28) සවස 1,30 ට කොළඹ පදනම් ආයතනයේ පැවැත් වු ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීමේ සාකච්ජාව සදහා කර්තෘ සංසදය , ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය , ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපරය එම සාකච්ජාව සදහා සහභාගි නොවන බව ඊයේ (27) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවති සාකච්ජාවේදී එම සංවිධාන එකමතික තින්දුවක් ගත් බව ලංකා ස්කයි නිව්ස් වෙත දැන ගන්නට ලැබිණ.

ඊයේ (27) එම සාකච්ජාව සදහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නියෝජ්‍යනය කරමින් සහභාගි වුයේ එම ව්‍යාපාරයේ කැදවුම්කරු හනා ඉබ්‍රයිම්ය. එදින සවස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පැවති නිල වරණයෙන් ලසන්ත ඩි සිල්වා නැවත එම ව්‍යාපාරයේ කැදවුම්කරු ලෙස තේරි පත් විණ. එම නිලවරණයේදී අද පදනම් ආයතනයේ පැවැත් වු සාකච්ජාව සදහා සහභාගිවීම සදහා තිරණයක් ගත් බව එහි සමාජිකයෙකු අප සමග පැවසීය.

මාධ්‍යවේදී ශාන්ත විජේසුරියට රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ පැවැත්වෙන කැබිබට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්තී සාකච්ජාවට එම දෙපාර්මේන්තුව මගින් නිකුත් කරන හැදුනුම්පතක් නැතැයි තහනම් කළ අතර පසු ඊට එරෙහිව පැන නැගුනු විරෝධය හමුවේ ඇමති මැයි 14 වනදා මාධ්‍ය සමාජයට සාකච්ජාවක් ලබා දෙන ලදී. එම සාකාච්ජාව ඇමති ලබා දුන්නේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ඉල්ලීම පරිදිය. මැයි 14 වනදා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ජාවේදී UDBA අවශ්‍යතාවය මත සකස් කරන ලද ඊනියා ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියට එරෙහිව මාධ්‍යවේදීන් විරෝධය පල කිරීම නිසා එම කෙටුම්පත හකුළා ගැනීමට අමාත්‍යවරයා සිදු විය.

ඇමති නලින් ද ජයතිස්ස නංගි පෙන්නා අක්කා දෙන්න හදයි

කොළඹ ප්‍රකාශනය සහ තොලම්ගමුව ප්‍රකාශ දෙක පදනම් කරගෙන නව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීමට අමාත්‍යවරයා මාධ්‍ය සංවිධාන වලට සහ කර්තෘ සංසදයට පැවරිණ. එසේ තිබියදීත් අද පදනම්  ආයතනයේ පැවැත්වෙන සාකච්ජාව UDBA අවශ්‍යතාවය මත සකසන ලද කෙටුම්පතට මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය සංවිධාන වල අදහස් ලබා ගැනීම සදහා පවත්වන ලද විශේෂ සාකච්ජාවක් බැවින් එම සාකච්ජාවට සහභාගි වන්නැයි මාධ්‍ය සංවිධාන වලට සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් එන් .ඒ.කේ.එල් විජේනායක වෙනුවට අත්සන් යොදා යවන ලද අරාධනා පත්‍රයේ සදහන් කර තිබුණි. ඇමති උස්සා කර ඇත්තේ නංගි පෙන්නා අක්කා ද‍ිමටය. බංකොලොත් ධනපති නියෝජිතයන්ගේ  නරුම කම පෙන්වන්නකි.

ඇමතිවරයා මැයි 14 ජනමාධ්‍ය අමාත්‍යංශයේ පවත්වන ලද සාකච්ජාවේදි වු එකගතාවය අත්තනොමතිකව බිද දමමින් මාධ්‍ය අයිතිකරුවන් , කර්තෘවරුන් , මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සංවිධාන හැල්ලුවට ලක් කර ඇත.

භාෂණයේ සහ ප්‍රකාහනයේ අයිතිය ජාතික සිමාවකට කොටු කිරීම අන්ත ප්‍රතිගාමි ක්‍රියාවක් වන අතර නිෂ්පාදනය ගෝලීකරණය වේගවත් කළ විද්‍යුත් තාක්ෂණය මගින් පෘථීවිතලය එකට බැද දමන ලදී. ජාතික රාජය තුළ නිෂ්පාදනය පුපුරා යෑම ගෝලීකරණයට පදනම වැටිණ. තවදුරටත් ජාතික ප්‍රතිපත්ති  හෝ ජාතික වැඩ පිළිවෙලවල් වලංගු නැති අතර  ගෝලීකරණයට එරෙහිව ඉතිහාසයේ ඉදිරි ගමන නැමති රෝදය ආපසු කැරකවීමට උත්සහ දරන්නෝ අන්ත ප්‍රතිගාමීයෝ වෙති.

ඊනියා ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති  ප්‍රෝඩාව පරාජය කිරීම සදහා පෙරට එන්නැයි සියලුම මාධ්‍ය සංවිධාන වලින් සහ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලන්නෙමු .

ඇමති නලින් ද ජයතිස්ස නංගි පෙන්නා අක්කා දෙන්න හදයි

අද පදනම් ආයතනයේ පැවත් වු සාකච්ජාවට කැද වු ලිපිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *