චෙම්මනි සමුහ ඝාතන වලට වගකිව යුත්තන්ට දඩුවම් කරන්නැයි විරෝධතාකරුවෝ ඉල්ලති !

0
WhatsApp Image 2025-07-17 at 17.15.40

චෙම්මනි සමුහ ඝාතනයට එරෙහිව නැගි සිටිමු සහ යුක්තිය සදහා එකතු වෙමු යන මැයෙන් ජාතික ජන බල ආණ්ඩුවට බල අද (17) සවස 2 ට කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

එම විරෝධතාවය සංවිධානය කරන ලද්දේ , යුක්තිය උදේසා ජනතා ව්‍යාපාරය මගින්ය.

චෙම්මනි සමුහ ඝාතන වලට වගකිව යුත්තන්ට දඩුවම් කරන්නැයි විරෝධතාකරුවෝ ඉල්ලති !

 පාසැල් සිසුවියක වන ක්‍රිෂාන්ති කුමාරස්වාමිව සමුහ දුෂණයකට ලක් මරා දමා ඇයව සොයා පැමිනි ඇයගේ මව, සොහොයුරා සහ අසල් වැසියාගේ ද ගෙල ලනුවකින් සිරකර මරා දැමිමේ චෝදනාවට ඉහත සදහන් රාජපක්ෂ ඇතුළු පස්දෙනෙකුට මර‍‍ණ දණ්ඩනය නියම කෙරිණ. රාජපකෂ 1995 වර්ෂයේ  රජයේ හමුදුා යාපන අර්ධද්විපය නැවත අත්පත් කර ගැනීමෙන් පසු එම ප්‍රදේශයේ 400 ක පමන පිරිසක් මරා චෙම්මනි සිත්තුපාත්ති ප්‍රදේශයේ වළදමා ඇතැයි එම පරීක්ෂණවල දී  හෙළි විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් 1999 ය වර්ෂයේ අඩංගුවට ගත් හමුදා කෝප්‍රල්වරයෙකු වන සෝමරත්න රාජපක්ෂගේ පාපෝච්චාරණයකට අනුව වෙම්මනි සමුහ මිනී වළ සොයා ගැනිණ. එම ඝාතන සිද්ධි වලට සම්බන්ධ ඝාතකයෙකු විසින් එම මිණි වළ පිළිබද පාපෝච්චාරනයක් කර තිබියද‍‍ීත් ,ඒ ගැන පරික්ෂණයක් නොකෙරිණ.

චෙම්මනි සමුහ ඝාතන වලට වගකිව යුත්තන්ට දඩුවම් කරන්නැයි විරෝධතාකරුවෝ ඉල්ලති !

චෙම්මනි සිත්තුපාත්තු සුසාන භුමීයේ ආදානාගාරයක් ඉදි කිරීමට කැණීම් කරද්දී, අහම්බෙන් ළමා ඇට සැකිළි වගයක් 2025 මැයි 15 වනදා මතු වී තිබේ. මේ වන විට ඛලකැණීම් වලින් සිරුරු 63 ක් අස්ථී කොටස් සොයාගෙන ඇත.

බටලන්ද , චෙම්මනි ඝාතන වලට වගකිව යුත්තන්ට දඩුවම් කරනු ! චෙම්මනියට යුක්තිය ඉටු කරනු ! උතුරේ – දකුණේ ඝාතන වලට එරෙහි වෙමු ! සහ වෙම්මනියට යුක්තිය ඉටු කරනු ! සදහන් පුවරු ඔසවාගත් විරෝධතාකරුවන් පැයකට

ආසන්න කාලයක් පනස් හයක් – මිනිස් අස්ථි
මේ වෙනකොට – හමුවීලා
දහ දෙනෙක්ම – පුංචි එවුන්
චෙම්මනියෙන් – ගොඩ දාලා

චෙම්මනියේ – මිනී වලේ
පොඩි එවුන්ගේ – බෝනික්කෝ
පාසල් බෑග් – සෙල්ලම් බඩු
මිනී වලෙන් – ගොඩගත්තෝ

මන්නාරම – මාතලේ
තිරුකේතීස්වරම් – චෙම්මනී
කොක්කුතුඩුවායි – හමුවුනී
රට පුරාම – මළමිනී

කොක්කුතුඩුවායි – චෙම්මනියෙන්
මන්නාරමින් – ගොඩ ගන්නේ
මහින්ද ජවිපෙ – වලේ දාපු
“මානුෂිකේ” – බලපන්නේ

අසූ අටේ – අසූ නවේ
මූණූ බැදන් – අරන් ගියෝ
රණවිරුවන් – බැටේ දීපු
ඒ වළවල් – හාරපියෝ

අමු අමුවේ – පෙති ගැහුවා
වල නොදමා – පිලිස්සුවා
හොයාපියව් – දැන් මෙව්වා
හොඳටම ඇති – කල් යැව්වා

කුසට වින්දෙ – උන් සාගිනි
හදට වින්දෙ – උන් සෝගිනි
ඉණට ඇන්දෙ – රෙදි වැරහැළි
විසදුම් දුන්නෙ – බටයෙන් ගිණි

