එල්ටිටිඊය සතු ආයුධ මෙරට රැගෙන ආ බවට පාර්: මන්ත්‍රී අර්ජුනා රාමනාදන් ජනපතිට චෝදනා කරයි

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ කිසිදු පරික්ෂාවකින් තොරව පිට කර ගත් කන්ටේනර් 323ක පිළිබදව ආන්දොලනාත්මක කතා පැතිරෙමින් පවති. එම කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් පසුගිය දින පාර්මේන්තුවේ කළ කතාව දැඩි අන්දොලනයකට ලක්ව තිබේ. එම කන්ටේනර් වල රැගෙන ආවේ එල් ටිටිඊ සංවිධානය සතුව තායිලන්තයේ සගවා තිබු ආයුධ බව ඔහු හෙළි කළේය. ඊට අමතරව රාමනාදන් පැවසුවේ ප්‍රභාකරන්ගේ පිළිරුවක් යාපනයේ ඉදිකරන බවට සහ ඔහුගේ මවගේ නමින් ජැටියක් යාපනයේ සාදන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක දෙමළ ඩයස් පෝරාවට පොරොන්දු වී ඇති බවයි.
ඔහු කියන කතා වල සත්‍යතාවය පිළිබද ගැටලුවක් ඇතත් , කන්ටේනර් 323 ක් කිසිදු පරික්ෂාවකින් තොරව පන්නා ගත් කතාව සත්‍යයකි. මෙම සිද්ධියත් සමග රේගු නිලධාරීන් සංගමය පැවසුවේ එම කන්ටේනර් 323 න් 80%ක් දැඩි පරික්ෂාවට ලක් කළ යුතු රතු නාම ලේඛනය යටතේ තිබු කන්ටේනර් බවත් එම කන්ටේනර් මගින් රැගෙන ආවේ මත්ද්‍රව්‍ය ද එන් එම් ආර් සහතිකය නැති ඖෂධ ද , භාවිතා නොකළ යුතු සුවද විලවුන් ද ,ජන සමාජයට අහිත කර භාණ්ඩ ද නැතිනම් තිබුනේ ආයුධ ද යන්න ගැන රේගු නිලධාරීන් මින් ඉදිරියට වග නොකියන බව එම සංගමය මාධ්‍ය හමුවක් පවත්වා සදහන් කළේය.
මෙම කන්ටේනර් සිද්ධිය වෙන කොට ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පැමින මාස 04 ක් පමන වන අතර එම කන්ටේනර් වල ආයුධ තිබිය හැකි බව රේගු නිලධාරීන් පවා සැක පල කරති. ජාතික ජන බලවේග ආණ්ඩුව මැදිහත් වී පන්නා ගත් කන්ටේනර් වල ආයුධ තිබිය හැකි වගේ ප්‍රකාශයක් රේගු නිලධාරීන් පැත්තෙන් ප්‍රකාශ විම භායනක තත්වයකි. මන්ද ජාතික ජන බල ආණ්ඩුව ආයුධ රැගෙන ආවේ මොනවාටද? පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් කියන විධියට රැගෙන ආ බව කියන ආයුධ කුමාර් පද්මනාභ හෙවත් කේ.පී . යටතේ තායිලන්තයේ එල්ටිටිඊ සංවිධානය සතුව තිබු ආයුධද? කේ .පී . හරහා තිබු එල්ටිටිඊ සංවිධානය සතුව තිබු දේපල සහ මුදල් රාජපක්ෂ පවුල කොල්කෑ බවට චෝදනා එල්ල වී ඇති තතු යටතේ කේ.පී.ට ජාතික ජන බල ආණ්ඩුවට දෙන්න යමක් තිබුනා ද යන්න ගැටළු සහගතය. නැතිනම් ජනාධිපතිවරයා රැගෙන ආවේ දෙමළ ඩයස් පොරාව සතු දෙපලක්ද? ඔහු ජර්මනියට ගියේ ඩයස් පෝරාව මුණ ගැසෙන්න බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් පවසයි.
