අයවැයෙන් රජයේ සේවකයන්ගේ මුලික වැටුප වැඩි කළ ද සේනිභාඅමයේ සේවකයන්ගේ මුලික වැටුප 20.000 අඩු වෙලා

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවයකයන්ගේ වැටුපට මෙවර අයවැයෙන් මුලික වැටුප වැඩි කළ ද එම මුලික වැටුප අඩු වී ඇතැයි චෝදනා කරමින් එම මණ්ඩලෙයේ සේවකයෝ අද (04) පෙරවරුවේ කම්කරු දෙපාර්මේන්තුව පරිශ්‍රය තුළ විරෝධතාවයක් දැක්වුහ.
එම මණ්ඩලයේ වත්මන් සහභාපතිගේ අත්තනෝමතික තීරනයක් නිසා සේවකයන්ගේ මුලික වැටුප රුපියල් 20.000 කින් අඩු වි ඇති බවත් එම සේවකයන්ට සාධාරණයක් ඉටු කරන්නැයි සේවකයෝ ඉල්ලති.
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සහභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයෙන් සේවකයෝ සාකච්ජාවක් ඉල්ලුවද නොදුන් බව කී විරෝධතාකරුවෝ ජනාධිපති අනුර කුමාර දිසානායකට මැදහත් වන ලෙසට ඉල්ලා සිටියහ.