ලංකාවම – මිනීවලක්
රටපුරාම – වදක බිමක්
කවුද කළේ – හොයාපියව්
පරසක්වළ – ගසාපියව්

ශානි රවී – මේ අහන්න
දෙන්න එක්ක – උතුරෙ යන්න
රට ජාතිය – බේරගන්න
මිනීමරපු – හැටි හොයන්න

විජේවීර – ගමනායක
ඉසෙයිප්‍රියා – බාලචන්ද්‍රන්
මැරුවෙ කවුද – හොයන් නැතිව
අනුර , හරිනි – හොරට බුදිද

කව්දැයි කව්දැයි – ආණ්ඩු කරන්නේ
අනුරයි හරිනියි – ආණ්ඩු කරන්නේ
මොකටද මොකටද – ආණ්ඩු කරන්නේ
ඇත්ත වහන්නයි – ආණ්ඩු කරන්නේ

ආණ්ඩුවේ – මහ උන්ගෙන්
හොඳින් තමයි – මේ අහන්නේ
උතුරෙ දකුණෙ – මිනි මරුවන්
කවදද තොපි – අල්ලන්නේ

අල්ලපියව් – මේ මරුවෝ
සිවිල් වැසියෝ – මැරු මරුවෝ
උසාවියට – දක්කාලා
හිරේ දමව් – මිනි මරුවෝ

හැට දාහක් – දකුණෙ මැරුවා
ඒ ඔක්කොම – හොයා පියව්
පනස් දහක් – උතුරෙ මැරුවා
ඒ මරුවොත් – අල්ලපියව්

ආණ්ඩුවට – මේ කියන්නෙ
එකක් නෑර – සොයා පියව්
ඇයිද මැරුවේ – කියාපියව්
උසාවියට – දක්කපියව්

මූණු බැඳං – උස්සං ගිය
දහස් ගණං – හොයන්න බැරි
OMP – හොර නඩේට
අකුලාගෙන – යන්න කියව්

OMPයට – එන්න කියාපිය
මේවට උත්තර – දෙන්න කියාපිය
උතුරේ දකුණේ – උස්සං ගිය උන්
හොයන්න බැරිනම් – යන්න කියාපිය

රණවිරු නඩේට – එන්න කියාපිය
මෙව්වට උත්තර – දෙන්න කියාපිය
උතුරු නැගෙනහිර – වලේ දමාගිය
ගෑනුන් මිනිසුන් – කවුද කියාපිය

චෙම්මනියට – කොමිසමයි
බටලන්දට – කොමිසමයි
පාස්කුවට – කොමිසමයි
ඇත්ත වහන – සමයමයි

කමිටු කමිටු – එපා කමිටු
ආණ්ඩුවේ – රබර් කමිටු
අපට එපා – සූප්පු කටු
ගේන්න එපා – පෙරේත ගොටු

වොල්කර් ටර්ක් – කොමසාරිස්
ජිනීවා මහ – කොමසාරිස්
දවල් මිගෙල් – රෑ දනියෙල්
බටර් එපා – කොමසාරිස්

ජිනීවා ඉන්න – හැම කොමාම
ඇමරිකාවේ – හිරකරුවෝ
ආණ්ඩුවල – කස කරුවෝ
මයික්වලට – මුන් විරුවෝ

බුදුන් වැඩිය -ධර්ම දීපේ
රටපුරාම – මිනීවළක්
තවත් බලං – ඉන්න එපෝ
මේ වලවල් හාරපියෝ

නිකවැරටිය – වල්පිට ෆාම්
වවුල් කැලේ- හෝකන්දර
බොල්ගොඩ වැව – වල්පිට වල
මේ වළවල් – හාරපියෝ

කලවන්චිකුඩි – අංකුඹුරත්
කිලිනොච්චිය – ගනේෂපුරම්
දුරෙයිඅප්පා – මුරුසුවිලුත්
මේ වළවල් – හාරපියෝ

මේ වලවල – මිනී දාපු
දස මරුවන් – අල්ලපියෝ
උසාවියට – අරන් ගිහින්
මුන් දගගෙට – දක්කපියෝ

අරුම පුදුම – මේක රටක්
තොග ගානට – මරණ රටක්
කපලා කොටලා – වල දාලා
හිමිජ්ජො වගෙ – ඉන්න රටක්

යුක්ති ධර්මේ – ලබා ගන්න
උතුර දකුණ – එකතු වෙයව්
දෙකෙන් එකක් – බේර ගන්න
එකා වගේ – සටන් වදිව්

සටනින් තොර – ජයක් නැතේ
බලය ඇත්තේ – අපේ අතේ
සාධාරණේ – ලබා ගන්න
හඬා වැටී – පලක් නැතේ

වරෙව් වරෙව් – පෙරට වරෙව්
කම්කරුවනි – පෙරට වරෙව්
පීඩිතයිනි – වින්දිතයිනි
දිනන තුරුම – සටන් වදිව්

කපා කොටා – කෑලි කපා
වළලා දානු – සිතනු එපා
මිනී මරුවෝ – අල්ලනතුරු
පාර දිගේ – අපි එනවා

සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වුහ. පසුව විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් පා ගමින් ජනාධිපති ලේකම් කාර්යලය දක්වා ගමන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *