ජනපති සමාව කොල්ලකෑ නිලධාරීන්ට දඩුවම් කරනු!

වෙසක් පෝය නිමිිත්තෙන් පිරිනමන ජනාධිපති පොදු සමාව යටතේ දඩුවම් නියම වු සහ තවත් නඩු ඇති පුද්ගලයෙකු මුදා හැරීමට විරෝධය ඊයේ කොළඹ අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.
එම විරෝධතාවය සංවිධානය කර තිබුනේ සිරකරු අයිතිවාසිකම් සුරකීමේ ව්‍යපාරය මගින්ය.
මෙම උද්ඝෝෂණය සදහා භාවිතා කර තිබු සියලුම සටන් පාඨ වලින් විරෝධය එල්ල කර තිබුනේ බන්ධනාගාර නිලධාරීන්ට සහ එම දෙපාර්මේන්තුවේ පරිපාලනයට එරෙහිවය.
හොරුන්ගේ ග්‍රහනයෙන් බන්ධනාගාරය මුදවා ගනිමු! ජනාධිපතිතුමනි බන්ධනාගාරය ශුද්ධ කරන්නේ නැද්ද? ජනපතිටත් අරින බන්ධනාගාර ජුන්ටාවට ඉඩ නොදෙමු! ජනපති සමාව කොල්ල කාපු බන්ධනාගාර නිලධාරීන්ට දඩුවම් කරමු සහ දුෂිත බන්ධනාගාර පාලනය අවසන් කරමු! යන සටන් පාඨ පුවරු වල ලියා තිබුණි .



