ජාතික ජන බල ආණ්ඩුවේ ලොකුම හොරා ඇමති බිමල් රත්නායක – පාර්, මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි

ජාතික ජන බල ආණ්ඩුව යටතේ සිදු කළ ලොකුම හොරකම කර ඇත්තේ මට චෝදනා කරන ඇමති විමල් රත්නායක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
විශේෂයෙන් රේගු පරික්ෂාවට ලක් කළ යුතු කන්ටේනර් 323ක් නිදහස් කරන්නැයි අණ දී ඇත්තේ විමල් රත්නායක බව පැවසු දයාසිරි ජයසේකර ප්‍රවෘත්ති සාකච්ජාවක් තබා එම සිද්ධිය අනාවරණය කළා යැයි ඔහුව කොළඹ අපරාධ පරික්ෂන දෙපාර්මේන්තුව කැදවා ඇතැයි පැවසිය.
අපරාධ පරික්ෂණ දෙපාර්මේුවට කැද විය යුත්තේ කන්ටේනර් නිදහස් කරන්න අණ දුන්න සහ ඊට හවුල් වුනු අයයි. මේ අපාරධ පරික්ෂණ දෙපාර්මේන්තව අද ආණ්ඩුවේ සීඅයි ඩි එක බවට පත් වෙලා. හැම එකකටම සිඅයිඩි එක පාවිච්චි කරනවා. ආණ්ඩුවේ අය බේරන්න විපක්ෂය මර්දනය කරනවා.ඔහොම ගිහිල්ලා කොහෙන් හරි නතර වෙන්නැතයි. ආණ්ඩුව නීතිය නමමින් පනිවිඩකරුවෝ මරා දැමීමේ වැඩ ක්‍රියාත්මක වන බව කී ජයසේකර මේවා දේශපාලන පලි ගැනීම් බව හෙි කළේය.
ඔහු වැඩිදුරටත් මෙසේ පැවසිය.
රේගුවේ වෘත්තීසමිති තමයි කිව්වේ මේ කන්ටේනඑර් වල මත්ද්‍රව්‍ය ,අවි ආයුධ සහ භායානක ද්‍රව්‍ය තියෙන්න පුළුවන් කියලා .අපි ඉල්ලන්නේ මේ රේගු සටහන් කරය අපට දෙන්න කියලා .මේ සම්බන්ධව කතා කළාම ආණ්ඩුව අපිව වරදකාරයෝ බවට පත් කරලා ආණ්ඩුවේ ගෝලයෙකු ලවා මට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ පැමිනිලක් දමනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව පැවසුවේ ප්‍රවෘත්තී සාකච්ජාවකට සහභාගිවෙම්න්ය.
නව ජනතා පෙරමුණ ද කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොම්සමට පැමිනිලලක් දමන ලදී.
රේගු අධ්‍යක්ෂක ජනරාල්තුමා කියනවා කැබිනට් අනු කමිටුවේ සහභාපති ඇමති විමල් රත්නායකගේ උපදෙස් මත තමයි මේ කන්ටේනර් 323 නිදහස් කළේ කියලා. එහෙම නම් විමල් රත්නායකව අත්අඩංගුවට ගත යුතුයි.පාතාලය හිස ඹසවා තිබෙනවා පාතාලයේ පත්තු වන හැම වෙඩි උණ්ඩයකටම සම්බන්ධයක් තියෙනවා. දුෂිතයෝ වෙන කවුරුත් නොවෙයි ඔබේ ආණ්ඩුවේ සබානායකවරයා. ඔබ තුමගේ දේශපාලන මණ්ඩල සභිකයා .රත්නායකව වහාම අත්අඩංගුවට ගන්න අපරාධ පරික්ෂන දෙපාර්මේන්තුවට සහ අල්ලස් කොමිසමට නියෝග කරන්න නව ජනතා පෙරමුණේ නායකයෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.