දෙමළ ජන සංහාරයේදි මහින්ද රාජපක්ෂටත් වඩා ඉදිරියෙන් සිටිමින් දැත් වල ලේ තවරාත් ජවිපෙ පසුගියදා පැවති රණවිරු සැමරුමේදී හතරකොන පටවලාගෙන ජනාධිපති කළ කතාවෙන් පැහැදිලි වෙනවා දෙමළ ඩයස් පෝරාව සමග දිසානායකට ඇති ගනුදෙනුවේ ස්වභාවය. ඊනියා රණවිරු සැමරුමට ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා යවා දිසානායක ලිස්සා යෑමට උත්සහ කළේය . තමන් ඇති දැඩි කළ ස්වෝත්තමවාදි බලවේග වල නැගී සිටිම හමුවේ භිය වු ජනාධිපතිවරයා ඊනියා රණවිරු සැමරුමට සහභාගි විමට තීරණය කළ අතර දිසානායකගේ චපලකම කොතෙක් දැයි කිවහොත් දෙපැත්තම බේරා ගැනීමට දෙපැත්තම අහිමි කර ගත්තේය.
කන්ටේනර් 323 මුදා ගන්නේ රේගුව ඇතුලේ කන්ටේනර් තදබදයක් පැවති අවස්ථාවකය. එම තදබද මග හැරිම සදහා කන්ටේනර් 800 ක් පමන කිසිදු පරික්ෂාවකින් තොරව වු පිට කිරීමට සිදු බව වරාය නියෝජ්‍ය ඇතිවරයා මාධ්‍යයට පවසා තිබුණි. කන්ටේනර් 323 පන්නා ගැනීම සදහා කන්ටේනර් තදබදයක් ඇති කළා ද යන සැකය එම කන්ටේනර් 323 වටා ගෙති ඇති කතා වලින් අනාවරනය කෙරේ.
මේ කන්ටේනර් ගෙනාවේ කාගේ නමින්ද? එම කන්ටේනර් වල ගෙනාවේ මොනවාද ? කන්ටේනර් බෑවේ කොහෙද යන්න මෙම කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් කෙලින්ම ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙලා තිබියදීත් ආණ්ඩුව බිහිර අලියෙකු මෙන් හැසිරෙයි.
ඇමති බිමල් රත්නායකගේ මල්ලෙන් බළලා එළියට පනී
ඇත්තටම ගත්තොත් ලෝකයේ කොහෙවත් නොකළාට , සෑම කන්ටේනර් එකක්ම පරික්ෂා කරන්න පුළුවන් කමක් තියෙනවා නම් නියමයි. අනෙක් පැත්තෙන් අපේ රේගුව පරික්ෂා කරන්නේ ආනයනකරුවන් ගෙන්වන බඩු. ආනයකරුවන්ගේ පැත්තෙනුත් වගකිමක් තියේනවා වංචනික නොවන බඩු ආනයනය කරන්න නේද? මෙහෙම බැහැ. අපි හොර බඩු ගෙනවා පුළුවන්නම් අල්ලපන් වගේ.
කන්ටේනර් 323ක් කිසිදු පරික්ෂාවකින් තොරව පන්නාගෙන යන ඇමති රත්නායක ආනයනකරුවනුත් අවංක විය යුතු බව කියයි. ලෝකයේ මොනම රටකවත් සෑම කන්ටේනර් එකක්ම පරික්ෂා කරන්න පුළුවන්කමක් නැති නිසා අපි කන්ටේනර් 332ක් කිසිදු පරික්ෂාවකින් තොරව රැගෙන ගිය බව ඇමති පිළිගනී. ලෝකයේ අනෙක් රටවල සියලුම කන්ටේනර් පරික්‍ෂා කරන්නේ නැති බව ඇමති දැන ගත්තේ කොහොමද? ඇමති කබරයා තලගොයා කරගෙන කෑමට සුදානම් වෙයි. ජාතික ජන බල ආණ්ඩුව විපක්ෂයේ හිටපු හොරුන්ට ජන්පර් අන්දනවාගේ තමුනාන්සෙලාටත් මහජනයා වැඩි ඇතක් යන්න කලින් ජන්පර් අන්දන බව නම් සහතිකයි.