බත් පතට – වඩා බරයි බඩගින්නට -ගහපු බද්ද පොත් මිටිය – වඩා බරයි ඉගෙනිමට -ගහපු බද්ද

සමාගම් VAT කොල්ලකයි !අපි හාමතේ බදු ගෙවයි ! යනුවෙන් ආණ්ඩුවට විරෝධය පල කර අද (04) සවස 3ට කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මගින් එම විරෝධතාවය පවත්වන ලදී.
බදු එක්ක බිල් ගෙවලා අපි කන්නේ පස්ද? ඹෟෂධ සනීපාරක්ෂක තුවා ,ළදරු ආහාර වලට VAT බද්ද ඉවත් කරනු! යන සටන් පාඨ ලිව් පුවරු ඔසවාගත් විරෝධතාකරුවන්
ජනතාවනි – එකතු වන්න
හඩ නගන්න – පෙරට එන්න
සොහොයුරියනි -ගේ ගින්දර
එපා තවත් -හංගන්න
බදුගෙවනවා – බදු ගහනවා
නිමක් නැතිව -බදු ගහනවා
ගෙවල් ඇතුලෙ -හුල්ලලම
අපේ හුස්ම -ඉවර වෙන්වා
IMF -හාම්පුත්තු
පනවනවා – කොන්දේසීය
කොන්ද නැති -ආණ්ඩුවක්
අල්ලයි ගොටු – බන්දෙසීය
ජනවරමට -පයින් ගහලා
ණය වරමට -රටම දීලා
බදු ගහනවා – ජනතාවට
IMF -පදේ අහලා
හාල් නොමෙයි -අපි කන්නේ
බදු ගින්දර -අපි ගිලන්නේ
කවදාද තොපි -හොරාකා
කොම්පැනි ටික -අල්ල ගන්නේ
බත් පතට.් -වඩා බරයි
ඉඩගින්නට -ගහපු බද්ද
ලොත් මිටිය – වඩා බරයි
ඉගෙනිමට -ගහ බද්ද යන සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයේ නියැලුනහ.










