රජයේ මාධ්‍ය හැදුනුම්පත මාධ්‍යවේදින්ට අනිවාර්ය කිරීමට එරෙහිව මාධ්‍යවේදී විජේසුරිය ශ්‍රිලමාහිකොට යයි

ආණ්ඩුවේ තීරණ දැනුම් දීමේ ප්‍රවාත්තී සාකච්ජාව සදහා සහභාගි වන මාධ්‍යවේදීන්ට රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුව මගින් නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීම මගින් තමන්ගේ භාෂණයේ ප්‍රකාශනයේ සහ මුලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ ශාන්ත විජේසුරිය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ අද (04) අංක HRC -HO -1673-25 යටතේ පැමිනිල්ලක් දමන ලදී.
රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුව මගින් නිකුත් කරන ලද මාධ්‍ය හැදුනුම්පත නැතැයි මාධ්‍යවේදී විජේසුරියට 2025 මැයි 06 වනදා පැවැත් වු ආණ්ඩුවේ තීරණ දැනුම්දීමේ ප්‍රවාත්තී සාකච්ජාව තහනම් කිරීම නිසා ඔහු විසින් එම දෙපාර්තමේනතුවට එරෙහිව එම පැමිනිල්ල දමිණ.
එම පැමිනිල්ල මගින් රජයේ ප්‍රවාත්තී දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සහ ජන මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වගඋත්තරකරුවන් කර ඇත.
මාධ්‍යවේදී විජේසුරිය මාස දෙකකට ආසන්න කාලයක් රජයේ ප්‍රවාත්තී දෙපාර්මේන්තුවේ ශ්‍රවණාගාරයේ සෑම අගහරුවාදාවකම පැවැත්වෙන ආණ්ඩුවේ තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්තී සාකච්ජාව සදහා සහභාගි වී ඇත්තේ ඔහුට ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදී සංගමය සහ ජාත්‍යන්තර ජන මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් නිකුත් කරන ලද මාධ්‍ය හැදුනුම්පත භාවිතා කරමින්ය. 2025 අප්‍රේල් 30 වනදා පවත්වන ලද ආණ්ඩුවේ තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්තී සාකච්ජාවේදී ජන මාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින් ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවාත්තී සාකච්ජාව සදහා සහභාගි වන මාධ්‍යවේදීන් අනිවාර්යෙන් රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුව මගින් නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පත ලබා ගත යුතු බව දැනුම් දුන්නේය.
විශේෂයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ජාවට රජයේ මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කරමින් ඇමතිවරයා පැවසුවේ අතීත පාතාල ක්‍රියාකාරකම් වල නියැලුනු පුද්ගලයෙකුට එක්තර පුවත්පතක් මගින් රජයේ හැදුනුම් ලබා දී ඇති බවත් රජය මගින් මාධ්‍යවේදින්ට ශිෂ්‍යත්ව , රක්ෂණ සහ වෙනත් වරදාන ලබා දෙද්දී, හදුනා ගැනීම සදහා රජයේ හැදුනුම්පත ලබා ගැනීම පහසුවක් වන බවය. ඇමතිවරයා සමග 2025. 05 .14 වැනිදා ජන මාධ්‍ය සංවිධාන , කර්තෘ සංසදය , මාධ්‍යවේදීීීන් සහ මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග ජන මාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති සාකජාවේදී මාධ්‍යවේදීන් තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම සදහා කැබිනට් ප්‍රවෘත්තී සාකච්ජාව යොදා ගැනීම වැළැක්විම සදහා හැදුනුම්පත අනිවාර්ය කරන බව අමාත්‍යවරයා පැවසීය.
මාධ්‍යවේදි විජේසුරියට කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ජාව තහනම් කිරීීම ඇමතිවරයාගේ මල්ලෙන් බළලා එළියට පැන ඇත. ඔහු දේශපාලන පක්ෂයක සමාජිකයෙකු වු හෝ පක්ෂයක් වෙනුවෙන් පෙනී සිට නැති අතර කම්කරු -පීඩිත ජනයාගේ විනර්මුක්තිය වෙනුවෙන් මාධ්‍ය භාවිතාවේ නියැලෙන්නෙක් මෙන්ම සටන් වදින්නෙකි. සිංහල ස්වොත්තමවාදින්ගේ හතුරන් දක්ෂිණාංශීකයෝ වන අතර හතුරන් කොමියුනිස්ට්වාදියෝ වෙති. කැබිනට් තීරණ දැනුම්දිමේ ප්‍රවෘත්තී සාකච්ජාව දේශපාලන සාකච්ජාවක් වන අතර ඇමතිවරයාට මාධ්‍යවේදීන් නගන ඔ්නෑම දේශපාලන ප්‍රශ්නයකට පිළිතුරු දිමේ හැකියාවක් තිබිය යුතුය. ජාතික ජන බල ආණ්ඩුව බලයට එද්දි දුන් පොරොන්දු සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න කරද්දි ඇමතිවරයා පැෂිස්ට්වාදියෙකු ලෙස හැසිරෙමින් එම මාධ්‍යවේදීයාට ප්‍රවෘත්තී සාකච්ජාව තහනම් කරනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමකි. ඔිනෑම පාලකයෙකු මහජනයාට තොරතුරු දැන ගැනීමේ මාර්ග වලට අත පොවන්නේ නම් එය ආඥාදායක පාලනයක දිසාවකට පල්ලම් බැසිමකි. ජාතික ජන බල ආණ්ඩුව PTA පනත වෙනුවට ATA පනත ගෙන එමින් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන ආ මර්දන අණ පනත් උපයෝගී කර ගනිමින් කැසකවන්නේ මහජනයා ඊනියා පුනරුදයක්කරා රැගෙන යෑමට නොව කනත්තට දක්කාගෙන යෑමටය. අපි කම්කරු -පිඩිත මහජනයාගෙන් ඉල්ලන්නේ ධනපති ආණ්ඩුවට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්ති ඉදිරිදර්ශනයක් මත සටන් වැදීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.
