අන්තවාදීන් මාධ්‍යවේදී සුහයිල්ට පහර දීමට එරෙහි වෙමු!

0
WhatsApp Image 2025-07-21 at 18.50.06

නිදහස් මාධ්‍යවේදී ආර්. එෆ්. එම්. සුහයිල්ට නුවර එළියේ මීපිලිමාන අල් ෆලාන් ජුම්මා මස්ජිද් පල්ලියේ දායක සභාවට කැදවා එහි අන්තවාදීන් පිරිසක් අතින් පයින් පහර දීම නිසා ඔහු නුවරඑළිය දිස්ත්‍රික රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සිද්ධිය සිදු වී ඇත්තේ ජුලි 18 වනදා සවස 1.30 පමණය. සුහයිල් පහර කෑමෙන් අනතුරුව නුවර එළියේ පොලිසියේ පැමිණිල්ලක් දමා නුවරඑළිිය දිස්ත්‍රික් රෝහලට ඇතුල් වී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

අල් ෆලාන් මස්ජිදයට අලුතෙන් පත් වු දායක සභාව 1956 අංක 51 දරණ මුස්ලිම් පල්ලි හා පුණ්‍යායතන භාර හෝ වක්ෆ් පනත පටහැනිව සකස් කරන ලද ව්‍යවස්ථාව සුහයිල් විවේචනය කළා යැයි මෙසේ පහර දී තිබිණ.

අල් ෆලාන් මස්ජිද පලිල්යට අලුතින් පත් වු දායක සභාව විසින් සකස් කරන ලද ව්‍යවස්ථාව කියවා අත්සන් කර සති දෙකක් ඇතුළත නැවත ව්‍යවස්ථාව භාර නොදුන හොත් සමාජිකත්වය අහෝසි කරන බවට එම දායක සභාව සමාජිකයන්ට තර්ජනය ඇත.

අන්තවාදීන් මාධ්‍යවේදී සුහයිල්ට පහර දීමට එරෙහි වෙමු!

මාධ්‍යවේදී ආර්.එෆ්.එම්‍. සුහයිල්

අල් ෆලාන් මස්ජිද් පල්ලියේ දායක සභාව විසින් සකසන ලද ව්‍යවස්ථාවේ ආඥාදායක ස්වරූපය විවේචනය කරමින් මාධ්‍යවේදී සුහයිල් එම පල්ලියේ දායක සභාවට යන ලද ලිපිය සම්බන්ධව සාකච්ජා කරන්න යැයි කියා ගෙන්වාගෙන පහර දී අත්තේ මොහොමඩ් අලි සහ මොහොම මුබාරක් යන අන්තවාදීන් විසිනි. මුබාරක් පල්ලියේ කාරක සභා සමාජිකයෙකු වන අතර අලී සමාජිකයෙකු පමණි. මාධ්‍යවේදියාට පහර දෙන අවස්ථාවේ අල් ෆලාන් මස්ජිද් පල්ලියේ මව්ලවි ඇතුළු දායක සභාවේ සමාජිකයන් 15 පමන පිරිසක් එම ස්ථානයේ සිටි බව සුහයිල් අප සමග පැවසිය.

මුලින් දායක සභාව මාධ්‍යවේදී සුහයිල්ගේ ලිපිය කිවා ඇති අතර පසුව එම ලිපිය ඉල්ලා අස්කර ගන්නැයි මොහොමඩ් අලි මාධ්‍යවේදීයාගෙන් ඉල්ලා ඇති බවත් ඉල්ලා අස් කර ගන්න බැරි නම් පාරේදී අපේ ලොරි වලත් බ්‍රෙක් නැති වෙන්න පුළුවන් යැයි තර්ජන කළ බවත් සාමකාමීව සාකච්ජා කරන්න යැයි කියා ගෙන්වා ගෙන මෙහෙම කරන එක හරිද කියා සුහයිල් මව්ලවිගෙන් ප්‍රශ්න කර ඇත.

“මේ පල්ලියේ ව්‍යවස්ථාව හදන්නේ අපිට ඔින විධියට . අවුරුදු ගානක් තිස්සේ කර ගෙන ආවේ එහෙම තමා. උඹට ඔින විධියට නීති වෙනස් කරන්න බැහැ . අපි කියන විධියට ඉන්න බැරි නම් උඹ ගමෙන් පලයන්. උඹ ලිපිය ඉල්ලා අස්කර ගන්නවා දැයි කියා” අන්තවාදීන් සුහයිල්ගෙන් විමසා ඇත . ඔහු ලිපිය ඉල්ලා අස් කර නොගන්නා බව ප්‍රකාශ කරනවාත් සමග අන්තවාද‍ීන් මාධ්‍යවේදීයාට පහර ද‍ි ඇත.

සුහයිල්ට පහර දුන් අලී සහ මුබාරක් යන දෙනා පොලිසියට අද (21) උදේ භාර වී ඇති අතර පසුව පොලිසිය ඔහුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ. ඇප මත නිදහස් වු සැකකරුවන් සුහයිල්ගේ බිරිද ට සහ පියාට තර්ජනය කර තිබිණ.

මාධ්‍යවේදී සුහයිල් පහර කෑමට ලක් වන්නේ රැකියාවේ නිරත මොහොතක නොවුනත් ඔහුට පහර දෙන්නේ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතියට තහංචි දමමින්ය. අන්තවාදීන් ඔහුට පහර දෙන්නේ සුහයිල් මාධ්‍යවේදීයෙකු බව දැන ගෙනමය. නුවරඑළියේ මාධ්‍ය සංවිධාන ඇතුළු සංවිධාන සුහයිල්ව මග හරින්නේ රැකියාවට සම්බන්ධ ප්‍රශ්නයක් නොවෙි යැයි කියමින්ය. ඔහුගේ සිද්ධියත් සමග මාධ්‍ය සංවිධාන වල බංකොලොත් බව එළිමහනට කාන්දු වී ඇත.

සුහයිල් විසින් දායක සභාවට යවන ලද ලිපිය පහතින් පල වේ.

අන්තවාදීන් මාධ්‍යවේදී සුහයිල්ට පහර දීමට එරෙහි වෙමු!
අන්තවාදීන් මාධ්‍යවේදී සුහයිල්ට පහර දීමට එරෙහි වෙමු!
අන්තවාදීන් මාධ්‍යවේදී සුහයිල්ට පහර දීමට එරෙහි වෙමු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *