83 කළු ජුලියට වසර 42 යි, ජුලිය තවමත් කළුයි !
1983 ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව සිංහල ස්වෝත්තමවාදීන්ව දෙමළ ජනයාට එරෙහිව උසිගැන්වීම නිසා 83 නේ ජුලි 23 වනදා එනම් අද (23) වගේ දවසක සිදුකරන ලද ජන සංහාරයට විරෝධය පල කර සහ එම සංහාරයෙන් මිය ගියවුන් සිහිපත් කර බොරැල්ල කනත්ත ඉදිරිපිට වටරවුමේ නිහඩ විරෝධතාවයකින් පසු විරෝධතාකරුවන් ඉටින්දම් දල්වා මරා දැමුවන් සිහිපත් කළහ.
දෙමළ ජන සංහාරය අමතක නොකරමු යනුවෙන් එම විරෝධතාවය සංවිධානය කරන ලද්දේ , උතුර දකුණ සහෝදරත්වය නමැති සංවිධානය මගින්ය.
83 කළු ජුලියට වසර 42 ක් ගත වි ඇතත් සංහාරයට ගොදුරු වුවන්ට මෙතෙක් බලය හොබවන ලද අනුප්ර්රාත්තික ආණ්ඩු යුක්තිය ඉෂ්ට කර නැත. කොළඹ හා සිංහලයන් ජිවත් වු අනෙකුත් පළාත් වල දෙමළ ජනයා මරා දමා හෝ එම ප්රදේශ වලින් පන්නා දමා ඔවුන්ගේ දේපල සිංහල වර්ගවාදින් කොල්ල කෑහ. වර්ගවාදීන් මේ හපම්කම් කරන ලද්දේ හමුදාවේ සහ පොලිසියේ පුර්ණ අනුග්රාහය ඇතිවය.
ජේ. ආර්. ජයවර්ධන 83 කළු ජුලිය පිට දමා ජනතා විමුක්ති පෙරමුණ , නව සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය තහනම් කරන ලදී. පසුව නව සම සමාජ සහ කොමියුනිස්ට් පක්ෂ වල තහනම ඉවත් කළ ද ජිවිපෙ තහනම ඉවත් නොකරන ලදි.






