මහාධිකරණය මගින් වරදකරු කරන ලද තවත් නඩු ඇති අයෙකුට ජනාධිපතිවරයා පෙදු සමාව පිරිනමලා

මහාධිකරණය මගින් වරදකරු කරන ලද තවත් නඩු ඇති අයෙකුට ජනාධිපතිවරයා පෙදු සමාව පිරිනමලා

අනුරාධපුර මහාධිකරණය මගින් වැරැදිකරු කළ ,වෙනත් අධිකරණ වල අධි චෝදනා ගොනුකර ඇති අයෙකුට ජනාධිපතිවරයා විසින් වෙසක් පොහොය දිනයේ පොදු සමාව පිරිනමා ඇතැයි කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා විසින් මෙසේ පොලදු සමාව පරිනමා ඇත්තේ අනුරාධපුර මහාධිකරණයේ එච්සී 69- 2018 නඩුවේ 2025 05 25 වන දින දණ්ඩ නීති සංග්‍රහයේ 386 යටතේ වැරැදිකරු කරනු ලැබු අතුල සේනාරත්න නැමැත්තාවය.

ජනාධිපති පොදු සමාව ලබා දෙන ක්‍රමවේදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ගණනාවකින් පෙන්වාදී ඇතත් ජනාධිපති අනුර දුමාර දිසානායක ඒවයෙන් පාඩම් ඉගන ගෙන නැතැයි ඔහු පෙපෙදුන්නේ .

ජනාධිපති පොදු සමාව සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්මේන්තුව නිකුත් කරන ලද නිවේදනය

එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අතුල තිලකරත්න යන මෙම සිරකරු බන්ධනාගාර ගත කර ඇත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස අධිකරණය නියම කර ඇති බවත්ය.

එමෙන්ම එම දඩය නොගෙවන්නේ නම් මාසය 06ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගත් බවත්ය. 

මන්ත්‍රීවරයා එසේ පැවසුවේ කෝසල නුවන් ජයවිර ඇතුළු අභාවප්‍රාප්ත වු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු වෙනුවෙන් පැවති ශෝක යෝජනා පිළිබද විවාදයේදිය.

අජිත් සී පෙරේරා වැඩිදුරටත් මෙසේ ද පැවසිය.

ඉතාම බරපතළයි, සිර දඩුවම් නියමු වු තැනත්තෙකුට යුක්තිය ඉටු විය තැන් වල අයිතිය ඉටුවන තැනක් බවට පත් වෙලා .තව නඩු තියෙන පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලැබෙන තත්වයට පත් වෙලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *